• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් ගමේ වැඩ පහළට පවරයි

November 28, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
බැසිල් ගමේ වැඩ පහළට පවරයි
Share on WhatsAppShare on Facebook

මෙවර අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේදි ග්‍රාමීය කමිටුවලින් ඉදිරිපත් කරන සංවර්ධන යෝජනා ප්‍රමුඛතාගත කර පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් ක්‍රියාත්මක කිරීම පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත පැවරෙන බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ,දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරුන් සමඟ ඊයේ (27) පස්වරුවේ කොළඹදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.

විශේෂඥ කමිටුවලින්, අමාත්‍යංශ වලින් ලබාගත් අදහස් මෙන්ම ගම සමඟ පිළීසඳරක් වැඩසටහන යටතේ ජනතාවගෙන් ලබාගත් අදහස්ද උපයෝගී කරගනිමින් පසුගිය ජනාධිපතිවරණයේදි ඉදිරිපත් කළ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවේ ඉලක්ක සපුරා ගැනීමේ අරමුණින් ඉදිරිපත් කළ 2021 අයවැය යෝජනා ජනතාව අතරට ගෙනයාම ප්‍රායෝගීක කිරීම මේ තුළින් බලාපොරොත්තු වෙයි. එහිදී සංවර්ධන ප්‍රමුඛතාවයන් කොටස් 06ක් ඔස්සේ එම යෝජනා ප්‍රමුඛතාගත කිරීමේ කාර්යභාරය පළාත් සහ දිස්ත්‍රික් නිලධාරින් වෙත පැවරෙයි.

2021 අයවැය යෝජනාවලියෙන් ඒ ඒ අමාත්‍යාංශ සහ අමාත්‍යවරුන් ගේ විෂය පථයන්ට අදාළව ඉදිරිපත් කළ යෝජනා විධිමත්ව ගම් මට්ටමින් ක්‍රියාවට නැංවීමේ ක්‍රියාවලිය සම්බන්ධීකරණය ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධීපති කාර්ය සාධන බලකාය මූලිකත්වය ගෙන කටයුතු කරයි.

මෙහිදි ආර්ථීකය නගාසිටුවීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති යෝජනා ග්‍රාමීය මට්ටමෙන් ක්‍රියාත්මක කළ යුත්තේ කෙසේද යන්න පිළිබඳව ගම් 14,000ක ජනතාවගේ අදහස් හා යෝජනා ලබාගැනීමට “ගම සමඟ පිළිසඳරක්” වැඩසටහන තවදුරටත් පුළුල් කර එහිදී නියෝජනය නොවූ පිරිස්වල සහ රාජ්‍ය නිලධාරින්ගේ සහයෝගය ලබාගැනීමට “වැඩ සමඟ යළි ගමට” වැඩසටහන් මාලාව පළාත් මට්ටමින් දියත් කිරීම දෙසැම්බර් 14 දින සිට 21 දින දක්වා ක්‍රියාත්මක කරන බව බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසුවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා.

අපි බලාපොරොත්තු වෙන්නේ මෙවර මහජන නියෝජිතයින් , රජයේ නිලධාරීන්, ගමේ සිටින ප්‍රජා සංවිධානවල නියොජිතයින් ඒ වගේම අනෙකුත් සංවිධාන සහභාගී කරගෙන මෙම ග්‍රාමීය කමිටුවලට ඉදිරිපත් කරන ගමේ ජනතාවගේ යෝජනා තවදුරටත් විධිමත් ලෙස අධ්‍යනය කරමින් ඒවා ප්‍රමුඛතාගත කරන්නයි.

මෙවර අයවැයෙන් ග්‍රාමීය නිෂ්පාදන කර්මාන්ත දියුණුවට තවත් රුපියල් මිලියන 2000ක් වෙන්කර තිබෙනවා. මේ තුළින් කාන්තා ව්‍යවසායකයින් බිහිකර ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කිරීම සඳහා ග්‍රාමීය මට්ටමින් වෙළඳසැල් ආරම්භ කරනවා. හැම ගමකට ම ගිහිල්ලා ගමේ ජනතාවගේ ඉල්ලීම් වලට සවන් දෙමින් ඔවුන් සහභාගී කරගෙන “වැඩ සමඟ යළි ගමට” ක්‍රියාත්මක කිරීම රජයේ අරමුණයි. මෙම අයවැය සැබැවින්ම ශ්‍රී ලාංකීය අනන්‍යතාවයන්ට, සංස්කෘතියට හා දේශිය නිෂ්පාදනය මුල් කරගත් අයවැයක් බවත් ඒ සඳහා පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් මැදිහත් වන ලෙස රාජ්‍ය නිලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

අමාත්‍යංශයෙන් අමාත්‍යංශයට ක්‍රමවේදයන් එකිනෙකට වෙනස්. ඒ වගේම ග්‍රාමීය මට්ටමින්ද විවිධ අදහස් හා යෝජනා එන්න පුළුවන් ඒ නිසා ගමේ ප්‍රධාන කමිටුවක් හරහා ප්‍රමුඛතාගත කරලා ප්‍රාදේශීය සංවර්ධන කමිටුවලදි අනුමත කරලා අයවැය යොජනා ක්‍රියාත්මක කළ යුතුයි. මේ තුළින් වඩාත් ඵලදායී ලෙස රටේ සංවර්ධන කටයුතු සිදුකරගන්න පුළුවන්.
සමූපකාර පාරිභෝගික අංශය පසුගිය රජය සමයේ අඩපණ වුණා. අපි නැවත ඒ අංශය නගාසිටුවන්න ඕන. එමෙන්ම ධාන්‍ය නිෂ්පාදන ආරක්ෂා කිරීමට ගබඩා පහසුකම් ගම් මට්ටමින් ලබාදීමටත් අපි කටයුතු කරනවා. අප මූලික ප්‍රමුඛතා දෙන ක්ෂේත්‍රයන් කිහිපයක් තිබෙනවා. ඒ අනුව මෙවර අයවැයෙන් අපි අධ්‍යාපනය සෞඛ්‍ය සහ සමාජ සුභසාධනය යන ක්ෂේත්‍ර සඳහා ප්‍රමුඛතාවය ලබාදෙනවා. ගමට සන්නිවේදනය යටතේ අධිවේගි අන්තර්ජාල පහසුකම ගමට ලබාදීමට අපි කටයුතු කරනවා. ග්‍රාමීය පාසල් වල දුරස්ථ අධ්‍යාපන දියුණුවට තවත් මිලියන 3000ක් වෙන් කර තිබෙනවා. අපේ මේ වැඩසටහන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කර ඔවුන්ගේ සහය තුළින් ඵලදායී සංවර්ධන ඉලක්ක සපුරාගැනීම අපේ අරමුණයි.

මෙම අවස්ථාවට පළාත් ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් අමාත්‍යංශ ලේකම්වරුන් ,දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා දිස්ත්‍රික් සැලසුම් අධ්‍යක්ෂවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහභාගි වූහ.

SendShareShare
Previous Post

ශ්‍රේණිගත කිරීමෙන් පහළ දැම්මාට ෆිච් රේටිං එක්ක ආණ්ඩුව හැප්පෙයි

Next Post

විමල් කොළඹ මිනිස්සුන්ට බඩු බෙදීම අරඹයි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.