වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපති කවිදු අබේසුරිය එම ධුරයෙන් ඉවත් කරමින් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
වැලිකන්ද ප්‍රාදේශිය සභා සභාපති කවිදු අබේසුරිය විසින් සිදුකර ඇති වැරදි කිහිපයක් සම්බන්ධව සිදුකළ පරීක්ෂණයට අදාළව විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු සමන් වික්‍රම වික්‍රමාරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් සිදුකර තිබේ.
එම විමර්ශනයට අදාළව නිකුත් කරනු ලැබු වාර්තාවට අනුව සභාපතිවරයා අදාළ වැරදි සිදුකර ඇති බවට සනාථ වන බව ගැසට් නිවේදනය මඟින් දක්වා ඇත.
ඒ අනුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව වැලිකන්ද ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා එම ධුරයෙන් ඉවත් කර තිබේ.










