කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගම සමග සංවර්ධනය කිරීම සඳහා වන කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී ඇති බව වරාය හා නාවික ඇමති රෝහිත අබේගුණවර්ධන මහතා මාධ්‍ය හමුවක් අමතමින් මේ බව කියා සිටියේය.
49%ක් එම සමාගමටත් 51%ක් ශ‍්‍රී ලංකා රජයටත් වන සේ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කරන බවත් පැවසූ ඇමැතිවරයා අදානි සමාගම යෝජනා කර ඇත්තේ ඉන්දීය රජය විසින් බවද සඳහන් කළේය.
නැගෙනහිර පර්යන්තය පවත්වාගෙන යාම සඳහා රජයට මුදල් නැතිකම නිසා මෙසේ ආයෝජකයන් කැදවන බවද එම මුදල් ආයෝජනය කළ හැකි දේශිය ආයෝජකයෙක් සොයා ගත නොහැකි වූ බැවින් මෙම පියවරට යාමට සිදුවූ බවද ඇමතිවරයා කියා සිටියේය.










