අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර පසුව පක්ෂ නායකයන් වෙත එවනු ලැබූ 21 වන සංශෝධන යෝජනාව සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන ඇත.
අධිකරණ අමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඒ මහතා පෙන්වා දෙන්නේ ඉදිරිපත් කර ඇති මෙම යෝජනාව මගින් ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු වී නොමැති බවකි.
එමෙන්ම 19 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු බවද එහිදී විපක්ෂනායකවරයා සිය ලිපිය මගින් අවධාරණය කොට ඇත.











