ඊ.ටී.අයි. මුල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස් කර සිටි එදිරිසිංහ පවුලේ සාමාජිකයන් සිව්දෙනා නැවත් වතාවක් අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) දිනයේ කටයුතු කර ඇත.
මුදල් අවභාවිතය, වංචා කිරීම, මුදල් විශුද්ධිකරණය හා වෙනත් අපරාධ චෝදනා සම්බන්ධයෙන් නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අත්අඩංගුවට ගෙන ඇති බව වර්තා වේ.










