සිංහරාජයේ යෝෂිත රාජපක්ෂ මහතාට අයත් හෝටලයක් ගැන තමන් අවධාරණය නොකළ බවත්, මාධ්‍ය විසින් වැරදි ලෙස මාධ්‍ය හමුව වාර්තා කර ඇති බවත් පරිසරවේදී සජීව චාමිකර සඳහන් කර සිටී.
සිය ෆේස්බුක් පිටුවේ විශේෂ වීඩියෝවක තබමින් ඒ මහතා මේ බව සදහන් කර ඇත.
විවිධ පාර්ශ්වයන් උත්සාහ කරන්නේ මෙම අදාළ නැති මාතෘකා මතුපිටට ගෙනැවිත් සිංහරාජයේ පැවැත්ම වෙනුවෙන් තීරණාත්මක ලෙස සිදුකරමින් ඇති බලපෑම යටපත් කිරීමට බවද ඔහු පවසයි.
කෙසේවෙතත් යෝෂිත රාජපක්ෂ විසින් දැනටමත් රුපියල් කෝටි 50ක මුදලක් වන්දි ඉල්ලමින් සජීව වෙත එන්තරවාසියක් යවා ඇති අතර සතියක් ඇතුළත එය නොගෙවන්නේ නම් ඉන් පසු දිනක අධිකරණය හමුවේ නඩු පවරන බව ද දැනුම් දී තිබේ.
එම දැනුම් දීමෙන් පසු සජීව චාමිකර මෙම වීඩියෝ සමාජ මාධ්‍යට මුදා හැර තිබේ.