මසකට රුපියල් හාරලක්ෂ විසිපන්දහසක කුලී පදනම මත කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙනුවෙන් වාහනයක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කුලී පදනම මත වාහන ලබා නොගන්නා ලෙස උපදෙස් ලබා දී තිබියදීත් මෙසේ විශාල මුදලකට කුලී රියක් ගැනීම සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී ඇති බව පැවසේ.
මෙම වාහනය රාජගිරිය ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක් වෙතින් ලබාගෙන ඇති අතර ඊට අදාළ ගිවිසුම සමාගම සහ කම්කරු අමාත්‍යාංශය අතර අත්සන් කර ඇතැයිද සඳහන්ය.
සැප්තැම්බර් මාසයේ සඳහා වූ එම වාහනය භාවිතා කිරීම සඳහා වූ හාරලක්ෂ විසිපන් දහසක මුදලක බිල්පතක් අමාත්‍යාංශය වෙත එවා ඇති අතර ඒ සඳහා ගෙවීම් ද සිදු කර ඇතැයි පැවසේ.










