• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 3ක් වූ ටියුෂන් ගුරුවරුන්ගේ ප්‍රශ්නය සජිත් පාර්ලිමේන්තුවට අරන් යයි (VIDEO)

January 8, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ලක්ෂ 3ක් වූ ටියුෂන් ගුරුවරුන්ගේ ප්‍රශ්නය සජිත් පාර්ලිමේන්තුවට අරන් යයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ලක්ෂ තුනක උපකාරක පන්ති ගුරුවරු මේ වනවිට දැඩි අර්බුදයක සිටින බවත්, ඔවුන්ට ආණ්ඩුව ලබා දෙන විසදුම කුමක්ද යන්නත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.

එහිදී විපක්ෂනායකවරයා ස්ථාවර නියෝග 27 (2) යටතේ අසනු ලැබූ ප්‍රශ්න මෙසේය.

ගරු කථානායකතුමනි,
2020 ඔක්තෝබර් මස 03 වැනි දින සිට මේ දක්වා දිවයිනේ සියළුම උපකාරක පන්ති පැවැත්වීම රජයේ දැනුම් දීම මත නතර කර තිබෙනවා. පාසල් අධ්‍යාපනයට පරිපූරකයක් විදියට ක්‍රියාත්මක වන උපකාරක පන්ති, මේ වන විට ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අධ්‍යාපන ක්‍රමවේදයක් විදියට, දැයේ දූ දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සඳහා විශිෂ්ඨ දායකත්වයක් ලබා දෙනවා.
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ, සාමාන්‍ය පෙළ, ප්‍රාථමික අංශ වගේම වෘත්තීය විභාග සහ වෘත්තීය පාඨමාලාවන්ට අදාලව, ඉගැන්වීම් කරන උපකාරක පන්ති ගුරු මහත්ම මහත්මීන් සංඛ්‍යාව ලක්ෂ 3 ක් පමණ වෙනවා. දිවයින පුරා උපකාරක පන්ති පවත්වන ආයතන 25,000 ක් පමණ තිබෙන අතර, මේ ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති සෘජු සහ වක්‍ර රැකියා ප්‍රමාණය ලක්ෂ 10 ඉක්මවනවා.
පසුගිය වර්ෂය තුළදී කොවිඩ්-19 උවදුර හේතුවෙන් උපකාරක පන්ති පැවැත්වීමට අවස්ථාව ලැබී ඇත්තේ ඉතා සීමිත කාලපරිච්ඡේදයක වන අතර, එය ද අඛණ්ඩව පවත්වා ගෙන යාමට නොහැකි වී තිබෙනවා. එම නිසා අදාල විෂයය නිර්දේශයන් සම්පූර්ණයෙන් ආවරණය කිරීමට නොහැකි වී තිබෙනවා.

ගරු කථානායකතුමනි,

මේ තුළින් වැඩිම අපහසුතාවයන්ට පත් වී සිටින්නේ විභාග සඳහා මුහුණ දීමට නියමිත සිසු දරු දැරියන් වන අතර, මාර්ගගත ඉගැන්වීම් (Online Education) වලින් නිසි පරිදි අධ්‍යාපනය ලබා ගැනීම ඉතාමත් අපහසු කාර්යයක් වී තිබෙනවා. එමෙන්ම, බොහෝ සිසු දරුවන්ට අන්තර්ජාලයට පිවිසීමේ අපහසුතා පැවතීම සහ ජංගම දුරකථන හෝ පරිඝණක නොමැති නිසා මාර්ගගත අධ්‍යාපන ක්‍රමවේදය තවමත් මෙරට නිසියාකාරව ස්ථාපනය වී නැහැ.

උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට නොහැකි වීම නිසා ඒ තුළින් අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන් මෙන්ම, සෘජුව මෙම කර්මාන්තය හා බැඳි රැකියාවන්හි නියුතු ගුරුභවතුන්, උපකාරක පන්ති ආයතනවල හිමිකරුවන්, අනධ්‍යයන කාර්ය මණ්ඩල සේවකයින් වැනි පිරිස් සහ වක්‍රාකාරව මෙම කර්මාන්තය හා අනුබද්ධ රැකියාවන්හි නියුතු මුද්‍රණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන්, ආහාර සපයන හෝටල් සහ ආපනශාලා, ප්‍රචාරණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන් වැනි බොහෝ පිරිසකට තම ආදායම් මාර්ග අහිමිවීම නිසා ගැටලු රාශියකට මුහුණ පෑමට සිදු වී තිබෙනවා.

ගරු කථානායකතුමනි,
මෙම පසුබිම යටතේ ජාතික වැදගත්කමකින් යුතු හදිසි කරුණක් වශයෙන් සලකා, පහත ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙනවා.

  1. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ සාමාන්‍ය පෙළ විභාගය සඳහා, දෙවනවර හෝ තෙවන වර පෙනී සිටින සිසු දරු දැරියන්ගේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන්ම උපකාරක පන්ති මත රඳා පවතිනවා. මාර්ගගත ඉගැන්වීම් ක්‍රමය තවමත් සාර්ථක නොමැති බැවින් සහ, තොරතුරු තාක්ෂණය, අනෙකුත් තාක්ෂණ විෂයයන් හා ඖෂධවේදය වැනි ප්‍රායෝගිකව අධ්‍යයනයන් සිදු කළ යුතු වෘත්තීය පාඨමාලා මාර්ගගත ඉගැන්වීම් ක්‍රමයට පැවැත්වීම අපහසු නිසා එම අධ්‍යාපන කටයුතු ද අඩාල වී තිබෙනවා. එම නිසා සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින්, කඩිනමින් උපකාරක පන්ති ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීමට රජය කටයුතු කරන්නේ ද? එසේනම් ඒ කවදා සිටද? එසේ ආරම්භ කරන්නේ නම්, 2020.05.28 වැනි දින සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින්, උපකාරක පන්ති පැවැත්වීමට අදාලව නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව තවදුරටත් වලංගු වන්නේද? නොඑසේනම්, නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් ඉදිරිපත් කිරීමට රජය කටයුතු කරනු ලබන්නේ ද? ඒ කවදා වනවිට ද?
  2. පාසල් වසා තැබීමට සිදුවීමත්, උපකාරක පන්ති පැවැත්වීමට නොහැකිවීමත් නිසා, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාගයන්ට අදාල විෂය නිර්දේශයන් ආවරණය කිරීමට නොහැකි වී තිබෙනවා. එමෙන්ම වෘත්තීය පාඨමාලා අධ්‍යයන කටයුතු ද අඩාල වී තිබෙනවා. එම නිසා සුදුසුකම්ලත් රැකියා අපේක්ෂකයින්ගේ හිඟයක් ඇති වී, ඉදිරි වසර කිහිපය තුළ රැකියා වෙළඳපොලේ අසමතුලිතතාවයක් ඇති වීමේ අවදානමක් ද පවතිනවා. මේ පිළිබඳව රජයේ අවධානය යොමු වී තිබේද? එසේ නම් ඒ සඳහා මේ වන විට ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද? නොඑසේ නම් ඒ මන්ද?
  3. ඇතැම් පාසල්වල මෙන්ම උපකාරක පන්තිවල ද දැනට මාර්ගගත ඉගැන්වීම් ක්‍රමය යටතේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වුවත්, ඒ සමඟ සම්බන්ධ වීමට හැකියාව ලැබී තිබෙන්නේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවෙන් 40% ක් වැනි සීමිත පිරිසකට පමණයි. බොහෝ දුෂ්කර ප්‍රදේශවල දූ දරුවන්ට මාර්ගගත පන්තිවලට සම්බන්ධ වීමට අවශ්‍ය තාක්ෂණික උපකරණ සහ අන්තර්ජාල පහසුකම් නැහැ. එමෙන්ම පවතින දුරකථන සංඥාවල දුර්වලතාවයන් ද මෙයට විශාල වශයෙන් බාධාවක් වී තිබෙනවා. එවැනි දුෂ්කර ප්‍රදේශයන්හි ජීවත්වන දරු දැරියන්ගේ අධ්‍යාපනය බිඳ වැටීමට මෙය හේතුවන බව රජය පිළිගන්නේ ද?

එවැනි අඩු වරප්‍රසාදිත ශිෂ්‍ය ප්‍රජාවට අධ්‍යාපනය ලබා දීම සඳහා නිසි වැඩපිළිවෙලක් රජය විසින් මේ වන විට සකස් කර තිබේද? කඩිනමින් දිවයිනේ සියළු ප්‍රදේශ ආවරණය කරන අන්තර්ජාල පහසුකම් ලබා දීමේ වැඩපිළිවෙලක් රජය සතු ද? තාක්ෂණික උපකරණ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලබා දීමේ වැඩපිළිවෙලක් රජය ඉදිරිපත් කරන්නේද? එසේනම් ඒ පිළිබඳව විස්තර මෙම ගරු සභාවට ඉදිරිපත් කරනු ලබන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?

  1. උපකාරක පන්ති ක්ෂේත්‍රයේ රැකියාවන්හි නියැලී සිටින ලක්ෂ 10කට අධික පිරිසකට ආදායම් අහිමි වීමට අමතරව, ලීසිං සහ ණය වාරික ගෙවීමට පවා නොහැකිව අසීරුතාවයන්ට පත් වී සිටිනවා. එම පිරිසට යම් සහනදායී ණය ක්‍රමයක්, රක්ෂණ ක්‍රමයක් හෝ ලීසිං සහ බැංකු ණය වාරික ගෙවීමට සහන කාලසීමාවක් හෝ ලබා දීමට රජය කටයුතු කරනු ලබන්නේ ද? එසේ නම් එම විස්තර මෙම ගරු සභාවට ඉදිරිපත් කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?
SendShareShare
Previous Post

මහර 11ම මැරුණේ වෙඩි වැදිලා

Next Post

එදිරිසිංහලා 4 දෙනාම යළිත් අත්අඩංගුවට

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.