• About us
  • Contact us
Monday, June 15, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ලොකු ආයෝජන කළ අදානිට එරෙහිව අමෙරිකානු අධිකරණය හමුවේ නඩු පවරයි! ව්‍යාපෘති ගන්න ඩොලර් මිලියන 250ක අල්ලස් දීලා! I Sri Lanka Latest News

November 22, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ලංකාවේ ලොකුම ව්‍යාපෘති දෙකකට අත දැමූ අදානි මාධ්‍යයටත් අත තියයි!
Share on WhatsAppShare on Facebook

ඉන්දීය බිලියනපතියෙකු වන ගෞතම් අදානිට එරෙහිව ඇමෙරිකාවේදී වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අතර, ඔහු එරට මුදල් රැස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක අල්ලස් ක්‍රමයක් සැලසුම් කර එය අනාවරණය නොකළ බවට චෝදනා එල්ල වී ඇත.Sri Lanka Latest News

බදාදා (නොවැ: 21) නිව් යෝර්ක්හිදී ගොනු කරන ලද අපරාධ චෝදනා, ඉන්දියාවේ ධනවත් ම පුද්ගලයෙකු වන 62 හැවිරිදි අදානිට එල්ල වූ නවතම ප්‍රහාරය යි. ඔහුගේ ව්‍යාපාරික අධිරාජ්‍යය වරායන් සහ ගුවන් තොටුපළවල සිට පුනර්ජනනීය බලශක්තිය දක්වා විහිදී තිබේ.

අධිචෝදනා පත්‍රයේ, මෙම සුපිරි ධනවතාට සහ සෙසු ජ්‍යෙෂ්ඨ විධායකයින්ට නීතිඥයින් චෝදනා කර ඇත්තේ, ඔහුගේ පුනර්ජනනීය බලශක්ති සමාගම සඳහා කොන්ත්‍රාත්තු ලබා ගැනීම වෙනුවෙන් ඉන්දියානු නිලධාරීන්ට වසර 20ක් පුරා ඇමෙරිකානු ඩොලර් බිලියන 2කට වඩා වැඩි මුදලක් ලබා දීමට එකඟත්වය පළ කර ඇති බවට ය.

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන ලෙස ඉල්ලීම් කළ ද අදානි සමාගම ඊට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූයේ නැත.

2023 වසරේ සිට ඇමෙරිකාවේ මෙම සමූහ ව්‍යාපාරය ක්‍රියාත්මක වන අතර, ඉහළ පෙළේ සමාගමක් විසින් වංචාවක් සම්බන්ධයෙන් චෝදනා කරමින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරනු ලැබී ය. ගෞතම් අදානි ප්‍රතික්ෂේප කරන, මෙම චෝදනා කොටස් වෙළෙඳපොළේ අගය පහළ යාමට හේතු විය.

මේ අල්ලස් පරීක්‍ෂණයේ වාර්තා මාස ගණනාවක් පුරා තැන් තැන්වලට හුවමාරු වෙමින් තිබිණි. නීතිඥයින් පැවසුවේ, ඇමෙරිකාව 2022 වසරේදී සමාගම විමර්ශනය කිරීම ආරම්භ කළ අතර එම පරීක්ෂණයට බාධා එල්ල වූ බව ය.

සමාගමේ අල්ලස් විරෝධී ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අසත්‍ය සහ නොමග යවන ප්‍රකාශ මෙන් ම අල්ලස් විමර්ශනයේ වාර්තා මත විධායකයින් ඇමෙරිකානු සමාගම් ඇතුළුව ඩොලර් බිලියන 3ක ණය සහ බැඳුම්කර රැස් කළ බවට ඔවුහු චෝදනා කරති.

චෝදනා ඉදිරිපත් කරමින් “විත්තිකරුවන් ඩොලර් බිලියන ගණනක් වටිනා කොන්ත්‍රාත්තු ලබා ගැනීම සඳහා ඉන්දියානු රජයේ නිලධාරීන්ට අල්ලස් දීමට යෝජනා ක්‍රමයක් සැලසුම් කළ අතර… ඔවුන් ඇමෙරිකානු සහ ජාත්‍යන්තර ආයෝජකයින්ගෙන් ප්‍රාග්ධනය රැස් කිරීමට උත්සහ කරමින් අල්ලස් යෝජනා ක්‍රමය ගැන අසත්‍ය පැවසුවා,” ඇමෙරිකානු නීතීඥ බ්‍රියොන් පීස් පැවසීය.

“මගේ කාර්යාලය ජාත්‍යන්තර වෙළඳපොළේ දූෂණය මුලිනුපුටා දැමීමට සහ අපගේ මූල්‍ය වෙළෙඳපොළවල අඛණ්ඩතාව බිඳ දමමින් ධනවත් වීමට උත්සහ කරන්නන්ගෙන් ආයෝජකයින් ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා,” ඔහු තවදුරටත් පැවසීය.

අල්ලස් යෝජනා ක්‍රමය ඉදිරියට ගෙන යාම සඳහා අවස්ථා කිහිපයකදී ම ගෞතම් අදානි රජයේ නිලධාරීන් පෞද්ගලිකව හමු වූ බව නිලධාරීහු පවසති.

ගෞතම් අදානි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ සමීපතම සගයෙකි. ඔහුගේ දේශපාලන බැඳීම්වලින් අදානිට ප්‍රතිලාභ ලැබී ඇති බවට විපක්ෂ දේශපාලකයන්ගේ චෝදනාවලට දීර්ඝ කාලයක් තිස්සේ මුහුණ දෙමින් සිටින අතර එම චෝදනා ඔහු ප්‍රතික්ෂේප කරයි.

ඇමෙරිකාවේ නීතිපති තනතුරු සඳහා පත් කිරීම් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. ඇමෙරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුව ප්‍රතිසංස්කරණය කිරීමට ප්‍රතිඥා දෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට තේරී පත්වීමෙන් සති කිහිපයකට පසුව මෙම නඩු ගොනු කිරීම ආරම්භ විය.

පසුගිය සතියේ සමාජ මාධ්‍ය ඔස්සේ, අදානි ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණයට සුබ පැතූ අතර එක්සත් ජනපදයේ ඩොලර් බිලියන 10ක් ආයෝජනය කිරීමට පොරොන්දු විය.

අදානි ශ්‍රී ලංකාවේ කර ඇති ආයෝජන මොනවා ද?

අදානි සමාගම මන්නාරම සහ පූනරීන්හි මෙගාවොට් 500ක සුළං බල ව්‍යාපෘතියක් සඳහා ශ්‍රී ලංකා රජය හා ගිවිසුම්ගත විය.

ඊට අමතරව, කොළඹ වරායේ බටහිර බහලුම් පර්යන්තයේ ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අදානි සමූහයත් සමග 2021 වසරේ සැප්තැම්බර් මස 30 වන දා ගිවිසුම් අත්සන් කළේ ය.

එමඟින් එහි 51%ක කොටස් අදානි සමූහයට අයත්වූ අතර, අදානි සමූහයේ මෙරට නියෝජිත ජෝන් කීල්ස් සමාගමට කොටස් අයිතියෙන් 34%කුත්, ශ්‍රී ලංකා වරාය අධිකාරියට 15%කුත් අයත් විය. මෙය ඩොලර් මිලියන 700ක ආයෝජනයක් මත සිදුකෙරුණකි.

කෙසේ වෙතත්, අදානි සමාගම සමග ඇති කර ගත් ගිවිසුම නව රජය බලයට පත්වීමෙන් පසු අත්හිටුවා ඇති අතර, එය සමාලෝචනය කරමින් සිටින බව අමාත්‍ය විජිත හේරත් අනාවරණය කළේ ය.

SendShareShare
Previous Post

යාපනේ දේවානන්දා කොළඹින් වරෙන්තු නිකුත් කරයි! I Sri Lanka Latest News

Next Post

පහුගිය පැය 24දි ‘මව්රට නිව්ස්’ වෙබ් එකට මොකද වුණේ?’ සයිබර් ඇටෑක් එකක්ද..?‍ කවුරුහරි හැක් කළාද..? නැත්නම් වෙන ප්‍රශ්නයක්ද..?  I Sri Lanka Latest News

MORE NEWS

ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

Exclusive

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News
Exclusive

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මේ දවස්වල ආණ්ඩුවේ හැම ගිණුමකින්ම සල්ලි යන්නේ වැරදි ගිණුම්වලට! නැත්නම් ඩබල් පේමන්ට්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

නාමල්ට මේ විදිහට ලනු දෙන්නේ කවුද අප්පා..? I Sri Lanka Latest News

Load More
ඩෙංගු වසංගතය එන්න එන්නම දරුණු වෙයි! මාස 6ට මරණ 26ක්! රෝගීන් 45,269ක්! Sri Lanka Latest News
Exclusive

අවුරුදු 76කටම තිබ්බෙ නැති ඩෙංගුවක් තමයි මේ පාර තියෙන්නේ..! ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

මෙරට දැනට ව්‍යාප්ත වෙමින් පවතින ඩෙංගු වෛරසය පෙර අවස්ථාවලට වඩා යම් වෙනස් ස්වභාවයක් ගන්නා බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුණි...

Read more

ඔත්තෝබර්-නොවැම්බර් ලංකාවට ආයෙත් ගංවතුරක්! දෙසැම්බර්-ජනවාරි-පෙබරවාරියේ එල්-නිනෝ තත්ත්වය අතිප්‍රබලයි! I Sri Lanka Latest News

බය නැතිව කතා කරපු වැරදි දේවල් විවේචනය කරපු රාජාංගනේ හාමුදුරුවෝ පොලිසියෙන් අත්අඩංගුවට ගනී! ආගමික සහජීවනයට බාධා වන කතා කළාලු! I Sri Lanka Latest News

වීඩියෝ දාන එක නවත්තපන්..! නැත්නම් මරනවා! මහත එක්කෙනෙකුයි තරමක මහත එක්කෙනෙකුයි පන්සලට ඇවිත් රාජාංගණේ හිමිට හොඳටම ගහලා! VIDEO I Sri Lanka Latest News

ඊයේ කැම්බල් පිටියේ ඉඳන් හතර වටේටම නෙළපු චාමරගේ කතාව පාර්ලිමේන්තුවේ කරන කතාවලටත් එහා ගිය එකක්! VIDEO I Sri Lanka Latest News

ඇමැති කෙනෙක් හදපු ගෙවල් 3ක් ගැන අනාවරණයක්! VIDEO I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ගිය සතියේ අමෙරිකානු ආණ්ඩුවේ කණ්ඩායමක් ඇවිත් විපක්ෂනායක සජිත් හමුවුණා! මේ සතියේ ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ කණ්ඩායමක් ඇවිත් සජිත් හමුවෙලා අධ්‍යාපනය-ආයෝජන ගැන කතා කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.