• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වවුලන් ‌කොරෝනාව ‌ගෙනා හැටි චන්ද්‍රිකා ‌සොයා ගත් හැටි

April 14, 2020
in Exclusive
Reading Time: 2 mins read
A A
වවුලන් ‌කොරෝනාව ‌ගෙනා හැටි චන්ද්‍රිකා ‌සොයා ගත් හැටි
Share on WhatsAppShare on Facebook

එදා මෙදාතුර කිසි කලෙක නො වූ විරූ අන්දමේ මහා වසංගතයක් මුළු ලොවම මරණ බියෙන් වෙව්ලවමින් දිනෙන් දින ම වර්ධනය වෙමින් පැතිරේ. මුළු ලොවම දෙදරවූ භූමිකම්පාවක් වැනි වසංගත මාරයාගේ ග්‍රහණයට නතු නො වූ එකුදු රටක් හෝ රාජ්‍යයක් හෝ මේ වන විට නැති තරම්ය. ගහ කොළට සතා සිවුපාවාට ආදරය දක්වමින් ඔවුන් හා එක්ව වසන බවට පුරසාරම්‌ දොඩන අපි සොබාදම් මාතාව (දිය දම් දිනිතිය) අපට තිළිණ කර තිබූ මහා වනාන්තර වනසත්ව සම්පත තැන නො තැන නො බලා ඉවක් බවක් නැතිව වනසා දැම්මෙමු. ගහ, පරිසරය ආරක්‍ෂා කරන බව උජාරුවෙන් දෙසා බාන අපි අපේම ඇළ ‌දොළ දිය කඳුරු විල් පොකුණු ගං හෝ මහ සයුරු වන සතුන් පමණක් නොව සමස්ත වායු ධාතුවද වනසා දමා ඇත්තෙමු.
දළ දේශීය නිෂ්පාදනය ඉහළ තලයක වර්ධනයක් ඇතැයි කියන අපට අද දූෂණය නොවූ සුළං පොදක් හෝ ආශ්වාස කිරීමේ වාසනාවක්ද නැත. දියුණු ලෝකයේ ඒ තරම් ගණනකට ගත යුතු තරම් හෝ නොවන අන්දමේ කුඩා ප්‍රාණියකු වන වවුලෙක් විසින් මුළුමහත් මානව වර්ගයාද ඇතුළු බඩ ගානා කුර ගානා සියලු සත්ව කොට්ඨාසවලටද සෙලවෙන්නට පවා ඉඩ නොදී බිත්තියටම තබා ඇණ ගසනු ලැබ ඇත්තේය. සමස්ත ලෝකයටම පහරදී අඬුබඬු කඩා සිඳ බිඳ දමා ඇත්තේය.
මේ වන විට අපි කොරෝනා වසංගතය හේතුකොට ගෙන නුදුරු අනාගතයේදී ජාතික සහ ගෝලීය වශයෙන් ආර්ථිකයට අත්විඳින්නට සිදුවිය හැකි ප්‍රතිඵල පිළිබඳව පමණක් නොව සංවර්ධනය සහ අපේම ජීවන රටාව, සංකල්ප කෙසේ වන්නේද යන්න ගැන පවා කල්පනා කිරීමට පටන් ගෙන සිටින්නෙමු.
එල්ල වී ඇති වසංගත තත්ත්වයෙන් මිදීමට ඒ ඒ රටවල්ද ඒකීය වශයෙන් දැවැන්ත උත්සාහයක යෙදෙමින් සිටියි. ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය සංවිධානද තම තමන්ම හුදකලා වීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබේ. උද්ගත තත්ත්වයට පෙර සූදානමක් නො වූවද හුදකලා වෛරසයකට මෙවන් විනාශයක් කළ හැකි බවක් කිසිවකු හෝ සිහිනෙන් පවා සිතන්නට නැත.
කිසියම් අන්දමක හදිසි අවස්ථාවක් පැන නැඟුණු කල ජාත්‍යන්තර සහ ප්‍රාදේශීය සංවිධාන එකාවන්ව ඉදිරිපත්වීම සාමාන්‍ය සිරිතක් විය. දිනෙන් දින පැතිර යන කොවිඞ් දහනමය (19) වසංගතය වෙනුවෙන්ද එවන් ක්‍රියාදාමයක් අනුගමනය කෙරේය යන අපේක්‍ෂාව බොහෝ රටවල් අතරේ පැවතිණි. එහෙත් එවන් සංවිධානවලින් ලද ප්‍රතිචාරය ධනාත්මක නොවූ බැවින් බොහෝ රටවල් මේ වන විට දුර්මුඛව ඇත.
මේ බැරෑරුම් අවස්ථාවේදී ආසාධිතයන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර කළ යුතුවා සේම වසංගත ව්‍යාප්තියද අත්‍යාවශ්‍යයෙන්ම පාලනය කළ යුතු වේ. කොවිඞ් 19 වෛරසය ප්‍රථමයෙන්ම ඇති වූයේ කෙසේද? පැතිරුණේ කෙසේද? එසේම මනුෂ්‍ය ප්‍රජාවට ආසාදනය වූයේ කවර ආකාරයෙන්ද යන්න ගැනද විමර්ශනය කළ යුතුවේ. වෛරසයේ ආරම්භය පැතිරීම ආදී කරුණු ගැන ලිපි රාශියක් ලියැවී ඇති බවද සැබැවි. ඒ අතරතුරේ සමාජ මාධ්‍යවලින් රෝගය පිළිබඳව කුමන්ත්‍රණකාරී මතවාදද පැතිරී තිබිණි.

මේ අවස්ථාවේදී රෝගය පිළිබඳව අධ්‍යයනය සහ තීන්දු තීරණ ගැනීම එක් එක් අයගේ හිතලු මත නොව ඇත්ත වශයෙන්ම විදා්‍යානුකූල පදනම මත පිහිටා ගත යුතුවේ. වෛරසය ගැන සමාජ ගත කර ඇති සිද්ධාන්ත වෛද්‍ය විද්‍යානුකූල පදනමක් මත ඉදිරිපත් කර ඇත්තේදැයි යන්න ගැන විමසීම වටී. එසේ නොවුවහොත් පදනම් විරහිත මතවාද නිසා දේශපාලන බෙදීමකටත් මිනිසුන් අතර ගැටීමකටත් මාර්ගය පෑදෙන්නටද ඉඩකඩ සැලසෙනු ඇත.
කොවිඞ් 19 වෛරසය ගැන පැවැත්වුණු පරීක්‍ෂණ මාලාවකින් අනාවරණය වී ඇත්තේ දැනට වසර දහ තුනකට (13) පමණ පෙර එනම් දෙදහස් දහහතේදී (2007) නුදුරු අනාගතයේදී එළඹෙන අනතුර ගැන තොරතුරු අනාවරණය වී ඇති බවයි. චීනය, දකුණු ඇමෙරිකාව ඇතුළු ලෝකයේ රටවල් ගණනාවක කෙරෙන සත්ව වෙළෙඳාම, මාංශ වෙළෙඳාම සහ මාංශ භක්‍ෂණය (මාංශ පරිභෝජනය) විනාශයට හේතු පාදක වන බවද පැහැදිලිව අනාවරණයවී තිබේ. චීනයේ විද්වතුන් පිරිසක් අනතුරේ ඇති භයානකකම පිළිබඳව විස්තර පුවත්පත් මගින්ද ඉදිරිපත් කර ඇත්තාහ.
වවුලන්ගෙන්ම මීට පෙරද ව්‍යාප්ත වූ සාක් වෛරසය වැනි වෛරස් අඩංගු මහා පරිමාණයේ මාංශ ගබඩාද, වවුල් මස් පරිභෝජනයට ගැනීමද කාල බෝම්බයකි. සාක් වෛරසය යළි පැතිරීමටද, සතුන්ගෙන් හෝ පර්යේෂණ රසායනාගාරවලින් හෝ මෙතෙක් හඳුනා නොගත් අමුතුම ජාතියේ වෛරස් පැතිරීමට ඉඩ ඇති බැවින්, එසේ වුවහොත් ඒවාට (වෛරස් ව්‍යාප්තියකට) මුහුණදිය යුතු තත්ත්වය ගැන පෙර සූදානම්වීම එතරම් සැලකිල්ලට නොගත යුතු දෙයක් ලෙසට නොසලකා හැරීම සුදුසු නොවන බවද පුවත්පත්වලින් අනතුරු ඇඟවූ ලිපිවල සඳහන් කර තිබේ.
නුදුරු අනාගතයේදී ඇතිවිය හැකි විනාශය සම්බන්ධව විද්වතුන් විසින් පසුගිය වර්ෂයේ (2019) දී අනතුරු අඟවන ලද චීන පුවත්පතක සඳහන් කර තිබුණේ සාක් වෛරසයට සමාන වෛරසයක් වවුලන්ගෙන්ම චීනයෙදීම ඇති විය හැකි බවයි.
බෝවන රෝග පිළිබඳව නිරන්තරයෙන් සොයා බැලීමේ පෙර ගමන්කරුවන් වූ විදා්‍යාඥයෝ සහ වසංගත රෝග විශේෂඥයෝ තම තමන්ගේ රටවල ආණ්ඩුවලට පමණක් නොව සමස්ත ලෝක බලවතුනටද වන සතුන්ගේ මස් (මාංශ) ඉවක් බවක් නැතිව පරිභෝජනයට ගැනීමෙන් බෝවිය හැකි භයානක රෝග පිළිබඳව නොයෙක් වර දැනුවත් කර ඇත්තාහ. අදාළ රටවල පාලකයන් පමණක් නොව ඒ සම්බන්ධව වගකිවයුතු ජාත්‍යන්තර සංවිධාන පවා ඒ කරුණු ගැන කිසිදු උනන්දුවක් නොදැක්වීම වෙනුවෙන් නම් කිසිදු සමාවක් දිය හැකි නොවේ.
නීති විරෝධී ජාත්‍යන්තර මාංශ වෙළෙඳාමෙන් සහ පාරිභෝගික මාංශ වෙළෙඳාමෙන් චීනය වාර්ෂිකව උපයන ආදායම ඩොලර් බිලියන හැත්තෑ හතරකි. එහෙත් කොවිඞ් 19 වෛරසය නිසා එරටට ලැබෙන ආදායමට වඩා දරන්නට සිදුවන වියදම ඩොලර් පනස් (50) ගුණයකි.
වවුලන්ගේ සිරුරුවල කොරෝනා වෛරසය අවුරුදු දස ලක්‍ෂ ගණනාවක් තිස්සේ සිටම අඛණ්ඩව පවත්නා බවත් ඒවා කිසියම් අවස්ථාවක මානව ප්‍රජාවටත් සත්වයින්ටත් ආසාදනය විය හැකි බවත් බෝවන රෝග පිළිබඳ විශේෂඥයකු වන ප්‍රංශ ජාතික ඩිඩියර් සිකාර්ඞ් මහතා පෙන්නවාදී තිබේ.
ලාඕසයේ ස්වභාවික වනාන්තර විනාශ කිරීමත් සමගම එම වනාන්තරවලත් ඒ වනාන්තරවල ගුහාවලත් ජීවත් වූ වවුලන්ට උන්හිටි තැන් අහිමිවීමෙන් පසු වවුලන්ට මිනිස් වාසස්ථාන ආසන්නයට පැමිණෙන්නට සිදුවී තිබේ. වවුලන් එසේ මනුෂ්‍ය වර්ගයාට ළංවීම කොරෝනා වෛරසය ව්‍යාප්තියට ‌‌දොර විවර කිරීමක් බව ඩිඩියර් සිකාර්ඞ් මහතා කියයි.
ප්‍රංශ ගුවන් විදුලි සේවයේ තාරා ෂ්ලිජෙල් වෛරසය පිළිබඳව සමාජය කැලඹූ ලිපියක් ලියමින් සඳහන් කර ඇත්තේ වෛරසය ආසාධිත වූ රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අපේ රටවල් බෙහොමයක් ඖෂධ වර්ග, උපකරණ වර්ග ආදිය සෙවීමට නිෂ්පාදනය කිරීමට පෙළගැසී සිටිනු විනා වෛරසය හට ගත්තේ කෙසේද ව්‍යාප්ත වූයේ කවර ආකාරයෙන්ද යන කරුණු ගැන සෙවීමට උනන්දුවක් නොදක්වන බවයි.
අනාදිමත් කාලයක සිටම මහා පරිමාණයේ වසංගත රෝග වන සතුන් සහ පක්‍ෂීන්ගෙන් බෝවී ඇතත් ඒ පිළිබඳව සිතා කොරෝනා වෛරසයට මුල කොතැනද ව්‍යාප්තිය කෙසේ වීද යන මූලික කරුණු ගැන නොසෙවීම විමතියට කරුණක් බව ඇය කියයි. බ්‍යුබොනික් වසංගතය කුරුළු උණ, ඌරු උණ සහ ඉබෝලා යන බෝවෙන රෝග සතුන්ගෙන් ඇතිවූ බවට ඕ සාධක වශයෙන් ඉදිරිපත් කරන්නීය.
වවුලන් විසින් කොරෝනා වෛරස වර්ග තිහක් (30) පමණ ප්‍රවාහනය කරන බව පැවසේ. එම වවුලන් වෙසෙන්නේ මහ වනාන්තරවල වෘක්‍ෂවල (ගස්) සහ ගුහා තුළය. එම ගුහාවල සර්පයන්ද වෙසේ. වවුලන් මිය ගිය විට ඒ මළකුණු සර්පයන් විසින් ආහාරයට ගනු ලැබේ. කුහුඹුවන් වැනි ප්‍රාණීන්ටද වවුල් කුණු ආහාර වේ. ඒ අනුව සර්පයින්ටත්, කුහුඹුවන්ටත් වෛරසය ආසාදනයවීම වැළැක්විය නොහැකිය. සර්පයින් ආහාරයට ගන්නා මිනිස් ප්‍රජාවට නිරන්තරයෙන්ම වෛරසය ආසාදනය වේ.
මෙන්න මේ හේතු නිසා කෙරෝනා වෛරසය පිළිබඳව සම්පූර්ණ සංසිද්ධි අධ්‍යයනය කිරීමෙන් වෛරසය මර්දනයට රුකුලක් ලැබේ.
වෛරසය ආසාදිත වවුලන්, සර්පයින් සහ කුහුඹුවන් වැනි සතුන්ට ඉන්දු චීනයේ කෙරෙන දැවැන්ත වන විනාශය නිසා තමන්ගේ නිජබිම් අහිමිවීමෙන් මිනිස් වාසස්ථාන ආසන්නයටම පදිංචියට පැමිණීමට සිදුවී තිබේ.
හදිසි ජගත් ක්‍රියා මාර්ගයක අවශ්‍යතාව උද්ගතව තිබේ. කොරෝනා වෛරසය ඇතිවීම එහි ව්‍යාප්තිය පිළිබඳව අධ්‍යයනය කිරීමේ ජගත් ක්‍රියා මාර්ගයක දැඩි අවශ්‍යතාව මතුවී ඇත. ඒ අවශ්‍යතාව ගැන කරුණු මේ ලිපියේම සඳහන් කර ඇත්තෙමි. වසංගත රෝග ව්‍යාප්තියට හේතු කාරකවන මීයන් කුහඹුවන් වැනි සතුන් ගැනද පරීක්‍ෂණ කළ යුතු යැයි මම යෝජනා කරමි. නීති විරෝධීව සහ නීත්‍යනුකූලව කෙරෙන ජාත්‍යන්තර මාංශ වෙළෙඳාම තහනම් කිරීම සඳහා ජාත්‍යන්තර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුය. ඒ සඳහා නීති රීතිද සම්පාදනය කළ යුතුය. ඒ නීති රීති නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි නියාමනය කිරීම සඳහා ස්වාධීන ආයතන දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ස්ථාපනය කළයුතු වේ.
කොවිඞ් 19 වෛරසය වැළැක්වීම සහ වෛද්‍ය ප්‍රතිකාර සත්කාර සඳහා අදාළ රටවල් එක්සත් ජාතීන්ගේ සංවිධානය වැනි ජාත්‍යන්තර සංවිධාන සමග සමීප ක්‍රියාකාරි සම්බන්ධතාවක් පැවැත්විය යුතුය.
වර්තමානයේ උද්ගතව ඇති කොරෝනා හදිසි තත්ත්වය මෙන්ම අනාගතයේදීද උද්ගත විය හැකි හදිසි තත්ත්ව වෙනුවෙන් මුහුණ දීමට උචිත පරිසරයක් සැකසීමට ලෝක සෞඛ්‍ය සංවිධානය යළි ව්‍යුහගත කළ යුතුය.
මේ අරමුණු සාක්ක්‍ෂාත් කර ගැනීම සඳහා ක්‍රියාකාරී වැඩ සටහනක් මෙන්ම අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කර ගැනීම උදෙසාත් විශේෂඥ දැනුම් ඇති විද්වතුන්ගෙන් සහ වර්තමාන මෙන්ම හිටපු රාජ්‍ය නායකයන් අතරින් තෝරාගත් පිරිසකගෙන් සුසැදි ජාත්‍යන්තර සමුළුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් කැඳවනු ලැබිය යුතු බවට මම යෝජනා කරමි.

සකස් කළේ චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ගිනි වළල්ල මැදට පැනලා ගහපු TASK FORCE ඔපරේෂන් BR

Next Post

14ක් එක දවසට මතුවෙයි: දැන් ‌රෝගීන් 233යි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.