ගල්ගමුව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයේ වාහන කිහිපයක් වේගයෙන් ධාවනය වෙද්දී කුඩා ඇත් පැටවකු හදිසියේම පාර මාරුවෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙමින් පවතී.
මෙහිදී විශාල අනතුරක් වැළකී ගොස් තිබුණේ අනූනවයෙනි.
මෙම වීඩියෝව එක් කළ පුද්ගලයා, මෙවන් ප්‍රදේශ හරහා ගමන් කරන රියදුරන්ගේ අවධානයෙන් ගමන් කරන ලෙස ඉල්ලීමක් ද කර තිබිණ.











