• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නත්තලට ඕගන් එක ගහමින් සජිත් කියපු ගීතිකාව (VIDEO)

December 21, 2020
in Exclusive
Reading Time: 4 mins read
A A
නත්තලට ඕගන් එක ගහමින් සජිත් කියපු ගීතිකාව (VIDEO)
Share on WhatsAppShare on Facebook

විපක්ෂ නායක කාර්‍යාලය විසින් සංවිධානය කරන ලද ‘නත්තල් සමරු’ වැඩසටහන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්‍යාලයේ දී පැවැත්විණි.

පියතුමන්ලා කිහිප නමක්ම එම අවස්‍ථාවට සහභාගී වූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුලු පිරිසක් ඊට එක්ව සිටියහ. මෙහිදී එම උත්සවය ඇමතූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ නත්තලේ අරුත වන්නේ සාමය බවත් සියලු දෙනාට සහෝදරත්වය දිගු කිරීම අත්‍යාවශ්‍ය බවත් ය.

“අපි මෙවර නත්තල සමරන්නේ මුලු ලෝකෙම මුව ආවරණ දමාගෙන ඉන්න වකවානුවක .මෑත ඉතිහාසයේ මුහුණ දුන්න බරපතලම ලෝක ව්‍යසනය අතරේ තමයි මේ නත්තල සමරන්නේ. ආදරයේ, සාමයේ අරුත ලෝකයට කියා දෙමින්, බෙදා හදා ගැනීම ගැන අපූරු  පාඩම මිනිසුන්ට කියා දෙන්න ක්‍රිස්තුස් වහන්සේ ට පුලුවන් වුණා. මානව හිතවාදී බව තුළින් සියලු මනුෂ්‍යයන් කෙරෙහි ගෞරවයත්, ස්වභාව ධර්මය සහ සමස්ත පරිසරය කෙරේ දැඩි සංවේදීතාවයත් දක්වන්න ජේසු තුමන් උගන්වා තියෙනවා. ජේසුස් වහන්සේ  සිය ජීවන සමය මුළුල්ලේම භාවිත කෙළේ ප්‍රේමයෙන් උතුරා යන වචන. උන්වහන්සේ කතා කෙළේ ධීවරයන්, වඩුවන්. ගොවියන් කම්කරුවන්  වැනි සාමාන්‍ය මිනිසුන්ට. මහ මැදුරටත් දුගී පැලටත් නත්තලේ සතුට ලැබිය යුතුයි.

“නුඹලාට උගන්වා ඇත්තේ ඇසට ඇසක් යනුවෙන්. ඔබලාට උගන්වා ඇත්තේ ගලකින් පහර දුන්නොත් පර්වතයකින් ආපසු පහර දී යුක්තිය ඉෂ්ට කර ගන්නා ලෙස. එහෙත් මා නුඹලාට පවසන්නේ සතුරාට ප්‍රේම කරන්න’ කියලයි ජේසුස් වහන්සේ දේශනා කළේ.

නත්තලේ ප්‍රධාන තේමාව වන්නේ සාමය. ආගම දහම තියෙන්නේ ජනතාව අතර සාමය, සමාදානය, සහෝදරත්වය ගොඩනැංවීමට.ඒ වගේම මිනිසා ජීවත් කරවීමට. “යහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ යහපත් දෙය ද, අයහපත් මිනිසා තම සිතෙහි නිදන් කළ අයහපත් දෙය ද වපුරන බව” බයිබලයේ සඳහන්‍ වෙනවා.

 ඒ අනූව, යහපත, මනුෂ්‍යත්වය පිරුණු රටක්, ලොවක් වෙනුවෙන් කැපවීමට ජේසු සමිදු මග පෙන්වා තිබෙනවා. උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨ ජීවිතය  තුළ ගැබ්ව ඇති උතුම් මානව ගුණය වටහා ගැනීමට කටයුතු කිරීම නත්තලේ දී ඉතා වැදගත්.ඒ වගේම සත්‍යවාදී බව,ඉවසීම,උපේක්ෂාව,අල්පේච්ඡ බව,මෛත්‍රීය, දයාව අපගේ ජිවිතයට එක්කර ගැනීමට කටයුතු කිරීමත් වැදගත්.

මෙවර නත්තල සමරන්නේ “අලුත් දුප්පත්කමින් ” ලෝකයම පීඩා විදින අතරෙයි.

අපේ රටෙත් ලක්ෂ ගානක් ජනතාව රැකියා අහිමි වෙලා,ආර්ථිකය කඩාගෙන වැටිලා,එදා වේල ජීවත් වීම පවා විශාල අර්බුදයක් වූ වෙලාවකයි මේ නත්තල සමරන්නේ. ඒ නිසා අනෙකාට උදව් කිරීම මේ අවස්‍ථාවේ ඉතාමත් වටිනවා. නත්තල කියන්නේම සාමයේ සංකේතයක්. රටේ අනාගතය සඳහා සෑමවිටම ජාතින් අතර සාමය සහ සංහිඳියාව ශක්තිමත් විය යුතුයි .මානව ගුණය වර්ධනය විය යුතුයි., නැවත රට තුළ යුද්ධයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජාතීන් සහ ආගමිකයින් අතර සංහිඳියාව ඇතිවිය යුතුයි.

නත්තලේ සැබෑ අරුත එයයි

SendShareShare
Previous Post

මෛත්‍රී අද ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරයි

Next Post

ලංකාවත් බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිරෙන අලුත්ම කොරෝනා වයිරසය ගැන අවධානයෙන්

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.