අලුත් ආණ්ඩුවක් බිහි කළ පමණින් විද්වතුන්ගේත්, ජන්දදායකයන්ගේත් වගකීම අවසන් වී නොමැති බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කරයි.
ආණ්ඩු බලවේගය ඇතුළේ පවා වෙස්මුහුණු පැළදගත් අතුරු බලවේග සිටිය හැකි බවත්, ඒ පිළිබද අවධානයෙන් යුතුව සිටිය යුතු බවත් ඒ මහතා පෙන්වා දෙයි.
ඉදිරියේදී ගෙන ඒමට නියමිත ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී බොහෝ දෙනාගේ වෙස්මුහුණු ගැලවීමට නියමිත බවද ඒ මහතා පෙන්වා දුන්නේය.
ඉදිරි අභියෝගවලදී විද්වත් ප්‍රජාවට විශාල වගකීමක් ඇති බවද ඒ මහතා සදහන් කර සිටියේය.