කොරෝනා ආසාදිතව සිටි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සුවය ලබා අද දිනයේ නිවෙස වෙත ගොස් ඇති බව වාර්තාවේ.
ඒ අනුව අද දිනයේ සිට තවත් දින 14ක් ඒ මහතා නිවසේ නිරෝධායනය වීමට නියමිතය.
ආණ්ඩුවේ මැති ඇමැතිවරුන් අතරින් කොරෝනා ආසාදනය වූ පළමු කැබිනට් අමාත්‍යවරයා වන්නේ වාසුදේව නානායක්කාර මහතාය.










