වත්තල, හැදල කෙරවලපිටියේ පවත්වාගෙන ගිය සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68 දෙනෙකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වීමත් සමග එහි සමස්ත ආසාදිතයන්සංඛ්‍යාව 119 දක්වා ඉහළ ගොස් ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුණ අමරසේකර මහතා පවසා සිටියි.
අදාළ කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වී ඇත.
කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 693 දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා යොමුකර ඇත. එයින් මේ වන විට ලැබී ඇති ප්‍රථිපල අනුව එම කර්මාන්ත ශාලවෙන් සමස්ත කොරෝනා ආසාදිතයන් 119ක් වාර්තා වී ඇත.
තවත් 400කට ආසන්න ප්‍රමාණයක පී.සි.ආර්. ප්‍රථිපල ලැබීමට නියමිත බවද අමරසේකර මහතා පැවසීය.










