විනය පරීක්ෂණ චෝදනා මත ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අභ්‍යන්තරයේ ලියුම් යුද්දයක් හටගෙන ඇත.
ඒ අනුව ඊයේ (04දා) දිනයේදී ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ශ්‍රීලනිප පාක්ෂිකයන් වෙත ලිපියක් යොමුකර ඇති අතර, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනාය කුමාරතුංග මහත්මියද ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇත.
දයාසිරි ජයසේකර මහතා සිය ලිපිය මගින් හිටපු ජනාධිපතිනිය වෙත චෝදනා රැසක් එල්ලකර ඇති අතර, ඇය ශ්‍රීලනිපය දෙකඩ කිරීමේ කටයුත්තක නිරත වෙමින් සිටින බවට චෝදනා කර ඇත.
ඊට පිළිතුරු දෙමින් හිටපු ජනාධිපතිනිය සිය ලිපිය මගින් සදහන් කොට ඇත්තේ තමන් විනය කඩකොට නොමැති බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ විනය කඩකොට ඇති බවත්, ඔහුට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවත්ය.
මේ අතර අද (05දා) දිනයේදී චන්ද්‍රිකා මැතිනියගේ ප්‍රධානත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී විශේෂ සමුළුවක් පැවැතවීමට නියමිතය. ඊට මේ දිනවල මහත් ආන්දෝලනාත්මක චරිතයක් වන කුමාර වෙල්ගම මහතාද සහභාගි වීමට නියමිතය.
මේ අතර හිටපු ජනාධිපතිනිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සදහා අද සවස ජනාධිපතිවරයා විසින් විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක්ද කැදවා ඇත.