මහරගම අපේක්ෂා රෝහලෙහි නියෝජ්‍ය අධ්යක්ෂ ලලිත් පෝද්දලගොඩ මහතා අධ්යක්ෂ ධූරයට පත් කරන ලෙස ඉල්ලා එම රෝහලෙහි වෛද්‍යවරුන්ගේ අස්සනින් යුතු ලිපියක් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වෙත යවා තිබේ.
මෙම ලිපියට එම රෝහලෙහි වෛද්‍යවරුන් 39 දෙනකු අස්සන් තබා ඇත.
මෙහිදී එම වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ හිටපු අධ්යක්ෂ වසන්ත සේනානායක මහතාගේ අභාවයෙන් පසු එම තනතුරේ වැඩ බැලූ නියෝජ්‍ය අධ්යක්ෂ ලලිත් පෝද්දලගොඩ මහතා ඉතා කෙටි කාලයක් ඇතුළත රෝහල පරිපාලනමය වශයෙන් ඉහළ තැනකට රැගෙන ආ බවත්, කෙරෝනා රෝගය සදහාම වෙන්වූ වාට්ටු 3ක් රෝහල ඇතුළත පිහිටවූ බවත්ය.
එමෙන්ම කෙටි කාලයක් ඇතුළත රෝහල් පාලනය නිසි නීති රාමුවකට යටත් කිරීමටද ඒ මහතා පියවර ගත් බවද අදාළ ලිපියේ දැක්වේ.
කෙසේවෙතත් නීති රීති දැඩි කිරීම හේතුවෙන් උරණ වී ඇති සුලු සේවකයන් කිහිප දෙනකු ඒ මහතාට එරෙහිව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගයකට යොමු වී ඇති බවත්, ප්‍රදේශයේ දේශපාලන බලාධිකාරය ඒ පසුපස සිටින බවත් දැනගන්නට ඇත.
මේ හේතුව මත වෙනත් අයකු රෝහල් අධ්යක්ෂ ධූරය සදහා පත්කිරීමේ සැලසුමක් ඇති බවද දැනගන්නට ඇත.
කෙසේවෙතත් අදාළ වෛද්‍යවරුන් සිය ලිපිය මගින් සෞඛ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා ඇත්තේ දැනට නියෝජ්‍ය අධ්යක්ෂ ධූරය දරන පෝද්දලගොඩ මහතා රෝහල් අධ්යක්ෂ තනතුරට පත්කරන ලෙසටය.













