අද (05) සවස පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගි නොවන බව දැනගන්නට තිබේ.
ඒ අනුව පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වන ආචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා අද දින මධ්‍යම කාරක සභා රැස්වීම මෙහෙයවනු ඇති බව පැවසේ.
මෙම මධ්‍යම කාරක සභා රැස්වීමේදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා මැතිනිය පක්ෂයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.