කොරෝනා වසංගතය හේතුවෙන් බරපතළ අර්බූදයන්ට මුහුණ දී ඇති ලංකාවට යළි නැගී සිටීම සදහා ජාත්‍යන්තර ප්‍රජාවේ කොන්දේසි විරහිත සහාය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලීමක් කළේය.
කැනඩා හා ජැමෙයිකා අගමැතිවරුන් සහ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් සංවිධාන කරන ලද “කොවිඩ් – 19 සහ ඉන් ඔබ්බට යුගයේ සංවර්ධනය සදහා මූල්‍යකරණය පිළිබඳ ඉහළ පෙළේ වීඩියෝ සම්මන්ත්‍රණය” අමතා ජනාධිපති ලේකම් කාර්යාලයේ සිට ජනාධිපතිවරයා මේ ඉල්ලීම කර සිටියේ ය.
සෑම ප්‍රධාන ද්විපාර්ශ්වික හා බහුපාර්ශ්වික ණය සපයන්නන් විසින් ලබාදෙන නිල ණය සහ මධ්‍යකාලීන හදිසි අයවැය ආධාර ණය පෞද්ගලික ණය වගකීම් සපුරාලීමට අවශ්‍ය සාර්ව ආර්ථික අවකාශය විවෘත කරනවා සේම එය වෙළෙඳ හා ගෙවීම් ක්‍රම ලිහිල් කර පෞද්ගලික අංශයේ ණය හිමියන්ට වර්ධනය නැවත සකසා ආයෝජනයට අවශ්‍ය විශ්වාසය ගොඩනැගීමට අවකාශය සැලසිය යුතු බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්‍නේ ය.
‘ශ්‍රී ලංකාව තුළ ආදායම, අපනයන ආශ්‍රීත ආදායම, සංචාරක ව්‍යපාරය සහ සම්බන්ධිත සේවා ආශ්‍රිත ප්‍රධාන සම්ප්‍රේෂණ මාර්ග අපගේ සැබෑ ආර්ථිකයට බලපෑම් එල්ල කර ඇත. සේවා නියුක්තිය හා ජීවනෝපාය අහිමිවීම විශාලය. අපට මුහුණ දීමට සිදුව ඇති දුෂ්කරතා කුමක් වුවද පළමුව ජනතාව යන අපේ ප්‍රතිපත්ති අත්හළ නොහැක්කේ අප වඩාත් අගය කරන එකම වත්කම මානව සංවර්ධනය නිසා ය.’ යනුවෙන්ද ජනාධිපතිවරයා සදහන් කර සිටියේය.