ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු යවන පුහුණුකරු ලෙස තේරී පත්වූ චමින්ද වාස් බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට එක්වීමට නොහැකි බවට ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බව දැනගන්නට තිබේ.
ඒ තමන් ඉදිරිපත් කළ කොන්දේසි ඉටු කිරීමට ක්‍රිකට් ආයතනය මෙතෙක් පියවර ගෙන නොතිබීම හේතුවෙනි.
ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් වාස් සහ ක්‍රිකට් ආයතනය අතර සාකච්ජා පැවැත්වෙමින් පවතින බවද වාර්තා වේ.










