රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමේ කටයුතු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් ආරම්භ කරනු ලැබීමෙන් අනතුරුව රියදුරු බලපත්‍රයට නව විශේෂාංග කිහිපයක් එක් කිරීමත් යුද්ධ හමුදාව කටයුතු කරමින් සිටී.
ඒ අනුව වර්තමානයේ භාවිතයට ගැනෙන චිපයක් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට කේතයක් සහිත රියදුරු බලපත්‍රයක් ඉදිරියේදී හඳුන්වා දීමට නියමිතය .
එමඟින් රියදුරු බලපත්‍ර ආශ්‍රිතව සිදුකරන ලබන අක්‍රමිකතා රැසක් වළක්වා ගැනීම අරමුණ වී ඇත.
එසේම නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සිය රාජකාරි කටයුතුවලදී පහසුවක් සැපයීම මෙම කේත ක්‍රමය හඳුන්වා දීමේ තවත් අරමුණ වී ඇත.
එසේම මේවන විට රියදුරු බලපත්‍ර මුද්‍රණය කිරීමට භාවිත කරන මෘදුකාංගය දකුණු අප්‍රිකානු සමාගමක් මඟින් සංවර්ධනය කළ මාදුකාංගයක් වන අතර ඊට වාර්ෂිකව අති විශාල මුදලක් වැය කිරීමටද සිදුවන බව පැවසේ. එබැවින් ඉදිරියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් මේ සඳහා උචිත මෘදුකාංගයක් සංවර්ධනය කිරීමට නියමිතය.
2020 ජුලි මස 01 වන දින ගන්නා ලද කැබිනට් තීරණයට අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තුමේන්තුවේ ශ්‍රී ලංකා රියදුරු බලපත් මුද්‍රණය කිරීමේ ක්‍රියාවලිය 2021 ජනවාරි මස 01 වන දින සිට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙත පවරා දෙනු ලැබිණ.