හුදකලා කර ඇති ප්‍රදේශවල ජනතාවට රුපියල් 5000ක් ලබා දුන්නේ සතියෙන් වියදම් කිරීමට නොවන බවට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශයට අදාළ වීඩියෝව මේ වනවිට සමාජ මාධ්‍ය ජාලාවල වේගයෙන් සංසරණය වෙමින් තිබේ.
එම ජනතාව රුපියල් 5000 වියදම් කරගෙන දැන් මොනවත් නෑ කියමින් ප්‍රකාශ කරන බවද වීරවංශ මහතා කීය.
මෙහිදී මනෝ ගනේෂන් මහතාට ‘තමුසේ’ මෝඩයා’ කියමින් බැන වැදීමටද වීරවංශ මහතා කටයුතු කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මනෝ ගනේෂන් මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.










