• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලීක් කරගත්තාද? පැමිණිලි නොකර ඉන්න එපා! Delete Nothing වෙබ් එකට පැමිණිලි කරන්න! ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ – වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න! Sri Lanka Latest News

November 24, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
ලීක් කරගත්තාද? පැමිණිලි නොකර ඉන්න එපා! Delete Nothing වෙබ් එකට පැමිණිලි කරන්න! ඔබේ ලිංගික සහකරුට නිරුවත් ෆොටෝ – වීඩියෝ යවන්න කලින් මේ ගැන සැලකිලිමත් වෙන්න! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පෙම්වතුන්, ආදරවන්තයන් හෝ ලිංගික සහකරුවන්ව සිටියදී යවන ලද හෝ පටිගත කරන ලද අතිශය පෞද්ගලික ඡායාරූප හෝ වීඩියෝ එකිනෙකාගේ කැමැත්ත හෝ අනුදැනුමකින් තොරව අන්තර්ජාලයට මුදාහැරීම පිළිබඳ චේතනාන්විත ක්‍රියාවන් ගැන නිතර නිතර සමාජ මාධ්‍ය ඔස්සේ අසන්නට දකින්නට ලැබේ. ඒවා බොහෝ විට මෙලෙස පළකෙරෙන්නේ, පෙම් සබඳතා හෝ ලිංගික සබඳතා බිඳී යාමෙන් පසු හෝ පළිගැනීමේ අරමුණෙනි. (Sri Lanka Latest News)

එසේම ඇතැම් අවස්ථාවලදී දුරකතන අලුත්වැඩියා කිරීම ආදියට ලබාදීමෙන් පසු අදාළ සේවා ස්ථානවලින් දුරකතනයේ ඇති පෞද්ගලික ඡායාරූප සොරාගෙන ඒවා අන්තර්ජාලයට මුදාහැරි අවස්ථා පිළිබඳවද මෑත ඉතිහාසයේ වාර්තා වී තිබේ.

මෙලෙස අන්තර් ජාලයට මුදාහැරෙන ඇතැම් ඡායාරූප හෝ වීඩියෝ සත්‍ය නොවන අතර AI තාක්ෂණය උපයෝගී කරගනිමින් සකසන ලද ඡායාරූප හෝ විඩියෝවලට ද දැන් ලෝකය පුරා උදාහරණ තිබේ.

මෙවැනි අපයෝජනයන්ගෙන් මෙන්ම හිංසනයන්ගෙන් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?
ඔබේ පෙම්වතාට, පෙම්වතියට, ආදරවන්තයාට, ආදරවන්තියට හෝ ලිංගික සහකරුට හෝ සහකාරියට නිරුවත් ෆොටෝ, වීඩියෝ යැවීමට පෙර ඔබ ඒ ගැන සැලකිලිමත් වීමට අත්‍යාවශ්‍ය වන කරුණු මොනවද යන්න පිළිබඳ අප, ඔබේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් විශේෂඥ අදහස් සහිතව විමසා බැලීය.

‘මෙවැනි දේවල් යවන්න එපා කියලා හැම වෙලාවෙම අපි කිව්වට ඒක යල් පැනගිය එකක් වෙලා’
‘මෙවැනි දේවල් යවන්න එපා කියලා හැම වෙලාවෙම අපි කිව්වට ඒක යල් පැනගිය එකක් වෙලා. මොකද කෘත්‍රිම බුද්ධිය වගේ තාක්ෂණය එක්ක දැන් මේ වගේ දේවල් ව්‍යාජ විදියට හදන්න පුළුවන් වෙලා තියෙන නිසා.’

‘අපි කියන දෙයක් තමයි ඔයා පින්තූරයක් යවන්න කැමැති නැති නම් ඒක කරන්න එපා. හැබැයි තමන්ගේ පෙම්වතා පෙම්වතිය විශ්වාස කරනවා නම්, හම්බ වෙන්න විදියක් නැති නම් කැමැත්තෙන් පින්තූර හරි වීඩියෝ හරි යවනවා නම් පුළුවන් තරම් යවනකොට අඳුරගන්න බැරි වෙන්න යවන්න කියලා.’
‘අපි කියනවා මුහුණ නැතිව යවන්න කියලා. එහෙම් නැති නම් වටපිටාව හඳුනාගන්න බැරි විදියට යවන්න කියලා. ඒත් එක්කම තමන්ගේ ශරීරයේ තියෙන උපන් ලප වගේ විශේෂයෙන් හඳුනාගත හැකි කොටස් තියෙනවානේ, ඒවා නැතිව යවන්න කියලා…’ යැයි මෙවැනි සිදුවීම්වල වින්දිතයන්ට සහාය වී අත්දැකීම් බහුල, ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය පැවැසුවාය.

මෙවැනි සිදුවීමවල බහුල වශයෙන් ඇත්තේ තර්ජනය කිරීම් හා බියවැද්දීම් බව පෙන්වා දුන් ඇය එම නිසා ඇතැම් විට දිගින් දිගටම හිංසනයට ගොදුරු වෙමින් සම්බන්ධතාව පවත්වාගෙන යාමට සිදුවන බවද කියා සිටියාය.

‘ආදරය කරන්න එපා කියලානේ, මේ තරුණ වයසේ දී ඒ අයට ලැබෙන පණිවිඩය. ඉතින් එතකොට කරදරයක් වුණාම කියන්න කෙනෙක් නැහැ. මොකද හැමෝම ආදරය කරන්න එපා කියලා බය කරලානේ තියෙන්නේ…’

‘මොනවා හරි අන්තර්ජාලයට දැම්මොත් ඒක අයින් කරන්න බැහැ’
මෙවැනි ගැටලුවලට තාක්ෂණයෙන් පිළිතුරු සොයනවා වෙනුවට හැසිරීම තුළින් මෙවැනි දේ නිරාකරණය කරගත යුතු බව පබා දේශප්‍රිය සඳහන් කළාය. එමෙන්ම අන්තර්ජාලයට එක් කරන ලද ඡායාරූප හෝ වීඩියෝ සම්පූර්ණයෙන්ම මකාදැමිය නොහැකි බව මෙන්ම වෙනත් තැනකින් හෝ යළි මතුවිය හැකි යැයි අවබෝධයෙන් යුතුව කටයුතු කළ යුතු බව සිය අත්දැකීම් ඇසුරෙන් පබා දේශප්‍රිය අවධාරණය කළාය.

‘ෆේස්බුක් එකට හරි වෙන සමාජ මාධ්‍යවලට ලියලා දාන ඒවා අපි අයින් කළාට ඊට පස්සේ ආපහු කවුරු හරි දානවා. ඒ කියන්නේ ඒක අයින් කළා කියලා නවතින්නේ නැහැ….’

එමෙන්ම වට්ස්ඇප් වැනි ඇප් හරහා හුවමාරු වන වීඩියෝ හෝ ඡායාරූප ඉවත් කිරීමේ හැකියාවක් නැති බව ද ඇය පැවැසුවාය.
‘අපි ගාවට එන අය කියන දෙයක් තමයි අනේ කොහොම හරි මේක අයින් කරලා දෙන්න කියන එක. හැබැයි මූලික දෙයක් තමයි මොනවා හරි අන්තර්ජාලයට දැම්මොත් ඒක අයින් කරන්න බැහැ, මොන ඇප් එකෙන් මොනවා කිව්වත්. කොහේ හරි ඒක සේව් වෙලා ලෝඩ් වෙලා තියෙන්න පුළුවන්….’

පළිගන්න ෆොටෝ, වීඩියෝ පළකරන්නේ ඇයි?
පළිගැනීමේ අරමුණින් වෙනත් කෙනකුගේ අතිශය පුද්ගලික ඡායාරූප හෝ වීඩියෝ පළකිරීම ගැනද ඇය පැහැදිලි කළාය.
‘ගෞරවය කියන්නේ මොකක්ද කියලා කාගෙන් හරි ඇහුවොතින් හරි අමාරුයි පැහැදිලි කරන්න. හැබැයි ගෞරව කරන්නේ කාටද කියලා ඇහුවොතින් ඔන්න ලැයිස්තුවක් කියනවා. ඒ කියන ලැයිස්තුවේ ඔක්කොම බලයෙන් වැඩි අය. ඕනෙ තැනක වැඳවැටෙන්න පුළුවන්. හැබැයි ඇත්තටම ඒ පුද්ගලයාට ගෞරව කරනවාද, අපි සහකම්පනයෙන් සමානාත්මතාවයෙන් සලකනවාද, එයාට ඇත්ත වටිනාකමක් දෙනවාද කියන එක අපි ඉගෙනගෙන නැහැ. අනිත් එක කේන්තිය පාලනය කරගන්න එක ගැන අපිට පාසලෙන්වත් පුහුණුවක් ලැබෙන්නේ නැහැ.’

‘අපි විවේචනාත්මකව බලන්න ඕනේ සම්බන්ධතාවක් ගැන හිතන්නේ කොහොමද කියන එක ගැන. මවුපියෝ ළමයින්ට ගහන එක පවා සෑහෙන ප්‍රශ්නයක් නේ. ගුටි කාලා බැනලා ගොඩනැගෙන ළමයා මොකක්ද එයාට ටිකක් බලය ආවාම කරන්නේ? එයාට වැඩිය බලය අඩු කෙනෙක් පාගනවා. හුදෙකලා කරලා මේ සම්බන්ධතා ඇතුළේ තියෙන පළිගැනීම ගැන කතාකරන්න අමාරුයි. ඒක සමාජයෙම තියෙන හිංසනය සහ පළිගැනීම කියන එකත් එක්ක ආමන්ත්‍රණය කරන්න ඕනේ…..’

මෙවැනි සිදුවීම්වලට ශ්‍රී ලංකාව තුළ නීති ඇතැයි කී පබා දේශප්‍රිය ‘දණ්ඩ මුක්තිය බිඳදැමීමට’ නම් මෙවන් පීඩාවකට පත්වුවහොත් නීතිය හමුවට යාම අනිවාර්යෙන්ම කළ යුතු යැයි අවධාරණය කළාය.

උපකාර ලබාගත හැක්කේ කාගෙන්ද?
මෙවැනි හිංසන හා අපයෝජන සම්බන්ධව ගත හැකි ආරක්ෂාකාරී පියවර මොනවාද යන්න ගැනද පබා දේශප්‍රිය මෙසේ පැවැසුවාය.
‘තමන්ගේ පින්තූරයක් කැමැත්ත නැතිව කවුරු හරි කොහේ හරි දාලා තියෙනවා නම්, දානවා කියලා තර්ජනය කරනවා නම් එහෙම නැති නම් අල්ලස් ඉල්ලනවා නම් පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ පැමිණිල්ලක් දාන්න පුළුවන්.’

‘විනිශ්චයභාවයකින් තොරව’ එවැනි වින්දිතයන් සමාන්‍ය පැමිණිලිකරුවන් ලෙස භාරගනිමින් ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට පොලීසිය දැනුවත් කර ඇතැයි ඇය කියා සිටියාය.

වයස අවුරුදු 18ට වඩා අඩු තැනැත්තෙක් මෙවැනි සිදුවීමකට මුහුණ දුනහොත් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ උපකාර පැතිය හැකිය. එමෙන්ම හෑෂ්ටැග් පරපුර, පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සහ කාන්තා පිහිට සංවිධානය වැනි ආයතනය පීඩාවට පත් වින්දිතයන් වෙනුවෙන් සිය සහාය ලබාදෙයි.

‘පින්තූරේ යැව්වට නෙමෙයි ලැජ්ජා වෙන්න ඕනේ’
‘බොහෝ දෙනෙක් පොලිසියට යන්න කැමැති නැහැ. නමුත් අපි විශ්වාස කරනවා පොලිසි නොගියත් මේවා කොහේ හරි වාර්තා වෙන්න ඕනේ කියලා. එතකොට තමයි අපිට ප්‍රශ්නේ ගැඹුර තේරුම් ගන්න පුළුවන් වෙන්නේ….’

‘Delete nothing’ කියලා වෙබ් සයිට් එකක් තියෙනවා. ඒකේ තමන්ට වෙච්ච දේ රෙකෝඩ් කරලා තියන්න පුළුවන්. තමන්ට වෙච්ච අසාධාරණය කොහේ හරි ලියලා තියන්න ඕනෙ කියන එකයි අපි පිළිගන්නේ. ඒ නිසා මේ වෙබ් සයිට් එකට යන්න පුළුවන්…’

‘පින්තූරේ යැව්වට නෙමෙයි ලැජ්ජා වෙන්න ඕනේ. තමන්ගේ කැමැත්ත නැතිව අනිත් අයට පළකරන කෙනා තමයි ලැජ්ජා වෙන්න ඕනේ.‘ යැයි ද ග්‍රාස්රූටඩ් ට්‍රස්ට් ආයතනයේ අධ්‍යක්ෂිකා පබා දේශප්‍රිය තවදුරටත් පැවැසුවාය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

රට හදන තැන ඉඳන් රට හදන හැටි කියපු අනුර! හොර බොරු නැති රාජ්‍ය සේවයක්! ජාතිවාදය බෑ! ආගම්වාදය නෑ! නීතිය ජනාධිපතිටත් එකයි! අපරාධකාරයෝ හෙළිදරව් කරනවා! මූල්‍ය අරමුදලත් සමග ඉදිරියට යනවා! ණය ප්‍රතිව්‍යුහගත කිරීම දෙසැම්බර් අවසන්! Sri Lanka Latest News

Next Post

බෙංගාල බොක්කේ අවපීඩන කලාපයක්! ලංකාවට සුළි සුළගක් එනවා! පැල් බැඳගෙන වහිනවා! ගංවතුරකුත් එනවා! කාලගුණෙන් අනතුරු ඇඟවීම් වැළක්!  I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.