පසුගිය නොවැම්බර් 29 වනදා මහර බන්ධනාගර නොසන්සුන්තාවයේදී මියගිය රැඳවියන් 11 දෙනාම මරණයට පත්වී ඇත්තේ වෙඩි වැදීමෙන් බව පංච පුද්ගල විද්වත් මණ්ඩලය විසින් අද අධිකරණයට දැනුම් දී ඇත.
මීට පෙර රැදවියන් 8 දෙනකු වෙඩි වැදී මිය ගොස් තිබූ බව අනාවරණය කොට තිබූ අතර අද දිනයේදී පංච පුද්ගල විද්වත් කමිටුව අධිකරණයට දන්වා සිටියේ අනෙක් රැඳවියන් 03 දෙනාගේ මරණවලට හේතුවද වෙඩි වැදීම් බවයි.
කෙසේවෙතත් ඔවුන්ට කොවිඞ් ආසාදනය නොවීම හමුවේ එම සිරුරු ඥාතීන්ගේ එකගතාවය මත සුදුසු ස්ථානයක රජයේ වියදමින් භූමදානයට පියවර ගන්නැයිද වත්තල මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට නියෝග කළේය.











