අද රාත්‍රී 7ට විපක්ෂයේ සියලුම පක්ෂ නායකයන් විපක්ෂ නායක කාර්යාලයේදී හමුවීමට නියමිතව ඇති බව වාර්තා වේ.
ආණ්ඩුව මැතිවරණ කල් දමමින් ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීමට ගන්නා ක්‍රියාමාර්ගයන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගයන් සාකච්ඡා කිරීම මෙහි අරමුණ වී ඇති බව පැවසේ.
ඒ අනුව විපක්ෂය නියෝජනය කරන සියලුම පක්ෂ නායකයන්ට මෙම සාකච්ඡාවට ආරාධනා කිරීමට සජබය පියවර ගෙන ඇති බව දැනගන්නට ඇත.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාවට ශ්‍රීලනිපය, ඩලස් අලහප්පෙරුම පාර්ශවය, දෙමළ ජාතික සන්ධානය, රවුෆ් හකීම්, මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, රිෂාඩ් බදුර්දීන් ඇතුලු පක්ෂ නායකයන් රැසක් සහභාගී වීමට නියමිතය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් මෙම රැස්වීම සදහා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාටද ආරාධනා කිරීමට පියවර ගෙන ඇත.