මේ වනවිට චීනයේ කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය ගණන දහස ඉක්මවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ඒ අනුව ඊයේ (11) වනවිට එම සංඛ්‍යාව 1011ක් බවට පත්ව තිබිණ.
එමෙන්ම වයිරසය වැළදීමෙන් රෝහල්ගත කර සිටින රෝගීන්ගේ සංඛ්‍යාව 42,200ක් බව චීන මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේවෙතත් ඊයේ් දිනයේදී චීන ජනාධිපති ෂී ජින් පින් මහතා රෝගීන්ගේ තත්ත්වය සොයාබැලීම සදහා බීජින්හි පිහිටි රෝහලක් වෙත පැමිණ සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.
එහිදී චීන ජනාධිපතිවරයා මුහුණු ආවරණයක් පැළැද එසේ ගොස් සිටි බව චීන මාධ්‍ය වාර්තා කර තිබිණ.










