• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිනි වළල්ල මැදට පැනලා ගහපු TASK FORCE ඔපරේෂන් BR

April 14, 2020
in Exclusive
Reading Time: 3 mins read
A A
ගිනි වළල්ල මැදට පැනලා ගහපු TASK FORCE ඔපරේෂන් BR
Share on WhatsAppShare on Facebook

කොරෝනා වෛරසය රට ඇතුළේ ව්‍යාප්ත වීම ආරම්භ වීමත් සමඟ නොඑසේ නම් අවසන් වරට ඉතාලියේ සිට ශ්‍රී ලංකාවට පැමිණි ලාංකිකයන්ගෙන් කොරෝනා රෝගය සමාජය තුළ පැතිර යෑම ආරම්භ වීමත් සමඟ ආණ්ඩුවට ප්‍රධාන ප්‍රශ්න කිහිපයකට මුහුණ දෙන්නට සිදුවිය. ඉන් පළමු වැන්න වූයේ දිනෙන් දින මතුවන රෝගීන් හඳුනා ගැනීමය. රෝගීන් හඳුනා ගැනීමෙන් අනතුරුව ඔවුන් නිරෝධායනය කිරීම සඳහා යොමු කිරීමේදී රෝහල්වල ඉඩකඩ සීමා වීමත්, රෝගීන්ට අවශ්‍ය පහසුකම් සපයා දීමත්, ඉන් ප්‍රධාන විය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් වහාම විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවා මෙම ප්‍රශ්න කිහිපයට විසඳුම් සෙවීම එම කාර්ය සාධක බළකායට පැවරීමට පියවර ගත්තේය. එහි ප්‍රධානියා ලෙස පත් කෙරුණේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර ද සිල්වා මහතාය. ඒ අනුව ශවේන්ද්‍ර සිල්වා මහතා යටතට සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්, පොලිස්පතිවරයා ඇතුළු විශාල කණ්ඩායමක් යොමු කෙරුණු අතර, සමස්ත සෞඛ්‍ය අංශ කළමනාකරණය කිරීම එම පාර්ශ්වයට භාර කෙරිණි.
කෙසේ වෙතත් ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ක්‍රියාත්මක වූ මෙම කාර්ය සාධක බළකාය මුහුණ දුන් ප්‍රධානතම ගැටලුව වූයේ රට පුරා රෝගීන් වාර්තා වෙමින් පැවතියදී වගකීම් විරහිත ලෙසින් එම රෝගීන් හැසිරීමට පටන් ගැනීමත් සමඟය. කොරෝනා රෝග ලක්‍ෂණ පහළ වී ඇත්නම් වහාම ළඟම ඇති රජයේ රෝහලක් වෙත පැමිණෙන ලෙසට පසුගිය සති කිහිපයේ සහ විදෙස්ගතව සිට පැමිණි සියලුමදෙනා නිරෝධායන ක්‍රියාවලියට ඇතුළත් වන ලෙස විටින් විට දැනුම් දීම් කළත් ඇතැමුන් වගකීම් විරහිත ලෙස ඊට අනුගත නොවුණු ආකාරයක් දැකගත හැකි විය. එහි ප්‍රතිඵලය වූයේ දිනපතාම පාහේ රටේ විවිධ ප්‍රදේශවලින් රෝගීන් වාර්තා වීමට පටන් ගැනීමය. ඒ සමඟම යුද හමුදාපතිවරයා විසින් මෙම රෝගීන් සොයා ගැනීම භාර දෙනු ලැබුවේ රාජ්‍ය බුද්ධි සේවය ඇතුළු බුද්ධි අංශවලටය. එය ඉතා සංකීර්ණ ක්‍රියාවලියක් වුවද බුද්ධි අංශ ඉතා සීරුමාරුවට මේ මෙහෙයුම දියත් කිරීම ආරම්භ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව පළමුව ඔවුන් ඉතාලියේ සිට පැමිණි සියලු දෙනාගේම නාම ලේඛනය ලබාගෙන ඒ සියලු දෙනා යන එන තැන්, ආශ්‍රය කළ පිරිස්, නවාතැන් ගෙන සිටින තැන් ආදිය ඉතා සූක්‍ෂ්මව සොයා බලා අදාළ අංශ වෙත වාර්තා කිරීමට පියවර ගත්තේය. එහි ප්‍රතිඵලය වූයේ ඒ සියලු දෙනා සොයා ගෙන නිරෝධායනය මධ්‍යස්ථාන වෙත ඇතුළු කිරීමට ආරක්‍ෂක අංශ විසින් පියවර ගනු ලැබීමය. ගම්පිටින් වසා දමා නිරෝධායන කිරීමට පියවර ගත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එක දිගට ඇඳිරි නීතිය දමා තත්ත්වය පාලනය කරගැනීමට හැකි වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසටය.
මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ ඉතාලියේ සිට පැමිණි කණ්ඩායම්වලින් රෝගය පැතිර යෑම පාලනය කරගැනීමට හැකි වීමය. දැනට හමුවන රෝගීන්ට කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා වන්නේ ඉන්දියාව, තායිලන්තය, ඉන්දුනීසියාව වැනි රටවල සංචාරය කර පැමිණි පුද්ගලයන්ගෙනි. ඒ අනුව දැනට තිබෙන වාර්තා අනුව රෝගය පැතිර යෑම වළක්වා ගැනීමට යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති කාර්ය සාධක බළකාය සමත්කම් දක්වා ඇති බවක් පෙනෙන්නට ඇත.
කෙසේ වෙතත් යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ මෙම කාර්ය සාධක බළකායේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ ආණ්ඩුව මුහුණ දුන් ඊළඟ ප්‍රධානම ප්‍රශ්නය වූයේ රටේ සමස්ත ජනතාව අත්විඳිමින් සිටි බරපතළ අපහසුතාවන්ය. රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ ආණ්ඩුවට ලබාදී තිබූ ප්‍රධාන විසඳුම වූ ‘සමාජ දුරස්තීකරණය’ වීම නිසා ආණ්ඩුවට දින නියමයකින් තොරව ඇඳිරි නීතිය පැනවීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස ජනතාවට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අත්‍යවශ්‍ය සේවා, බෙහෙත් ආදිය සැපයීම ඉතා අසීරු කටයුත්තක් විය. විශේෂයෙන්ම දිස්ත්‍රික්ක අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා සියලු සේවා සැපයුම් අඩාළ වූ අතර, වෙළෙඳසල් වසා දැමීම නිසා ජනතාවට කිසිදු දෙයක් මිලදී ගැනීමේ හැකියාව පවා ඇහිරී ගිය ආකාරයක් දැකගන්නට ලැබිණි. මේ නිසා ඇඳිරි නීතිය ලිහිල් කළ සැණින් ජනතාව සෞඛ්‍ය උපදෙස්ද නොතකා වෙළෙඳසල්වල පොදිකමින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය රැස්කර ගන්නා ආකාරයක් දැකගන්නට ලැබිණි. බෙහෙත් ලබා ගැනීම සඳහා ෆාමසි ඉදිරිපිට බොහෝ දිගු පෝලිම් පැවැති ආකාරයක් දැකගන්නට ලැබිණි. ඇතැම් අවස්ථාවලදී ජනතාව ඇඳිරි නීතිය පවා නොතකා කටයුතු කළ ආකාරයක්ද දැකගන්නට ලැබිණි.
ඇඳිරි නීතිය පැනවීමත් සමඟ මෙවන් තත්ත්වයක් නිර්මාණය වනු ඇති බවක් ආණ්ඩුවද නොදැන සිටියා නොවේ. ඒ අනුව රෝගීන් සොයා ගැනීම සඳහා හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කරද්දීම අත්‍යවශ්‍ය සේවාවන් ලබා දීම සඳහා තවත් ජනාධිපති කාර්ය සාධක බළකායක් පත්කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පියවර ගත්තේ ඒ අනුවය. ජනාධිපතිවරයා එහි ප්‍රධානියා ලෙස පත් කළේ වෙන කවුරුවත් නොව බැසිල් රාජපක්‍ෂ මහතාය.

‘ඇයි බැසිල්ටම මේක දෙන්න ජනාධිපතිවරයා කටයුතු කළේ. අඩුම තරමේ බැසිල් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක්වත් නෙවෙයිනේ. මේක කරගෙන යන්න වෙන කෙනෙක් හිටියෙම නැද්ද?’
බැසිල්ගෙ නම එළියට පැමිණීමත් සමඟ හැමෝම ඇහුවෙ මේ කතාවය. සමාජ මාධ්‍ය ජාලාද බැසිල්ගේ මුහුණ යොදා ගනිමින් ජනාධිපතිවරයා ගත් මේ තීන්දුව හෑල්ලු කරන ආකාරයේ විවිධ පෝස්ට් නිර්මාණය කරන ආකාරයක් දැකගන්නට ලැබිණි.
‘ඇත්තටම ගෝඨා බැසිල්ටම මේ දැවැන්ත මෙහෙයුම භාර දුන්නෙ ඇයි?’
ගෝඨා බැසිල්ටම මේ භාරදූර මෙහෙයුම භාර දුන්නේ වෙන මොකවත් නිසා නොව අසීරු මොහොතවල්වලදී එම අසීරු තත්ත්වයන් කළමනාකරණය කරගෙන ඉදිරියට පැමිණීමේ හොඳ සංවිධාන ශක්තියක්, ඉවක්, හැකියාවක්, දක්‍ෂතාවක් බැසිල් සතුවීම නිසාය. බැසිල් ඒ හැකියාව පෙන්නුවේ වරක්, දෙවරක් නොවේ. අවස්ථා කිහිපයකදීම බැසිල් ඒ බව රටට තහවුරු කර සිටියේය. එහි හොඳම උදාහරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හෙවත් පොහොට්ටුව බිහිකිරීමය. අලුත් පක්‍ෂයක් හැදුවොත් මහ පාරේ ඇවිද්දනවා යැයි කියමින් එවකට සිටි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රසිද්ධියේම වේදිකාවල පාරම්බාද්දි විධායක ජනාධිපතිවරයාට එරෙහිව යමින් අලුත් පක්‍ෂය ගොඩනඟන්නට බැසිල් රටවටා බය නැතිව ගියේය. මාස 3ක් ඇතුළත රට වටේම සංවිධාන ජාලය ගොඩනඟා ඉතිහාසයේ පළමු වරට බලයේ සිටි ආණ්ඩුවක් පරාජයට පත්කළේ බැසිල්ය. ඊළඟට බැසිල් ඒ පක්‍ෂයෙන්ම රටේ ජනාධිපතිවරයාත් බිහි කළේය. ඒ නිසා රට වටා බැසිල්ට හොඳ සංවිධාන ජාලයක් තිබිණි. උදේ ගත් තීන්දුව පැයක් ඇතුළත මුළු රටටම දැනුම් දිය හැකි සංවිධාන ජාලයක් බැසිල් සතුව තිබිණි. ජනාධිපතිවරයා මේ අතිශය භාරදූර මෙහෙයුම බැසිල්ට බාර දුන්නේ තිරය පිටුපස සිටිමින් මේ ගේම් එක ගහන්නට සිටින හොඳම සුදුස්සා බැසිල් පමණක්ම බව දැනගෙන සිටි නිසාය.
ඒ අනුව හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රෝගීන් හඳුනා ගැනීම, නිරෝධායනය කිරීමේ වැඩපිළිවෙළට ඇතුළත් කිරීම, ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට පටන් ගනිද්දී අත්‍යවශ්‍ය සේවා ජනතාවට සැපයීමේ ජනාධිපති කාර්ය සාධක බළකාය බැසිල් ආරම්භ කළේ අරලියගහ මන්දිරයේ සිටය. බැසිල් යටතේ අගමැති ලේකම්, ප්‍රධාන අමාත්‍යාංශ රැසක ලේකම්වරුන්, නාගරික සංවර්ධන අධිකාරියේ ලේකම්, පොලිස්පතිවරයා, දිස්ත්‍රික් විසිපහේම දිසාපතිවරුන්, පළාත් නවයෙහි ආණ්ඩුකාරවරුන් සහ ප්‍රධාන ලේකම්වරුන් නව දෙනා සිටින අතර සමස්ත රටම ඒ හරහා ආවරණය කිරීමට පියවර ගෙන තිබිණි.
බැසිල් මේ සඳහා තෝරාගත්තේ අරලියගහ මන්දිරයේ දෙවැනි මහලේ පිහිටා ඇති කාමරයකි. එය අගමැති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ කාමරයට යාබදව පිහිටි කාමරයය. පළාත් නවයම ආවරණය වන පරිදි ඍජු දුරකතන 9ක් එහි අන්තර්ගත කොට තිබුණේ අවශ්‍ය ඕනෑම මොහොතක් ඒ ඒ පළාත්වල නිලධාරීන් සම්බන්ධකර ගැනීම සඳහාය. එමෙන්ම ඒ ඒ පළාත්වල නිලධාරීන් තමන්ට ඇති ප්‍රශ්න ඍජුවම අදාළ දුරකතන මාර්ග හරහා බැසිල්ටම ඉදිරිපත් කිරීමේ හැකියාවද ඒ හරහා සිදුකළ හැකි විය.
කෙසේ වෙතත් අරලියගහ මන්දිරයට පැමිණ සිය කාමරයේ අසුන්ගත් පළමු මොහොතේම බැසිල්ට විශාල අඩුපාඩුවක් දැකගන්නට ලැබිණි. ඒ වෙන කිසිවක් නොව එකවර ඒ ඒ දිස්ත්‍රික්කවලට අදාළ වගකිවයුතු නිලධාරීන් සියල්ල සජීවීව සම්බන්ධ කරගැනීමට ඇති නොහැකියාවය. ඒ අනුව බැසිල් මුලින්ම කළේ ඒ ආකාරයට සියලුම නිලධාරීන් සම්බන්ධ කරගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට පියවර ගැනීමය. බැසිල් ඒ කටයුත්ත බාර දුන්නේ බිල් ග්‍රේට්ස්ට අයත් ලෝක ප්‍රකට ‘මයික්‍රොසොෆ්ට්’ සමාගමටය.
මේ ආකාරයට බැසිල් එවැනි ක්‍රමවේදයකට ගියේ අත්‍යවශ්‍ය මොහොතක එහි ඇති වටිනාකම පිළිබඳව අත්දැකීම් සහිත වීම නිසාය. මොකද ලංකාවේ දේශපාලන පක්‍ෂවලට පළමුවරට තාක්‍ෂණය ප්‍රයෝජනයට ගැනීම හඳුන්වා දුන්නේ බැසිල්ය. පොහොට්ටුව නිර්මාණය කිරීමේදී බැසිල්ට තමන් කොළඹ සිට ගන්නා තීන්දුව ඒ මොහොතේම යාපනය පේදුරුතුඩුවේ සිටින අවසන් ආසන සංවිධායකවරයා දක්වාම ගෙන යෑමට අවශ්‍ය විය. එමෙන්ම ලබා දුන් පණිවුඩය එම ආසන සංවිධායකවරයා විසින් තමන්ට අයත් ආසනයේ සෑම නිවෙසක් පාසාම රැගෙන යන්නේද යන්න කොළඹ සිටම දැකගැනීමට අවශ්‍ය විය. ඒ අනුව බැසිල් කළේ ඒ සඳහා විශේෂ ‘ඇප්’ (්චච) කිහිපයක් නිර්මාණය කිරීමය. එම ඇප් හරහා බැසිල්ට බත්තරමුල්ලේ පිහිටි පොහොට්ටුවේ ප්‍රධාන කාර්යාලයේ තිබූ සිය පුටුවේ සිට රටේ සියලුම දිස්ත්‍රික්කවල සිදුවන දෑ දැකබලා ගැනීමට හැකියාව ලැබිණි. බැසිල් මෙතැනදීද යොදා ගත්තේ ඒ උපක්‍රමයය.
ඒ අනුව මයික්‍රොසොෆ්ට් සමාගම ඉතාම ඉක්මනින් බැසිල්ගේ අවශ්‍යතාව ඉටු කිරීමට පියවර ගත්තේය. එකවර මුළු රටම සම්බන්ධ කළ හැකි යෙදවුමක් (ඇප් එකක්) සහිත විශාල තිරයක් බැසිල්ගේ මේසය ඉදිරිපිට මයික්‍රොසොෆ්ට් සමාගම සවිකරන්නේ ඒ අනුවය. රටේ සියලුම දිස්ත්‍රික්කවල තත්ත්වයත්, ඒ ඒ දිස්ත්‍රික්කවල අවශ්‍යතාත් බැසිල් දැනගන්නේ මෙම යෙදවුම හරහා දිනපතාම ඒ ඒ දිස්ත්‍රික්කවල ප්‍රධාන ලේකම්වරුන් ඉදිරිපත් කරන කරුණු හරහාය. ඒවා සටහන් කරගැනීම සඳහා වෙනම නිලධාරියකුද පත්කිරීමට බැසිල් පියවර ගෙන ඇත.
ඒ අනුව දිනපතාම උදේ 10.00 වන විට අරලියගහ මන්දිරයේ පිහිටි සිය කාර්යාලයට එන බැසිල් මුලින්ම කරන්නේ ඒ ඒ දිස්ත්‍රික්කවල අවශ්‍යතා සොයා බැලීමය. විශේෂයෙන්ම මේ වන විට සෑම දිස්ත්‍රික්කයකම පොදුවේ ඇති එකම ප්‍රශ්නය වී ඇත්තේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා ගැනීම, අත්‍යවශ්‍ය ඖෂධ ලබාගැනීම සහ අත්‍යවශ්‍ය සේවා කළමනාකරණය. එසේම තවත් ප්‍රධාන වගකීම් කිහිපයක්ම සොයා බලා ඉටුකිරීමට බැසිල්ගේ මෙම බළකායට භාරවී තිබීමද විශේෂත්වයකි.

මෙහිදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීමේදී ප්‍රධානම ප්‍රශ්නය වී ඇත්තේ සහල්, පොල්, බෙහෙත්, බිත්තර, මස්, මාළු, එළවළු, පලතුරු ආදියෙහි ඇති හිඟ බවය. ජනතාවට ඇති ප්‍රශ්න දැනුම් දීම සඳහා අරලියගහ මන්දිරයේ පිහිටුවා ඇති තවත් කොටසක විශේෂ බළකායක් පිහිටුවා ඇති අතර ඒ සඳහා විශේෂ දුරකතන අංක කිහිපයක්ද හඳුන්වා දීමට බැසිල් පියවර ගෙන තිබිණි. පැය 24 පුරාම විවෘත මෙම කාර්යාලයට ලැබෙන ඇමැතුම්වලින් වැඩි හරියක් එන්නේ මෙම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය කිහිපය හිඟ බව දැනුම් දීමටය. බැසිල් වැඩ පටන් ගන්නේ උදේම මේ වාර්තාව දෙස බලාය.
ඒ අනුව බැසිල් විසින් පළමුව කර තිබුණේ මේ එක් එක් විෂයයන් සඳහා වෙන වෙනම නිලධාරීන් පත්කිරීමය. උදාහරණයක් ලෙස සහල් විෂය භාරව ඇත්තේ එක් නිලධාරියකුටය. එළවළු විෂය භාරව ඇත්තේ තවත් නිලධාරියකුටය. ඖෂධ විෂය භාරව ඇත්තේ තවත් නිලධාරියකුටය. මෙහිදී ගාල්ලට සහල් හිඟයක් මතුව ඇති බවට තොරතුරු වාර්තා වුවහොත් බැසිල් විසින් සහල් විෂය සඳහා පත්කොට ඇති නිලධාරියාගේ කාර්යය වන්නේ වහාම එම හිඟය පිරවීමට කටයුතු කිරීමය. රටේම සහල් සම්බන්ධ සියලු තොරතුරු ඇත්තේ මේ නිලධාරියා අතේය. ඒ අනුව වහාම එම නිලධාරියා කරන්නේ ගාල්ලේ දිසාපතිවරයා හා සම්බන්ධ වී ඒ අවශ්‍ය සහල් තොග ගාල්ලට ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමය. මෙහිදී දිස්ත්‍රික්ක අතර මාරුවීම් සඳහා දැඩි සීමා පනවා තිබුණද පොලිසිය සහ ආරක්ෂක අංශ සමඟ සාකච්ඡා කොට බැසිල් ඒ සඳහාද වෙනම ක්‍රමවේදයක් සකස් කර අවසන්ය.
කෙසේ වෙතත් දිනපතාම අරලියගහ මන්දිරයට එන බැසිල්ට මේ වන විට මුහුණදීමට ඇති බරපතළම ගැටලුව වී ඇත්තේ බෙහෙත් ප්‍රශ්නයය. බැසිල්ට දිනපතාම පාහේ ලැබෙන ඇමැතුම්වලත්, මෙහෙයුම් මැදිරියට දිනපතාම පාහේ ලැබෙන ඇමැතුම්වලත් ප්‍රධානම මාතෘකාව බෙහෙත්ය. ඒ සම්බන්ධයෙන් කාර්ය සාධක බළකායේ ප්‍රධානීන් සමඟ පැවැති සාකච්ඡාවලදී පවා ඔවුන් බැසිල්ට පෙන්වා දුන්නේ ඇඳිරි නීතිය පනවා තිබීම හේතුවෙන් ෆාමසි වසා තබා ඇති බවත් රාජ්‍ය ඖෂධ සංස්ථාවට අයත් ඔසුසල් පැය 24 පුරාම විවෘතව තැබුණද අවශ්‍යතාව සපුරාලීම සඳහා එය ප්‍රමාණවත් නොමැති බවත්ය. ඒ අනුව බැසිල් අදාළ අංශ සමඟ සාකච්ඡා කොට තීන්දු කළේ ඇඳිරි නීතිය මධ්‍යයේ වුවද සියලුම ප්‍රදේශවල ඔසුසල් විවෘත කර තැබීමටය. මීට අමතරව අන්තර්ජාලයෙන් ඖෂධ වර්ග ඇණවුම් කිරීමේ හැකියාවද ජනතාවට ලබාදීමට බැසිල් පියවර ගත්තේය.
බෙහෙත් සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවේදී තවත් විශේෂ කාරණයක් මතු කිරීමට බලධාරීන් පියවර ගෙන තිබිණි. ඒ අත්‍යවශ්‍ය බෙහෙත් ද්‍රව්‍යවල පවතින හිඟයක් පිළිබඳවය. විශේෂයෙන්ම කොරෝනා පරීක්ෂණ කට්ටල, මුඛ ආවරණ සහ අත්‍යවශ්‍ය ඖෂධ කිහිපයක හිඟයක් පිළිබඳවද බලධාරීන් බැසිල්ගේ අවධානය යොමුකොට තිබිණි. ඉන්දියාව ඇතුළු ලංකාවට බෙහෙත් සපයන ජාත්‍යන්තර රටවල් පවා මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරුව ලොක්ඩවුන් කර තිබීමත්, විශේෂයෙන්ම ඉන්දියාව සියලු අපනයන අත්හිටුවීමට පියවර ගෙන තිබීමත් මත මෙම තත්ත්වය මතුව ඇති බවත් ඔවුහු බැසිල්ට පෙන්වා දී තිබිණි. ඒ අනුව බැසිල් වහාම කළේ මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත්, අගමැතිවරයාත් සමඟ සාකච්ඡා කොට හදිසි විදෙස් තානාපති හමුවක් අරලියගහ මන්දිරයේ සූදානම් කිරීමය. මෙම හමුවට යුරෝපා සංගමය නියෝජනය කරන නියෝජිතයන් බොහෝදෙනකු සහභාගි වී සිටි අතර ඉන්දීය සහ චීන නියෝජිතයන් වෙනම හමුවීමට බැසිල් පියවර ගත්තේය. මෙම සාකච්ඡාවලදී යුරෝපා සංගමයේ නියෝජිතයන් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා සහ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳව විස්මයට පත්ව අදහස් දක්වනු දැකගත හැකි විය. කොරෝනා මර්දනය, සංචාරක කර්මාන්තය යළි නඟාසිටුවීම, කෘෂිකර්මාන්තයේ දියුණුවට යුරෝ මිලියන 22ක් ලබාදීමට යුරෝපා සංගමයේ රටවල් තීන්දු කළේ ඒ අනුවය. මෙහි ඇති විශේෂත්වය වන්නේ යුරෝපා සංගමයට අයත් ප්‍රධාන රටවල් වන ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය ඇතුළු රටවල කොරෝනා වෛරයිසයෙන් දහස් ගණන් දිනකට මිය යද්දීත් දස දහස් ගණන් රෝගීන් හමුව තිබියදීත් යුරෝපා කොමිසම මෙම තීන්දුව ගැනීමය. ඉන්දියාව සමඟ පැවැති සාකච්ඡාවද සාර්ථක කර ගැනීමට බැසිල් සමත් වූයේ අපනයන තහනමක් මධ්‍යයේ වුවද අත්‍යවශ්‍ය බෙහෙත් ලංකාවට එවීමට ඉන්දීය බලධාරීන් එකඟ කරවා ගනිමිණි. පසුගිය සතියේ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි අතිවිශේෂ ගුවන් යානයකින් ටොන් දහයක් බරැති බෙහෙත් තෑග්ගක් වශයෙන් ලංකාවට එව්වේ බැසිල්ගේ සාකච්ඡාවේ ප්‍රතිඵලයක් වශයෙනි. ඊට වහාම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාත්, අගමැති මහින්ද රාජපක්ෂ මහතාත් ට්විටර් පණිවුඩයක් තබමින් ඉන්දීය අගමැතිවරයාට විශේෂ ස්තුතියක් පළ කිරීමටද පියවර ගෙන තිබිණි. මීට අමතරව බැසිල්ගේ චීන සාකච්ඡාද පසුගිය සිකුරාදා වන විට ඵලදරා තිබුණේ ආධාර රැගත් චීන නැවක්ම ලංකාවට පැමණීම හරහාය. පරීක්ෂණ කට්ටල :ඔැිඑ ණසඑි, මුඛ ආවරණ. ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ම එහි තිබූ බව ආරංචිය.
බැසිල් මේ සියල්ල කරන්නේ තනිවම නොව ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයාගේත් උපදෙස් සහ අනුමැතිය යටතේය. බැසිල්ගේ බළකාය ගනු ලබන සියලුම තීන්දු තීරණ ඒ මොහොතේම ජනාධිපති ලේකමවරයා සහ අගමැති ලේකම්වරයා හරහා ජනාධිපතිවත්, අගමැතිවත් දැනුවත් කරන අතර ඔවුන් දෙදෙනාගේම උපදෙස් එම ලේකම්වරුන් හරහා බැසිල්ට දැනුම්දීමද සිදුකෙරෙයි. ඒ අනුව සියලුදෙනාගේම එකඟතාවය මත අවසන් තීන්දුව බැසිල් විසින් ක්‍රියාත්මක කරනු ලබයි. ජනාධිපතිවරයා යටතේ සහ අගමැතිවරයා යටතේ නිකුත් කළ යුතු නිවේදන ඒ ඒ ලේකම්වරුන් විසින් මාධ්‍යයට යොමු කිරීමටද පියවර ගෙන ඇත.
මීට අමතරව බැසිල්ගේ බළකාය විසින් ගනු ලබන තීන්දු තීරණ ජනතාවට දැනුම්දීම සඳහා වෙනම මාධ්‍ය ඒකකයක්ද අරලියගහ මන්දිරයෙහි ස්ථාපිත කොට තිබේ. එහි ප්‍රධානියා ලෙස පත්කොට ඇත්තේ මාධ්‍ය ක්ෂේත්‍රයේ හසළ අත්දැකීම් ඇති චරිතයක් වන මහාචාර්ය චරිත හේරත්ය. මාධ්‍ය සමඟ මනා සම්බන්ධීකරණයක් ඇතිකර ගනිමින් රට දැනුවත් කිරීම චරිත විසින් අපූරුවට කරන බවද නොකියාම බැරිය.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

බලය තියෙන්න‌ේ ජනාධිපතිටද-පාර්ලිමේන්තුවටද-‌කොමිසමටද? ජනාධිපති නීතීඥ උපුල්ගේ නීතිමය විග්‍රහය ‌මෙන්න

Next Post

වවුලන් ‌කොරෝනාව ‌ගෙනා හැටි චන්ද්‍රිකා ‌සොයා ගත් හැටි

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.