රට වසා දැමීමට සූදානම් වන බවට පැතිර යන ප්‍රචාරවල සත්‍යතාවක් නොමැති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
නව කොරෝනා වෛරසය ප්‍රභේදය වැළදුණු රෝගීන් පිරිසක් මෙරටින් වාර්තා වීමත් සමඟ රට වසා දැමීමට සූදානමක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ ද විවිධ පුවත් පළව ඇති නමුත් එසේ තීරණයක් ගෙන නොමැති බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයාද නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටී.










