බ්‍රිතාන්‍යය පුරා වේගයෙන් පැතිර යන නව කොරෝනා ප්‍රභේදය සම්බන්ධයෙන් ලංකාවද දැඩි අවධානය යොමු කොට ඇති බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.
මේ හේතුව මත ලංකාව විවෘත කළද බ්‍රිතාන්‍ය සංචාරකයන් ලංකාවට ගෙන්වා ගැනීම අත්හිටුවීමට තීන්දු කර තිබේ.
ලංකාවට අමතරව එක්සත් රාජධානියෙන් නව කොරෝනා වෛරසයේ වෙනත් ප්‍රභේදයක් හමුවී ඇතැයි වාර්තාවීමත් සමග එරටින් සංචාරකයින් පැමිණීම තහනම් කිරීමට රටවල් කිහිපයක් තීරණය කර තිබේ.
එසේ හඳුනාගත් නව ප්‍රභේදය ඉක්මනින් බෝවන බව වාර්තා වේ.
මේවන සිට නෙදර්ලන්තය සහ බෙල්ජියම ගුවන් ගමන් නවතා ඇති අතර එක්සත් රාජධානියේ සිට බෙල්ජියමට දුම්රිය පැමිණීමද තහනම් කර ඇත.
ඉතාලියේ විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා පැවසුවේ ඔවුන්ද එක්සත් රාජධානියේ සිට ගුවන් ගමන් තහනම් කිරීමට සැලසුම් කරන බවය.
ප්‍රංශය, ජර්මනිය සහ අයර්ලන්තය ද එවැනි පියවරක් ගැනීමට සලකා බලමින් සිටින බව වාර්තා වේ.










