වෙළඳ කලාපයේ දස දහස් ගණනක් අසරණව සිටින බවත්, ලක්ෂ ගණන් ජනතාව පීඩාවට පත්ව ඇති බවත්, එම ජීවිත සමග සෙල්ලම් නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
වහාම ඔවුන් පිළිබද සොයා බලා සහන සැලසීමට පියවර ගන්නා ලෙස විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය.
ඓතිහාසික වැඩසිටිකන්ද රාජමහා විහාරයේ විහාරාධිපති ශ්‍රී ධම්ම නිකේතන පරිවෙනාධිපති, අමරපුර සිද්ධම්මවංස මහා නිකායේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති අතිපූජ්‍ය හීල්ලේ ඤාණානන්ද නාහිමිපාණන්වහන්සේ බැහැදැක මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුව මාධ්‍යට මේ බව ප්‍රකාශයක් කළේය.










