රාජ්‍ය අමාත්‍යංශයන්හි ප්‍රතිපත්ති සම්පාදනය ඉලක්ක කර ගනිමින් ඊට අවශ්‍ය සහාය දැක්වීමට ‘වියත් මග’ කටයුතු ආරම්භ කොට ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කරන ලද දැනුම් දීමකට අනුව මෙම පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
එහි ප්‍රධානියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ ‘වියත් මග’ ලේකම්වරයා වශයෙන් කටයුතු කරන අනුර ප්‍රනාන්දු මහතාය.
ඒ සදහා සියලුම වියතුන්ට පිටත සිට වුව සහභාගී විය හැකි ලෙස මෙම කටයුතු සැලසුම් කර ඇති බව දැනගන්නට තිබේ.










