• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් 5000ක පඩි වැඩි කිරීමක් ඉල්ලයි

May 1, 2021
in Exclusive
Reading Time: 8 mins read
A A
ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් 5000ක පඩි වැඩි කිරීමක් ඉල්ලයි
Share on WhatsAppShare on Facebook

රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ගේ වැටුප් රුපියල් 5000 කින් වැඩිකිරීම ඇතුලු තවත් ‌යෝජනා 21ක් සහිත ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට අනුබද්ධ වෘත්තිය සමිති නායකයින් විසින් අත්සන් කරන ලද “21 ට 21 ක් වැඩබිම ජයගමු ” මැයි දින ‍යෝජනාවලිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන් වෙත අද දිනයේ පිළිගන්වන ලදී.

මෙම අවස්ථාව සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මහලේකම් දයාසිරි ජයසේකර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැයි දින කමිටුවේ සභාපති ලෙස කටයුතු කල දුමින්ද දිසානායක, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන් ඇතුලු පිරිසක් සහභාගී විය.

2021 ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් නිදහස් පක්ෂය රජයට ඉදිරිපත් කරනු ලබන මෙම යෝජනා 21 මෙසේය,

යෝජනාව : 01
දැනට උග‍්‍ර වෙමින් පවතින කෝවිඞ්-19 වසංගත තත්ත්වය තුළ අපේ සෞඛ්‍ය අංශ/ ආරක්‍ෂක අංශ ඇතුළු ඉදිරිපෙල සේවා සපයන්නන්ගේ ජීවිත අවධානමට ලක් නොකර කොවිඞ් රෝගය වැළඳුන පිරිස් සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේදයක් තුළ නිවෙස් තුළ නිරෝධායනය කිරීමට අවස්ථාව සලසාදීම සහ රජය මගින් එය නියාමනය කිරීම.

යෝජනාව : 02
රටතුළ පවතින ජීවන වියදම් අර්බුදය උග‍්‍රවී ඇති බැවින්, රාජ්‍ය අංශය, රාජ්‍ය ව්‍යාපාර, හා පෞද්ගලික අංශයේ සියලුම සේවකයින්ගේ වැටුප රු. 5,000/- කින් වැඩි කිරීමට කටයුතු කිරීම.

යෝජනාව : 03
නිත්‍ය රාජකාරී සඳහා කොන්ත‍්‍රාත්කරුවන් මගින් සේවය ලබාගැනීම තහනම් කිරීම සහ ලංකාවේ සියලුම සේවකයින්ගේ විශ‍්‍රාම යාමේ වයස අවු. 60 දක්වා දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ සම්මත කර ඇති යෝජනාව වහා ක‍්‍රියාත්මක කිරීම.

යෝජනාව : 04

  1. 1. රාජ්‍ය සේවයේ අනියම්, ආදේශක, කොන්ත‍්‍රාත් හා ස්වේච්ඡුා පදනමින් දැනට සේවය කරනු ලබන දින 180 සම්පූර්ණ කරන ලද සේවකයින්ගේ සේවය ස්ථීර කිරීම.
  2. 2. රාජ්‍ය සේවකයන් සඳහා දැනට ක‍්‍රියාත්මක වන අග‍්‍රහාර රක්‍ෂණ ක‍්‍රමය රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල සේවකයින්ටද ක‍්‍රියාත්මත කිරීම.
  3. 3. රාජ්‍ය සේවකයින් සඳහා ගෙවනු ලබන ආපදා ණය මුදලේ උපරිම ණය සීමාව රු. 250,000/- සිට රු. 400,000/- දක්වා වත් අඩුම තරමින් වැඩි කිරීම.

යෝජනාව : 05
06/2006 රාජ්‍ය පරිපාලන වැටුප් චක‍්‍රලේඛනය අනුව වැටුප් පරිවර්තනය කිරීමේදී ශ‍්‍රීලංගම, තැපැල් ඇතුළු රාජ්‍ය ව්‍යස්ථාපිත ආයතනවල සහ මණ්ඩලවල සිදුව ඇති වැටුප් විෂමතා කඩිනමින් ඉවත් කිරීම හා 1999-05-17 බඳවාගත් නිලධාරීන් 2005 ගුරු සේවයට අන්තර්ග‍්‍රහණය කිරීමේදී ඔවුන්ට අහිමි වී ඇති සේවා කාලය ගුරු සේවයට එකතු කිරීම.

යෝජනාව : 06
රටේ ආර්ථිකයට සෘජුවම බලපාන ආයතන හා සේවාවන් පෞද්ගලීකරණය නොකිරීම.

යෝජනාව : 07
රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය වැඩි කිරීම උදෙසා සෑම ආයතනයකටම එම ආයතනයේ කටයුතුවලට අනුකූල වන ලෙස ඵලදායීතා සංවර්ධන අංශයක් (PRODUCTIVITY DEVELOPMENT BRANCH) පිහිටුවීම හා එම අංශ විසින් ඒ ඒ ආයතනවල ඵලදායීතාවය වැඩි කිරීම සඳහා සැලසුම් සැකසීම හා ක‍්‍රියාත්මක කිරීම.

යෝජනාව : 08
රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගන්නා සේවකයින්ගේ සේවා සුරක්ෂිතතාවය ඇති කරමින් ඔවුන් සඳහා නිශ්චිත ඵලදායී සේවාවක් ස්ථාපනය කිරීම. (එය 6/2006 රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛනය අනුව බඳවාගැනීමේ ක‍්‍රියාපටිපාටියට බාධා නොවන පරිදි)

යෝජනාව : 09
විශ‍්‍රාමික රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විෂමතාවන් ඉවත් කිරීම.

යෝජනාව : 10
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛව පොදුජන එක්සත් පෙරමුණ විසින් ඇති කරන ලද සමෘද්ධි අධිකාරිය, දෙපාර්තමේන්තුවක් බවට කිරීමේදී පැනනැගී ඇති විශ‍්‍රාම වැටුප් ඇතුලු ඉතිරි ගැටලු සියල්ල වහා විසඳීමට කටයුතු කිරීම.

යෝජනාව : 11
දහම් පාසල් ගුරුවරුන් හා පෙරපාසල් ගුරුවරුන්ට ස්ථීර වැටුපක් ලබාදීමත්, ඔවුන්ගේ රැකියා අවස්ථාවන් ආරක්‍ෂා කිරීම සහ පෙරපාසල් දීපව්‍යාප්තව ප‍්‍රමිතිගත කිරීම හා නියාමනය කිරීමට වැඩපිළිවෙලක් සැකසීම.

යෝජනාව : 12
2019 වර්ෂයේදී රාජ්‍ය සේවකයින්ට ලබාදුන් රු. 2,500/- ක දීමනාව සියලු රාජ්‍ය ව්‍යාපාරවල සේවකයින්ටත් වහාම ලබාදීම.

යෝජනාව : 13
තී‍්‍රරෝද රථ, පෞද්ගලික ප‍්‍රවාහන සේවා වැනි සේවාවන්හි යෙදෙන සේවකයින්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා වූ නියාමන ආයතනයක් ඇති කිරීමට අවශ්‍ය කටයුතු කිරීම හා ඔවුන් වෙනුවෙන් විශ‍්‍රාම වැටුප් යෝජනා ක‍්‍රමයක් ඇති කිරීම.

යෝජනාව : 14
කාන්තා අයිතීන් සුරකිමින් සියලු රාජ්‍ය සේවකයින්ට හිමි දින 84 ක ප‍්‍රසූත නිවාඩුව අභ්‍යාසලාභී උපාධිධාරීණියන්ටද ලබාදීම.

යෝජනාව : 15
35,000 කට ආසන්න සමූපකාර සේවකයින් වෙනුවෙන් දැනට රටේ පවතින කම්කරු නීතිරීතිවලට අනුව අවම වැටුපක් හා උසස්වීම් ක‍්‍රමවේදයක් යෝජනා කිරීම හා වැටුප් ක‍්‍රමයක් හදුන්වාදීම.

යෝජනාව : 16
1999/12/30 ප‍්‍රකාරව සම්මත කළ පනත අනුව තමන් කැමති වෘත්තීය සමිතියක් සඳහා ඇතුලත් වීමට ඇති අයිතිය තහවුරු කිරීම සහ සමහර සමිති විසින් මෙම අයිතිය නැති කිරීමට දරන උත්සාහය වහාම නතර කිරීම.

යෝජනාව : 17
වැවිලි අංශයේ සේවකයින්ගේ දෛනික වැටුප් රු. 1,000/- දක්වා වැඩිකිරීමට රජය ගෙන ඇති පියවරට ප‍්‍රසාදය පළ කරන අතර, හාම්පුතුන් එම දීමනාව කප්පාදු කිරීම සඳහා සේවකයින් වැඩ කළයුතු සීමාව සහ ඔවුන් ලබාදිය යුතු ඵලදායීතා ඉලක්ක අත්තනෝමතික ලෙස වැඩිකිරීම තරයේ හෙලා දකින අතර, එම ක‍්‍රියාවන් නවත්වාලීමට රජය මැදිහත් වීම.

යෝජනාව : 18
(අ) රාජ්‍ය පරිපාලන සේවයේ තනතුරු සඳහා නිලධාරීන් පත්කිරීමේදී ශ‍්‍රී ලංකා පරිපාලන සේවයට ප‍්‍රමුඛතාවය ලබාදීම සහ රාජ්‍ය සේවයේ උසස්වීම්වලදී එම තනතුරු සඳහා පත්වීමට ඔවුන්ට ඇති බාධාවන් ඉවත් කිරීම.

(ආ) දිස්ත‍්‍රික් ලේකම් කාර්යාල, ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුලු ග‍්‍රාමීය මට්ටමේ සේවය කරන ක්ෂේත‍්‍ර නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලදී දේශපාලන බලපෑම්වලින් තොරව ස්වාධීනව කටයුතු කිරීමට අවස්ථාව සලසාදීම.

යෝජනාව : 19
ස්ථානමාරු ප‍්‍රතිපත්ති සකස් කිරීමේදී සෑම සේවකයෙකුටම තම පදිංචි ප‍්‍රදේශයේ ආසන්නතම සේවා ස්ථානයක් ලබාදීම හා සේවා අවශ්‍යතාවය මත ස්ථානමාරු ලබාදීමේදී එම සේවා ස්ථානයට ආසන්න නේවාසික පහසුකම් සැපයීම සහ ඔවුන්ගේ දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී ප‍්‍රමුඛතාවය ලබාදීම. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් වෙනුවෙන් සෑම ප‍්‍රදේශ‍්‍රීය කොට්ඨාශයකම දිවාසුරැකුම් මධ්‍යස්ථාන ඇති කිරීම.

යෝජනාව : 20
ලංකාවේ අවිධිමත් සහ ස්වයං රැුකියාවල යෙදෙන ලක්ෂ ගනනාවක් වූ පිරිස කොවිඞ් වසංගතයෙන් පීඩා විදින අතර, ඒ සඳහා සාමාජික ආරක්‍ෂණ අරමුදලක් වහාම ඇති කිරීමට කටයුතු කිරීම සහ විදෙස්ගත සේවකයින් ඉක්මණින් ගෙන්වා ගැනීම සඳහා ක‍්‍රමානුකූල වැඩසටහනක් ක‍්‍රියාත්මක කිරීම සහ එම විදේශගත ශ‍්‍රමිකයින්ගේ පවුල්වල සුබසාධනය කෙරෙහි විශේෂ අවධානය යොමුකිරීම.

යෝජනාව : 21
ත‍්‍රිවිධ හමුදා, පොලිස් හා සිවිල් ආරක්ෂක බලකා රණවිරුවන් සහ ධීවර, කෘෂි ආදී ක්ෂේත‍්‍රයන්හි නියලෙන්නන් වෙනුවෙන් සමාජීය, ආර්ථික හා සුබසාධන කාර්යයන් තවදුරටත් උපරිම අයුරින් ඉටු කිරීම.

SendShareShare
Previous Post

චිප් එක විසිවෙයි: කෝඩ් එකක් එයි

Next Post

සති 2ක් යනකම් රෑ 10න් පසු නොනගතය!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.