විසි වන සංශෝධනයට තමන් ජන්දය නොදෙන බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.
අද (22) දින නාරාහේන්පිට අභයාරාමයේදී ඒ මහතා මේ බව දැනුම් දී ඇති බව වාර්තා වේ.
අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කළ දැනුම් දීමකට අනුව විජයදාස රාජපක්ෂ මහතා මෙසේ අද දින අභයාරාමයට පැමිණ කර ඇති සාකච්ජාවකදී මේ බව දැනුම් දී ඇති බවද දැනගන්නට ඇත.
තමන් 20 සම්බන්ධයෙන් කලින් සිටි ප්‍රතිපත්තියේම සිටින බවද හෙතෙම මෙහිදී ආනන්ද හිමියන්ට දැනුම් දී ඇති බව ද වාර්තා වේ.










