අද වන විට විශ්රාමික ජනතාව විශාල වශයෙන් පීඩාවට පත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කොට ඇති බව කොළඹ දිස්ත්රික් සමගි ජන බලවේගයේ අපේක්ෂක එස්.එම්. මරික්කාර් මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ විශ්රාම වැටුප අඩු කිරීමටත්, වැඩිහිටි පොලී අනුපාතය පහත හෙළිමටත් ආණ්ඩුව ගෙන ඇති තීන්දුව හේතුකොටගෙන මෙම තත්ත්වය උදාවී ඇති බවකි.










