ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස පසුගියදා පත් කරනු ලැබූ ප්‍රවීණ වේග පන්දු ක්‍රීඩක චමින්ද වාස් මාර්තු මස 26 වෙනිදා සිට බලපැවැත්වෙන පරිදි සිය තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටී.
ඒ අනුව එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් තරග සංචාරය සඳහා චමින්ද වාස් සහභාගී නොවනු ඇත.
ලොවපුරා මුහුණදී ඇති ආර්ථික වාතාවරණයක් තුළ කිසිසේත්ම පිළිගත නොහැකි අයුරින් සිය පෞද්ගලික ආර්ථික වාසි පදනම් කර ගනිමින් ශ්‍රී ලංකා කණ්ඩායම තරග සංචාරයක් සඳහා පිටත්ව යෑමට ආසන්නයේ සිටියදී ඉන් ඉවත්ව යෑම වගකීම් විරහිත කරුණක් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් සහ සහ රට වෙනුවෙන් චමින්ද වාස් විශාල මෙහෙයක් සිදු කළ බවත්, එවැනි තත්ත්වයක් තුල චමින්ද වාස් වැනි ප්‍රවීන ක්‍රීඩකයෙකු ක්‍රිකට් පරිපාලනය සහ කණ්ඩායම දඩමීමා කර ගනිමින් අවසන් පැයේදී මෙලෙස ඉල්ලා අස්වීම කිසිසේත් අනුමත නොකරන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙයි.










