ඉදිරි මහමැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා වහාම සූදානමින් සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා රජයේ මුද්‍රණාලයාධිපතිනිය වූ ගංගා කල්පනී ලියනගේ මහත්මියට දැනුම් දී ඇත.
ඊයේ (28) දිනයේ මෙම දැනුම් දීම කර ඇති බව වාර්තා වේ.
මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ තීන්දුව ලැබුණු විගස ඡන්දය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කෙරෙන බැවින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අවශ්‍ය කටයුතු සැලසුම් කරගන්නැයි ද මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට දැනුම් දී තිබේ.