මෙතෙක් දෛනිකව වාර්තා වූ රෝගීන් ප්‍රමාණය විසිපන්දාහේ සිට එක්දහස් පන්දියය දක්වා පහත බැස තිබීම හේතුවෙන් ලොක්ඩවුන් කර තිබූ ඉන්දියාවේ දිල්ලි අගනුවර හෙට (31) සිට විවෘත කිරීමට බලධාරීන් සැලසුම් කර ඇත.
ඒ අනුව කර්මාන්ත ශාලා ආරම්භ කිරීමටත්, ඉදිකිරීම් කටයුත් ආරම්භ කිරීමටත් ඉඩ දීමට දිල්ලි වැසියන්ට අවස්ථාව සලසා දී තිබේ.
කෙසේවෙතත් තවදුරටත් සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරන ලෙස බලධාරීන් දිල්ලි වැසියන්ගෙන් ඉල්ලා ඇති බවද වාර්තා වේ.










