• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානි කළා! මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකළා! 25 වැනිදාට කතානායකට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් ‌ගේන්න ගම්මන්පිල සූදානම් වෙයි!

April 18, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට හානි කළා! මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩකළා! 25 වැනිදාට කතානායකට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් ‌ගේන්න ගම්මන්පිල සූදානම් වෙයි!
Share on WhatsAppShare on Facebook

මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ කතානායකවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය (Supreme Court Determination) නිවේදනය කරනු ලැබීමේදී පෙත්සම්කාර මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩ වූ බව දන්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල කතානායක මහින්ද යාපා අබේවර්ධනට ලිපියක් යොමු කර ඇත.

එම පනත් කෙටුම්පතේ කිසි ම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇතැයි කතානායකවරයා විසින් නිවේදනය කරනු ලැබීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට බරපතළ ලෙස හානියක් සිදු වූ බව ද මෙහි දන්වා තිබේ.

මේ පිළිබඳව අප්‍රේල් 25 දින පාර්ලිමේන්තුවේදී කතානායකවරයාට සහ ඔහුගේ මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අපේක්ෂා කරන බව ද මන්ත්‍රීවරයා ලිපියෙහි සඳහන් කර තිබේ.

එහි මෙසේ සඳහන් ය.

“මහ බැංකු පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ එය අතිශයින් ම තීරණාත්මක මෙන් ම පරිපූර්ණ ලේඛනයක් ලෙස වර්ණනා කරමින් එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්නේ කඩාකප්පල්කාරීන් ලෙස සමහරෙක් සඳහන් කරන ලදී. එසේ වුවද මෙම ලියැවිල්ලේ පවතින අතිශයින් ම භයානක විධිවිධාන මෙන් ම දුර්වලතා හේතුවෙන් මා ඇතුළු පෙත්සම්කරුවන් හත්දෙනෙක් මෙකී පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන ලදී. ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මැතිතුමා ප්‍රමුඛ නීතිඥ මඬුල්ලක් අප වෙනුවෙන් නොමිලේම පෙනී සිටින ලදී.

2022 අප්‍රේල් 4 දින ඔබතුමා විසින් මහ බැංකු පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණය පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදී. එහිදී ඔබතුමා සඳහන් කළේ එකී කෙටුම්පතේ කිසි ම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවයි.

නමුත් ශ්‍රේෂ්ඨාධිකරණ නිර්ණයේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ නීතිපති විසින් සංශෝධන 80ක් යෝජනා කරනු ලැබ තිබිණි. එවැනි දැවැන්ත සංශෝධන ගණනක් යෝජනා වුණු මහ බැංකු පනත් කෙටුම්පත මා දන්නා ඉතිහාසයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වඩාත් ‍දෝෂ සහිත පනත් කෙටුම්පතයි.

ඉතිහාසයේ ඉදිරිපත් වුණු වඩාත් දුර්වල ම පනත් කෙටුම්පතක් කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව නිවේදනය කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට බරපතළ ලෙස හානියක් සිදු විය. එය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමට තුඩු දෙන කරුණකි. එමෙන් ම පනත් කෙටුම්පතේ දුර්වලතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ඉදිරිපත් කළ නීතිඥ මඬුල්ලට ද නිගාවකි. පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ පෙත්සම්කරුවන් ද අසීරුතාවට පත් කිරීමකි.

ඉහත කරුණු මත මහ බැංකු පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ඔබතුමා කළ ප්‍රකාශය වහා ම නිවැරදි කිරීමට ඉදිරිපත් වීම පෙත්සම්කාර මන්ත්‍රීවරයෙකු ලෙස මා කර මත පැටවුණු වගකීමක් විය. එහිදී ඔබතුමාගේත් පාර්ලිමේන්තුවේත් ගෞරවය ආරක්ෂා විය යුතු බැවින් නිලධාරියෙකු ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස නොකියවා ඔබතුමාට ලබා දුන් වැරදි උපදෙසක් මත ඔබතුමා මෙම ප්‍රකාශය සිදු කළ බව මම මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළෙමි. (එකී ප්‍රකාශයේ මුද්‍රිතයක් ඇමුණුම 4 ලෙස මීට අමුණා ඇත.)

මේ පිළිබඳ ඔබතුමා දැනුම්වත් කිරීමට උත්සහ කළත් ඔබතුමා විදේශගත වී සිටි බැවින් ඔබතුමාගේ සම්බන්ධීකරණ ලේකම් වෛද්‍ය චමීර අබේවර්ධන මහතා දැනුවත් කළෙමි. මේ අතරේ ඔබතුමාගේ මාධ්‍ය ලේකම් ඉඳුනිල් අබේවර්ධන මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මා විසින් රට සහ අධිකරණය නොමග යවන ප්‍රකාශයක් කර ඇති බවත් එවැනි ප්‍රකාශයක් කිරීමට පෙර අදාළ මූලාශ්‍ර අධ්‍යයනය කළ යුතු බවත් මා කළේ පටු දේශපාලන අරමුණු ඉටු කර ගැනීම සඳහා වූ පහත් උත්සාහයක් බවත් සඳහන් කර ඇත.

මා විසින් එකී ප්‍රකාශය සිදු කරනු ලැබුවේ සියලු මූලාශ්‍ර නිසි ලෙස අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ය. නීතිඥයෙකු මෙන් ම වගකිවයුතු දේශපාලකයෙකු ලෙස නිසි අධ්‍යයනයකින් තොරව මා කිසිම දිනක ප්‍රකාශ සිදුකර නොමැත. එවැනි පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳ සිදු කළ ප්‍රකාශයක් පිළිබඳ වැරදි මතයක් අධිකරණයේත් සමස්ත සමාජයේත් ඇති කිරීමට උත්සාහ කරමින් ද මට පහත් ලෙස අපහාස කරමින් ද මාගේ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කරමින් ද පාර්ලිමේන්තු (බලතල සහ වරප්‍රසාද) පනතින් මට හිමි වරප්‍රසාද උල්ලංඝණය කර ඇත.

මේ පිළිබඳ 2023 අප්‍රේල් 25 දින පාර්ලිමේන්තුවේදී ඔබතුමාට සහ ඔබතුමාගේ මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අපේක්ෂා කරන බැවින් ඒ සඳහා මට අවස්ථාව ලබා දෙන්නේ නම් කෘතඥ වෙමි.”

SendShareShare
Previous Post

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

Next Post

තාම ඉන්නේ යන්ත්‍රසූත්‍රවලින්! පෙර තත්ත්වයට පත්වීමේ හැකියාව ඉතා අඩුයි! ජැක්සන්ගේ දැන් තත්ත්වය ගැන අලුත්ම හෙළිදරව්ව! VIDEO

MORE NEWS

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

මහනුවර අවසන් රන්දෝලි පෙරහැර අදයි! Sri Lanka Latest News
Exclusive

කංජිපානිගේ තර්ජනය පත්තු වෙයි! දෙවුන්දර පෙරහැරේ කාවඩි නැටුම් අයින් කරන්න පොලිස්පති නිර්දේශ කරයි!  I Sri Lanka Latest News

Load More
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුව හිතනවා නම් ගොවියාගේ ප්‍රශ්නයට වඩා, ධීවරයාගේ ප්‍රශ්නයට වඩා, උපාධිධාරියාගේ ප්‍රශ්නයට වඩා, පාසල් ශිෂ්‍යයාගේ ප්‍රශ්නයට වඩා, රැකියා විරහිත තරුණයාගේ ප්‍රශ්නයට...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.