ජනතාවට විශාල සහනයක් වී ඇති සුවසැරිය ගිලන් රථ 300න් 7ක රක්ෂණ බිල ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් ගෙවා නොමැතිවීම හේතුවෙන් එම ගිලන්රථ සේවයේ යොදවා නොමැති බව හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සතුව පත්තරවල වෙළෙද දැන්වීම් දැමීමට කෝටි ගණන් මුදල් ඇති බවත්, අධික මිලකින් යුත් මත්පැන් සහිත සාද පැවැත්වීමට මුදල් ඇති බවත් පෙන්වා දුන් හර්ෂ ද සිල්වා මහතා සමාජ සුබසාධනය වෙනුවෙන් ඉතා කුඩා මුදලක් වැය කිරීමට එම සංස්ථාවට නොහැකි වීම කනගාටුවට කරුණක් බවත් කියා සිටියේය.
කෙසේවෙතත් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට මේ ආකාරයේ චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙය නොවේ.
මීට පෙරද රක්ෂණ සංස්ථාවට බරපතළ චෝදනා රැසක් එල්ල වූ අතර ඒ හේතුවෙන්ම අපද ඒ පිළිබද පසුගිය කාලයේදී සොයා බැලීමක නිරත වීමු.
එම විමර්ශනයන්හිදී මෙවැනි සිදුවීම්වලට සම්බන්ධ වී සිටින පුද්ගලයන් කව්ද, ඔවුන්ට ඇති දේශපාලන සම්බන්ධතා මොනවාද යන්න පිළිබදව තොරතුරු රැසක් හෙළිදරව් කරගැනීමට අපට හැකි විය.
එම තොරතුරු අප ඉදිරියේදී මව්රට පුවත්පත හරහා රටට හෙළිකරීමට සූදානමින් සිටින බවද මෙහිදී සදහන් කළ යුතුව ඇත.