ආණ්ඩුව මුල් අදියරේදී කොරෝනා මළසිරුරු භූමදානය කිරීමට එරෙහිව දැඩි ස්ථාවරයක් සිටිමින් කටයුතු කළද ඊයේ (26) රාත්‍රියේ සිය ස්ථාවරය වෙනස් කරමින් එම මළසිරුරු භූමදානය කිරීමට අවස්ථාව ලබා දෙමින් ගැසට් නිවේදනය නිකුත් කළේය.
ඉකුත් කාලයේදී ආණ්ඩුවේ ප්‍රධානීන් දැඩිව කියා සිටියේ කොරෝනා සිරුරු භූමදානය කළහොත් රෝගය බෝවීමේ ඉඩක් පවතිනවා යැයි කියාය.
එමෙන්ම එක රටක් එක නීතියක් පැවතිය යුතු බවත්, සියලු ජාතීන් එම නීතියට යටත් විය යුතු බවත් ආණ්ඩුවේ නියෝජිතයෝ ප්‍රසිද්ධියේ සසදහන් කර සිටියහ.
නමුත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ආරම්භ වී තිබියදී ඊයේ රාත්‍රියේ ඒ සියලු ස්ථාවරයන් කණපිට හරවමින් ආණ්ඩුව මළසිරුරු භූමදානය සදහා අවසර ලබා දීීමට පියවර ගත්තේය.












