ටෙලිකොම් ආයතනය පාඩු ලබන බවත්, එය විකුණා නොදැමුවහොත් ජනතාවට කෑම නොලැබෙනු ඇති බව ජනාධිපතිවරයා සහ ඔහුට හිතෛෂී වජිර අබේවර්ධන මහතා පවසන බවත්, එය සම්පූර්ණයෙන්ම අසත්යයක් බවත් සජබ ආසන සංවිධායක නිරෝෂන් පාදුක්ක මහතා පැවසීය.
ටෙලිකොම් වත්කම් මේ වනවිට බිලියන 400කට ආසන්න බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
කෙසේවෙතත් වජිර අබේවර්ධන මහතාගේ ගාල්ල නිවසේ ලක්ෂ ගාණක ටෙලිකොම් බිලක් ගෙවා නැති බවද ඒ මහතා කීය.










