අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් ප්‍රසිද්ධ දේශනයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ චරිතයට, කීර්ති නාමයට හානි වන ආකාරයට සිදු කළේ යැයි කියන ද්වේශ සහගත ප්‍රකාශය යළි සිදු කිරීම, ප්‍රචාරණය කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අමාත්‍ය විමල් වීරවංශ සහ මාධ්‍ය ආයතන තුනකට එරෙහිව නිකුත් කළ වාරණ නියෝගයක් අප්‍රේල් මස 12 දා තෙක් තවදුරටත් දීර්ඝ කිරීමට කොළඹ දිසා අධිකරණය නියෝග කළේය .
කොළඹ දිසා විනිසුරු අරුණ අළුත්ගේ විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී .
පසුගිය මාර්තු මස 9 දා කොළඹ තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ දී වීරවංශ තමා සම්බන්ධයෙන් මෙම ප්‍රකාශය කර ඇති බව රිෂාඩ් බදුර්දීන් සිය පෙත්සමෙන් පවසා තිබිණ.










