මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව අද (28) 9000 ඉක්මවා ගියේය.
ඒ නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 211ක් අද දින වාර්තා වීමත් සමගය.
අද දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 09 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද සෙසු ආසාදිතයින් 202 දෙනා ආශ්‍රිතයින් වන බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය.
එලෙස වාර්තා වූ ආසාදිතයින් 211 දෙනාගෙන් 140 දෙනෙකු මේ වන විට නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවලින් වාර්තාවී ඇත.
ඒ අනුව මේ වන විට බ්‍රැන්ඩික්ස් ආශ්‍රිතව ඇතිවී තිබෙන කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5607ක් දක්වා ඉහළ නැග තිබේ.










