• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවට කලින් පාස්කු මිනීමරුවන්ට අමෙරිකාවේ FBI එක නඩු දැම්මේ කොහොමද? CID SPECIAL

January 17, 2021
in Exclusive
Reading Time: 6 mins read
A A
ලංකාවට කලින් පාස්කු මිනීමරුවන්ට අමෙරිකාවේ FBI එක නඩු දැම්මේ කොහොමද? CID SPECIAL
Share on WhatsAppShare on Facebook

මිනිස් ජීවිත 268ක් අහිමි කරමින් තවුහිත් ජමාත් සංවිධානය විසින් පාස්කු ඉරිදා අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය එල්ල කර මේ වන විට වසරකුත් මාස 09ක් ගෙවී ගොසිනි. පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් යැයි කියමින් සිය ගණනක් මේ කාලය තුළ අත්අඩංගුවටද ගත්තේය. එසේම තවමත් අත්අඩංගුවට නොගත් අයද සිටින්නට පුළුවනි. එහෙත් ඒ අල්ලාගත් කිසිවෙකුටත් නඩු පැවරීමක් මෙතෙක් සිදුව නැත. අන්තවාදීන් සහ අන්තවාදීන්ට ආධාර හා අනුබල දීම් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අන්තවාදීන් හැරුණු කොට පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවට පත්වූවෝ වෙතොත් ඒ එවකට සිටි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත් ජයසුන්දර පමණි. එහෙත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තවත් පොලිස් ලොක්කන් රැසක් සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයකද නිරතවිය. හේමසිරි සහ පූජිත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාරගතකර සිටින විට ඇප ඉල්ලීම්වලට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය දැක්වූයේ පොලීසියේ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බැවින් මේ අයට ඇප දීම විමර්ශනවලට බාධාවක් බවය. දැන් එම ප්‍රකාශයන් කරද වසරකට වැඩි කාලයක් ගෙවී ගොසිනි. හේමසිරි සහ පූජිත් හැරුණුකොට වෙන කිසිදු පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට ගත්තේ නම් නැත.

කොමිසම නම් තවත් දිගුවෙන්නෙ නෑ…

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට එවකට සිටි බලයේ සිටි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් කොමිසමක්ද පත්කරනු ලැබීය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු එම කොමිසම ඉදිරියටත් පවත්වාගෙන යන්නට තීරණය කරන්නේ එම කොමිසම කෙරෙහි කතෝලික ජනතාවගේ නායකයා වන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද දැඩි විශ්වාසයක් තබා තිබීම නිසාය. වසරකට අධික කාලයක් පුරාවට සිය ගණනකගෙන් සක්ෂි විමසමින් බණ්ඩාර නායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පවත්වාගෙන ගිය එම කොමිසමේ කාලය ලබන 31 වෙනිදායින් පසු අවසන් වීමට නියමිතය. අවස්ථා තුනකදී කොමිසමේ කාලය දීර්ඝ කෙරුණද ජනවාරි 31 වෙනිදායින් පසු නම් එක දිනක්වත් කොමිසමේ කාලය දීර්ඝ නොවනු ඇත. ඒ පාස්කු ප්‍රහාරකයන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට මේ වන විට බාධාවක් වී ඇත්තේ යැයි කියන්නේ මෙම කොමිසම නිසා බැවිනි. පොලීසිය භාර ඇමතිවරයා වන සරත් වීරසේකර සඳහන් කරන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන ලද ජනාධිපති කොමිසමේ වාර්තාව ලද විගස නීතිපති දෙපාර්තමේන්තුව විසින් ඒ සම්බන්ධයෙන්ද කරුණු සලකා බලා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින්ට කඩිනමින් නඩු පැවරෙනු ඇති බවය.

එහෙත් පාස්කු කොමිසමේදී හෙළිවූ ප්‍රහාරය වළක්වා ගැනීමට කිසිදු පියවරක් නොගත් පොලිස් ලොක්කන් රැසකට නම් මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී ඇති බවක් නම් දක්නට නැත. ඒ අය වෙනදාටත් වඩා ශක්තිමත්ව සිටින්නේ උසස්වීම් පවා ලබමිනි. ඒ අය අතර අනාගත පොලිස්පතිවරුන් වීමට සිහින දකින්නෝද නැත්තේම නැත. හැබැයි කාදිනල් හිමියන් නිරත්නරයෙන් අවධාරණය කරන පාස්කු ප්‍රහාරයේ සැබෑ අපරාධකරුවන් අතර නම් මෙම පොලිස් ලොක්කන් සිටින බව නම් සදහන් කළ නොහැකිය. එම සැබෑ අපරාධකරුවන් පාස්කු කොමිසම හමුවේ නිරාවරණය වූයේදැයි තවමත් සදහන් කරන්නට කල් වැඩිය. ඒ බව පැහැදිලිවම කොමිසන් සභා වාර්තාව එළිදැක්වීමෙන් පසුව රටටම කෙසේ වෙතත් කාදිනල් හිමියන්ටවත් දැන ගන්නට ලැබෙනු ඇත. කාදිනල් හිමියන් හඬනගන සාධාරණය ඉටුවීම සහ නොවීම ඇත්තේ ද කොමිසන් වාර්තාව තුළය.

නඩු වැටුණු තුන් දෙනා….

පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල වූයේ අපේ රටේය. වැඩි පිරිසක් මිය ගියේ අපේ රටේ වැසියන්ය. ඒ අතර අති බහුතරයක් දෙනා කතෝලිකයන්ය. කතෝලික සහ ක්‍රිස්තියානු දේවස්ථාන තුනකට මෙන්ම තරු පන්තියේ හෝටල් තුනකටද අන්තවාදීන් ප්‍රහාර එල්ල කළෝය. එම හෝටල්වල නවාතැන් ගෙන සිටි විදේශීය සංචාරකයින් රැසක්ද එම ප්‍රහාරවලින් මිය ගියේය. ඒ අතර ඇමරිකානුවන් 05 දෙනෙක්ද සිටියහ. ඒ අයගේ මරණ සිදුවී වසරකුත් මාස 09 ක් ගෙවී යන විට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් සිය පුරවැසියන්ගේ මරණවලට වගකිව යුතු ත්‍රස්තයින්ට එරෙහිව නඩුවක් ගොනු කරන්නේ ලොස් ඇන්ජලීස් අධිකරණයේය. ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කෙරෙන පළමු නඩුව ලෙසිනි.

අපේ රටේ සිදුවූ ත්‍රස්ත ප්‍රහාරයකයට ඇමරිකාවේදී නඩුවක් පැවරෙන්නේ පළමු වරටය. ඒ අපේ රටේ එම ත්‍රස්ත ප්‍රහාරයට නඩු වැටීමට පෙර වීමද විශේෂත්වයකි. ලොස් ඇන්ජලීස් අධිකරණයට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ගොනුකළ අධීචෝදනාවලට අනුව එම ප්‍රහාරයේ චූදිතයන් බවට පත්කර ඇත්තේද මේ වන විටත් අපේ රටේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රදවා සිටින සහරන්ගේ ත්‍රස්ත කල්ලියේ ප්‍රබලයින් තිදෙනෙකුය. ඒ අය වන්නේ මොහොමඩ් නෞෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්ඛාන් සහ අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ් යන තිදෙනාය.

FBI එක සාක්ෂි හොයපු හැටි

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් මේ අයට එරෙහිව ලොස් ඇන්ජලීස් අධිකරණයේ නඩුවක් ගොනු කරන්නේ හිතුමතේට නම් නොව ඔවුන්ට එරෙහිව ශක්තිමත් සාක්ෂි රැස්කිරීමෙන් අනතුරුවය. එම සාක්ෂි ඔවුන් අපේ රටේ විමර්ශකයන්ගෙන් ලබාගත් තුන්වැන්නෙකුගේ සාක්ෂි නොවීමද විශේෂිතය. මෙම චූදිතයන්ට එරෙහි සියලු සාක්ෂි රැස්කරකර ඇත්තේ ඇමරිකානු ෆෙඩ්රල් විමර්ශන බියුරෝව නොහොත් එෆ්.බී.අයි විසිනි. ඒ අය සාක්ෂි රැස්කර ඇත්තේ මෙරටට පැමිණය. පාස්කු ප්‍රහාරයෙන් පැය කිහිපයක් ඉක්ම යන්නටත් මත්තෙන් එෆ්.බී.අයි. විමර්ශකයන්ගේ මැදිහත්වීම සිදුවන අතර එය සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික මැදිහත්වීමක් ලෙසිනි. ඒ අය මෙම විමර්ශනයට සම්බන්ධ වන්නේ අපේ රටට තාක්ෂණික විමර්ශන සහය ලබාදෙමිනි. ජංගම ඩී.එන්.ඒ පරීක්ෂණාගාරයක් පවා ඔවුන් මෙරටට රැගෙන ආවේය. එසේම තවත් බොහෝ තාක්ෂණික මෙවලම් ද ඒ අය රැගෙන ආවෝය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග බද්ධ වෙමින් ප්‍රහාරයන් එල්ල වුණු සෑම ස්ථානයකටම යමින් සාක්ෂිද රැස් කළේය. එසේම බෝම්බකරුවන් රැඳී සිටි ස්ථාන වෙතද ඒ අය ගියේය. ත්‍රස්තයින් භාවිතා කළ විනාශ වී ගිය ඇතැම් ජංගම දුරකතන නැවත ප්‍රතිස්ථාපනය කෙරෙන්නේද එෆ්.බී.අයි. තාක්ෂණ ශිල්පීන්ගේ අතිනි. ඒ අතර සහරාන්ගේ ලැප්ටොප් පරිගණකයද තිබුණේය. සහරාන්ගේ ත්‍රස්ත ජාලයේ සියල්ල සැඟවී තිබුණේ එම ලැප්ටොප් පරිගණකයේය.

එම පරිගණකය හමුවන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ටය. ඒ 2019 මැයි 20 වෙනිදා සහරාන්ගේ කල්මුණේ සම්බන්ධීකරක ලෙස සැලකෙන සාවුල් හමීඩ් හමීස් මොහොමඩ් හෙවත් කල්මුණේ සියාම් නැමැත්තා රහස් මෙහෙයුමකින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. සියාම්ගේ තොරතුරු මත සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය රාජ්‍ය බුද්ධි සේවය විසින් සොයා ගන්නේ මැයි 31 වෙනිදාය. ඒ අක්කරෙයිපත්තුවේ පාලමුණ කලපුවට විසිකර තිබියදීය. ඊට අමතරව පාලමුණේ කැලෑබද ප්‍රදේශයේ පිහිටි පාළු ඉඩමක පිහිටි අතහැර දැමූ ළිඳකට විසිකර තිබී සී.ඩී. තැටි 31 ක්ද සියාම්ගේ තොරතුරු මත සොයා ගත්තේය. සී.ඩී. තැටි සහරාන්ගේ දේශන අන්තර්ගත ඒවාය. එහෙත් ලැප්ටොප් පරිගණකය එසේ නොවීය. ඒ තුළ සැගව තිබුණේ රහස් ගොන්නකි. කලපු ජලයේ ගිලී තිබීම හේතුවෙන් එම පරිගණකයේ සැඟවී ඇති රහස් එළියට ගැනීමේ කටයුත්ත පැවරෙන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ තාක්ෂණික විශේෂඥයින්ටය. එහෙත් එය සිතූ තරම් පහසු කටයුත්තක් නොවීය. ඒ මෙරට පවතින තක්ෂණය ඊට ප්‍රමාණවත් නොවූ බැවිනි. එහිදී ඒ සඳහා තාක්ෂණික සහය ලබාදීමට ඉදිරිපත් වන්නේ එෆ්.බී.අයි. විමර්ශකයන්ය. ඒ අය සහරාන්ගේ පරිගණකයේ හාඩ් එක ගලවාගත්තේය. එය යොමු කෙරෙන්නේ එෆ්.බී.අයි මූලස්ථානයටය. පාස්කු ප්‍රහාරකයන්ට නඩු පැවරීමට ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවට එහි සැඟවුණු රහස් ඉවහල් නොවූ බව කියන්නට බැරිය.
සහරාන්ගේ ලැප්ටොප් පරිගණකය ගැන පාස්කු කොමිසම පවා රාජ්‍ය බුද්ධි සේවයේ බලධාරීන්ගෙන් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන්ගෙන්ද අවස්ථා කිහිපයකදීම ප්‍රශ්න කළේය. ඒ ගැන පැහැදිලි පිළිතුරක් කොමිසම හමුවේද අනාවරණය නොවීය. ඒ එම හාඩ් එක තුළ සැඟවුණු සහරාන්ගේ රහස් අපේ විමර්ශකයන්ට නොලැබුණු නිසාදැයි පැහැදිලි නැත. එම හාඩ් එක නැවත අපට ලැබුණේදැයි ඇත්තේ ගැටලුවකි.

අහමඩ් මිල්හාන් හයාතු මොහොමඩ්

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නඩු පවරන ලද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටින සහරාන්ගේ කල්ලියේ සාමාජිකයන් අතර සිටින දරුණුතම පුද්ගලයා වන්නේ මොහොමඩ් මිල්හාන්ය. සහරාන් ඔහුට ලබාදී තිබුණු සංවිධාන නාමය වූයේ අබු සීලන්ය. 2020 දී අපේ රටේ අයි.එස්. රාජ්‍යක් බිහි කිරීමට නායකත්වය දුන් සහරාන්ගේ තවුහිත් ජමාත් සංවිධානයේ සන්නද්ධ අංශයේ නායකයා වූයේ ඔහුය. මේ වන විට තිස් දෙහැවිරදි වියේ පසුවන ඔහු කාත්තන්කුඩියේ පදිංචිකරුවෙකි. ඔහු විවාහකය. බිරිඳ ඉන්දියානු සුරූපී නිළියකට නොදැවෙනිය. මිල්හාන්ද ඉන්දියානු නළුවෙක් මෙනි. බුද්ධි අංශ විසින් හෙළිකරගෙන ඇති තොරතුරුවලට අනුව ඔහුද සහරාන් ඉදිරියේ මරාගෙන මැරෙන්නට ප්‍රතිඥාව දී සිටියෙකි. එහෙත් පාස්කු ප්‍රහාරය සිදුවන විට ඔහු සිටින්නේ මක්කම වන්දනාවේ ගොසිනි. ඒ වන්දනා නඩයක් සමගය. ප්‍රහාරය එල්ලවන විට ඔහු මක්කම වන්දනාවේ ගොස් සිටියත් ඉන්දියාවෙන් මෙරට රාජ්‍ය බුද්ධි සේවයට ලැබී තිබුණු ඔත්තුවේ සඳහන් මරාගෙන මැරෙන්නට සූදානමින් සිටි ලැයිස්තුවේ මිල්හාන්ගේ නමද සඳහන්ව තිබුණේය. මිල්හාන්ගේ නම ඉන්දියානු බුද්ධි තොරතුරෙහි සඳහන්ව තිබුණත් ඔහු කවුරුන්දැයි පැහැදිලිවම හඳුනා ගැනෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් සතියක් ගෙවී ගිය තැනය. ඒ කාත්තන්කුඩු පොලීසිය සහරාන්ට ගෑවුණු පිරිස් සොයා කරනු ලැබූ මෙහෙයුමක ප්‍රතිඵලයක් ලෙසිනි. එම මෙහෙයුමට කොටුවූවන් අතර සහරාන්ගේ රියදුරාද සිටියේය. ඔහු මොහොමඩ් ෆරීඩ් ආදම් ලෙබ්බේ නොහොත් ගෆූර් මාමාය. ඒ කාත්තන්කුඩු ධීවර සංස්ථා පාරේ නිවසකදීය. එල්.ටී.ටී.ඊ.යේ ගිණුමට බැරවී තිබුණු වව්නතිව් මාර්ග බාධක පොලිස් මුරපොළේ සේවයේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක් වන නිරෝෂන් සහ ගනේෂ් යන දෙදෙනාව කපා කොටා ඝාතනය කර ගිනි අවි පැහැර ගැනීමේ අභිරහස විසඳෙන්නේද ගෆුර් මාමාගෙන් කළ ප්‍රශ්න කිරීම් හමුවේදීය. 2018 වසරේ නොවැම්බර් 30 වෙනිදා පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කරන්නට නායකත්වය දෙන්නේ මිල්හාන්ය. ඒ සහරාන්ගේ කල්ලියට අවි පුහුණුව ලබාදෙන්නට අවශ්‍ය ගිනි අවි රැස්කරගන්නටය. එදා මිල්හාන් සමග එම අවි කොල්ලයට ගෆූර් මාමාද සම්බන්ධව සිටියේය. එසේම 2019 වසරේ මාර්තු 09 වෙනිදා හිටපු ඇමතිවරයෙක් වන කබීර් හෂීම්ගේ සම්බන්ධීකරණ නිලධාරියෙක්ව සිටි මොහොමඩ් නස්ලිම්ට මාවනැල්ලේ පිහිටි සිය නිවසේ නිදා සිටියදී හිසට වෙඩි තබා මරා දැමීමට උත්සහකරන්නේද මිල්හාන්ය. ඒ වනාතවිල්ලුවේ අවි ගබඩාව ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු ලබාදීමේ වරදටය. නස්ලිම්ට එම වෙඩි තබන්නේද පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කර කොල්ලකෑ ගිනි අවියකිනි. මිල්හාන් ඒ වන විට මක්කම වන්දනාවේ ගොස් සිටින බවද හෙළිවන්නේ ගෆූර් මාමාගෙනි.
ඒ අනුව මිල්හාන්ව කොටුකර ගැනීමේ මෙහෙයුම ඉතා රහසිගතව සිදු කරන්නට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වගබලා ගත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සැලසුම වූයේ මක්කම වන්දනාව නිමකොට පැමිණෙන විට ගුවන්තොටුපොළේදී ඔහුව අත්අඩංගුවට ගන්නටය. මක්කම වන්දනාවේ ගිය එම නඩය නැවත මෙරටට පැමිණීමට නියමිත වූයේ අප්‍රේල් 30 වෙනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් නොවිසිලිමත්ව බලා සිටියේ එම දිනය උදාවන තුරුය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එකල අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මෙන්ම වගකිව යුතු නිලධාරීන් කිහිප දෙනෙක්ම එදින රැඳී සිටියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පරීශ්‍රයේය. ඒ උදෑසන සෞදියේ සිට මෙරටට පැමිණිමට නියමිතව තිබුණු ගුවන් යානාවේ මගී නම් ලැස්තුවේ මිල්හාන්ගේ නමද සටහන්ව තිබුණු බැවිනි. ඒ අනුව මිල්හාන් එම ගුවන් යානාවේ රැඳී සිටින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විශ්වාස කළේය. එම ගුවන් යානාව ගොඩ බැස්සවූ සැණින් ඔහුව අත්අඩංගුවට ගැනීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සූදානම විය. එහෙත් මිල්හාන්ගේ නම මගී නම් ලැයිස්තුවේ සඳහන් වූවත් ඔහු එම යානය තුළ නොවීය. ඒ වන විටත් ඔහු සිටියේ සෞදි ගුවන් තොටුපොළේ වැසිකිලියක සැඟවීය. ඒ බව නොදත් ශානි අබේසේකර ඇතුළු නිලධාරීන් ගුවන් යානාව ගුවන් තොටුපොළට ගොඩ බැස්සවූ සැණින් ගුවන් යානය වෙත ගොස් ඊට ඇතුළු වන්නේ මගීන් යානයෙන් පිටතට එන්නට පෙරය. එහෙත් ඔවුන් සෙවූ මිල්හාන් එහි නොවීය. ඒ ගැන ඇතිවන්නේ උභතෝකෝටික ප්‍රහේළිකාවකි. ගුවන් යානාව අතරමග වෙනත් ගුවන් තොටුපොළකට ගොඩ බස්සවාද නොතිබුණි. ඔහුගේ නම ගුවන් මගී ලැයිස්තුවට ඇතුළත් වන්නේද ඔහු ගුවන් යානාවට ගොඩවීමට සිටි මගීන් අතර සිටි නිසාය. මේ ගැටලුව නිරාකරණය කරදීමේ කටයුත්ත භාර ගන්නේද එෆ්.බී.අයි. විමර්ශකයන්ය. ඒ අතර ජාත්‍යන්තර පොලීසියේ සහයද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කළේය. සෞදි ගුවන්තොටුපොළේ වැසිකිළියක සැඟවී සිටි මිල්හාන් සෞදි පොලිස් නිලධාරීන්ගේ ග්‍රහණයට ලක්වන්නේ ඒ අනුවය. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේක්ෂා කරන්නේ සෞදියේ සිට මෙරටට පැමිණෙන ඊළඟ පළමු ගුවන් යානවෙන් මිල්හාන්ව එවනු ඇතැයි කියාය. එහෙත් එය සිදු නොවූ තැන ඔහුව මෙරටට ලබා ගන්නට සිදුවන්නේ රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමකි. එම මෙහෙයුම දියත්වන අතරතුර එෆ්.බී.අයි. විමර්ශන කණ්ඩායමක් සෞදි ආරක්ෂක අංශ භාරයේ මිල්හාන්ව මුණ ගැසෙන්නේ ඒ අයට අවශ්‍ය තොරතුරු රැස්කර ගන්නටය. සෞදි බලධාරීන් මිල්හාන්ව මෙරටට භාරදීම දිනෙන් දින ප්‍රමාද කරන්නටද ගත්තේය. මිල්හාව මෙරටට රැගෙන ඒමට පොලිස් අධිකාරීවරයෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක්ද ගියේය. එහෙත් මිල්හාන්ව ඒ අයට සෞදි බලධාරීන් භාරදෙන්නේ නැත. ඒ නීතිමය ගැටලුවක් මතුකරමිනි. ජාත්‍යන්තර පොලීසිය මිල්හාන්ට එරෙහිව රතු නිවේදනයක් නිකුත් කරන්නේ ඒ අනුවය. අවසානයේදී මිල්හාන්ව මෙරටට භාරදෙන්නේ මැයි 13 වෙනිදාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සෞදි ජෙඩා ගුවන් තොටුපොළේ සිට ඔහුව මෙරටට රැගෙන එන්නේ මැයි 14 වෙනිදා අලුයම 4.15 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ගොඩ බස්සවන ලද ශ්‍රී ලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල් 282 අංකය දරණ ගුවන් යානාවෙනි. එදා සිට අද දක්වාම මිල්හාන් සිටින්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේය. පාස්කු ප්‍රහාරය ගැන ඔහු වැඩි යමක් මෙතෙක් හෙළිකර ඇති බවක් අනාවරණය වන්නේ නැත. දිගින් දිගටම කෙරෙන ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු සදහන් කර ඇතැයි කියැවෙන්නේ 2019 වසරේ එල්ලවුණු ප්‍රහාරය ගැන තමා කිසිවක් නොදන්නා බවකි. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසම හමුවේ පවා ඔහු කියා ඇත්තේ තමන් කිසිදෙයක් නොදන්නා බවය. පොලිස් නිලධාරීන් ඝාතනය පවා ඔහු ප්‍රතිකේෂප කරන්නේ එම නිලධාරීන් ඝාතනය කර පැහැරගත් ගිනි අවි පවා සොයාගෙන ඇති පසුබිමකදීය.

මොහොමඩ් නෞෆර් නොහොත් නෞෆර් මව්ලවි

ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලද තිදෙනා අතර සිටින මොහොමඩ් නෞෆර් නොහොත් නෞෆර් මව්ලවි සහරාන්ගේ තවුහිත් ජමාත් සංවිධානයේ න්‍යායාචාර්යවරයාය. ඒ බව කියන්නේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය. පාස්කු කොමිසම හමුවේ ඔහු ඒ බව හෙළිකරන්නේ ඇන්ටන් බාලසිංහම් එල්.ටී.ටී.ඊ සංවිධානයේ කටයුතු කළේ කෙසේද තවුහිත් ජමාත් සංවිධානයේ නෞෆර් මව්ලවිගේ භූමිකාව වූයේ එය බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට අනුව තවුහිත් ජමාත් හී සැබෑ නායකයා වන්නේ සහරාන් නොව නෞෆර් මව්ලවිය. සහරාන්ට වඩා වයසින් වැඩිමහල් පුද්ගලයෙක් වන ඔහු කාත්තන්කුඩියේ වැසියෙකි. විවාහ වී සිටින්නේ සහරාන්ගේ බිරිද ෆාතිමා කාදියාගේ මවගේ නැගණියයි. ඇය කුරුණෑගල කැකුණගොල්ලේය. විවාහයෙන් පසු නෞෆර් මව්ලවිගේ පදිංචියද විතැන් වී ඇත්තේ කැකුණුගොල්ලටය. සහරාන්ට සිය බිරිඳ ෆාතිමා කාදියාව මුණ ගස්වන්නේද නෞෆර් මව්ලවිය. ෆාතිමා කාදියා පාස්කු කොමිසම හමුවේ චෝදනා කරන්නේ සිය සැමියාව අන්තවාදයට යොමු කළේ නෞෆර් මව්ලවි බවටය.
සහරාන් ද කාත්තන්කුඩියේ වැසියෙකි. ඔහුට නෞෆර් මව්ලවි මුණ ගැසී ඇතැයි සඳහන් වන්නේ කාත්තන්කුඩියේ අරාබි පාසලකදීය. මව්ලවිවරුන් වන්නට එකල මේ දෙදෙනාම අධ්‍යාපනය ලබා ඇත්තේ එකම අරාබි පාසලකය. එහෙත් සහරාන්ට එම අරාබි පාසලෙන් මව්ලවිවරයෙක් දක්වා අධ්‍යාපනය ලබන්නට ඉඩක් ලැබී නැත. ඒ ඔහු අන්තවාදී වහබ්වාදය ගැන දේශන පවත්වන්නට ගොස් අරාබි පාසලෙන් 2005 වසරේදී එළියට ඇද දමන බැවිනි. එහිදී ඔහුගේ පිහිටට එන්නේ නෞෆර් මව්ලවිය. සහරාන්ව කුරුණෑගලට රැගෙන ගොස් අරාබි පාසලකට ඇතුළු කරන්නේ ඔහුය. 2007 වසරේදී සහරාන් මව්ලවිවරයෙක් ලෙස කලඑළි බසින්නේ එම අරාබි පාසලෙනි. අනතුරුව ඔහු කාතන්කුඩියට ගොස් වහබ්වාදය පතුරුවමින් දේශනා පවත්වන්නේ ඔහුටම කියා අන්තවාදීන් පිරිසක් බිහිකර ගනිමිනි. ඒ සියල්ලක්ම පිටුපස සිටියේ යැයි කියන්නේ නෞෆර් මව්ලවිය. එහෙත් ඔහු පාස්කු ඉරිදා බෝම්බ පුපුරවාගෙන සිය දිවි හානිකර ගත්තේ නැත. මාවනැල්ලේ බුදු පිළිමවලට හානි කළ හක් සහෝදරයින් සමග ඔහු රැඳී සිටියේ එඩේරමුල්ලේ කුලී නිවසකය. එම නිවස ඇමතිවරයෙක්ව සිටි රිෂාඩ් බදියුදීන්ගේ නැගණියගේය. ඒ අය පාස්කු ප්‍රහාරය එල්ලවීමත් සමග සීසීකඩ විසිරෙන්නේ පොලීසියෙන් බේරෙන්නටය. නෞෆර් මව්ලව් සිය අනුගාමිකයෙක් සමග ගොඩවන්නේ කොළඹින් අම්පාර බලා ධාවනය වෙමින් තිබුණ. මගී බස් රථයකටය. එදා මුළු රටටම ඇඳිරි නීතිය පැනවෙන බැවින් බස් රථයේ ගමනාන්තය දඹුල්ලට සීමා විය. ඒ වන විට තරමක් රෑ බෝ වී තිබීම නිසා නෞෆර් මව්ලවි සිය අනුගාමිකයා සමග නවාතැන් ගන්නට තීරණය කරන්නේ දඹුල්ලේ හෝටල් කාමරයකය. එදා එම හෝටලයේ කාර්ය මණ්ඩලවට මේ අය ගැන ඇති වන්නේ සැකයකි. හෝටල් කාමරයක් වෙන්කර දුන්නද ඒ අය ගැන දඹුල්ල පොලීසියට දැනුම් දෙන්නට හොටල් කාර්ය මණ්ඩලය වගබලා ගන්නේ එය යුතුකමක් සේ සලකාය. සහරාන් නායකත්වය දුන් ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සැබෑ නායකයා කොටුවන්නේ ඒ අකාරයටය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට පත්වීමෙන් පසු කෙරුණු දීර්ඝ ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු හෙළිකරන්නේ මෙම ප්‍රහාරය එල්ලකරන්නට සැලසුම් කෙරෙන්නේ 2020දී බවය. පුහුණු කදවුරු ස්ථාපිත කෙරෙන්නේත් පුපුරණ ද්‍රව්‍ය රැස් කරන්නේත් එම ඉලක්කය වෙනුවෙන් බවද ඔහු කීයා ඇත්තේය. සැලසුම වී ඇත්තේ පළාත් 09යේම පිපුරුම් මාලාවක් දියත් කිරීමටය. එහෙත් සහරාන් පාස්කු ඉරිදා ප්‍රහාරයක් එල්ල කරන්නට තීරණය කරන්නේ හදිසියේමය. ඒ ඇයි දැයි නෞෆර් මව්ලවි කියන්නට දන්නේ නැත. එහෙත් ඊට තමා විරෝධය දැක්වූයේ යැයි නෞෆර් මව්ලවි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පවසා ඇත. ඒ නිසාම කණ්ඩායම දෙකඩ වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරති.
නෞෆර් මව්ලවි වසර 19 ක්ම කටාර්හී රැඳී සිට අන්තවාදී මෙහෙයුම් රැසකටම සම්බන්ධ වූවෙක් බව රාජ්‍ය බුද්ධි සේවය හදුනා ගත්තේය. එබැවින් ඔහුට ජාත්‍යන්තර සම්බන්ධකම්ද බොහෝ ඇතැයි නිලන්ත ජයවර්ධන පාස්කු කොමිසම හමුවේදීද සඳහන් කළේය. ඇමරිකාවේදී මොහුට එරෙහිව නඩු පැවරෙන්නේ එෆ්.බී.අයි. විමර්ශකයන් අපි නොදන්නා තවත් බොහෝ තොරතුරු සොයාගෙන ඇති නිසා විය හැකිය.
පාස්කු කොමිසමද නෞෆර් මව්ලවිගෙන් බොහෝ තොරතුරු දැන ගැනීමට අපේක්ෂාවෙන් සිටියේය. ඒ අනුව එහි විමර්ශන අංශය පවා ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගත්තේය. එහෙත් මෙතෙක් ඔහුගෙන් කොමිසම සාක්ෂි විමසීමක් කර ඇති බවක් දැන ගන්නට නැත. ඔහුගේ සාක්ෂිය ලබා ගන්නේ නම් එය සිදුවිය යුත්තේ අද හෙටය. ඒ කොමිසමේ කාලය අවසන් වීමට තවත් එතරම් කාලයක් නොමැති බැවිනි.

මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්ඛාන්

කොමිසමේ විමර්ශන අංශයේ තොරතුරු මගින් දැන ගන්නට ඇති ආකාරයට අනුව නෞෆර් මව්ලවිගේ සාක්ෂිය කොමිසමට ඉතා වැදගත් එකක් වනු ඇත. ඒ ඔහු සහරාන්ගේ ජාතික තවුහිත් ජමාත් සංවිධානයේ සහරාන්ට ඉහළින් සිටි ලොක්කා නිසා පමණක් නොව, 2020 එල්ලකරන්නට සූදානම් වූ ප්‍රහාරයන් 2019 දී එල්ලකළේ ඇයිදැයි පැහැදිලිවම කියන්නට දන්නේ ඔහු වන නිසාය. එසේම ඇමරිකානු අධිකරණයේ නඩු පවරන ලද තුන්වැන්නා වන මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්ඛාන්ද රහස් ගොන්නක් සඟවාගෙන සිටින ප්‍රබල චරිතයකි. 2020 එල්ල කිරීමට සැලසුම් කළ ප්‍රහාරයේ ඔහු මහ මොළයක් යැයි සඳහන් කළහොත් වරදක් නැති තරම්ය. 2020 ප්‍රහාරයේ ප්‍රධාන ඉලක්කයන් දෙකකි. එකක් දළදා පෙරහැරය. අනික නිදහස් උත්සවයයි. නිදහස් උත්සවයට එල්ලකරන ප්‍රහාරයේ සැලසුම් සකස් කිරීමේ කටයුත්ත පැවරී තිබී ඇතැයි කියන්නේ රිස්ඛාන්ටය. ඒ සදහා ඔහු තොරතුරු රැස්කරන්නට 2019 ගාලු මුවදොර පැවැති නිදහස් උත්සවය නරඹන්නටද ගොස් තිබුණේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කරන ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයට බෝම්බ සකස් කළ පානදුරේ නිවසේද රැඳී සිට ඇති අයෙකි. ප්‍රහාරය එල්ලවන දින ඔහු පානදුරේ සිට යන්නේ එඩේරමුල්ලේ නිවසටය. ඒ සහරාන් සමග අන්තිම පැය කිහිපයත් ගත කරමිනි. බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසු එඩේරමුල්ලේ නිවසින් පළායන ඔහු නතර වෙන්නේ කුළියාපිටියේය. ඔහුගේ පදිංචිය තිබුණේ ඒ පැත්තේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් ඔහුව කොටුකර ගන්නේ දුම්මලසූරිය පැත්තේ සැඟවී සිටියදීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශකයන් හදුනාගෙන සිටින්නේ සහරාන්ගේ භාෂා පරිවර්ථකයා ලෙස කටයුතු කර ඇත්තේ රිස්ඛාන් බවටය. ඒ සහරාන්ට සිංහල භාෂාව හැසිරවීමට එතරම් දක්ෂකමක් තිබී නැති බැවිනි. එබැවින් රිස්ඛාන් බොහෝ රහස් දැන සිටින්නේය. ඒ නිසාම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සොයා බලන ජනාධිපති කොමිසමේ විමර්ශන අංශය ඔහුගෙන් ප්‍රශ්න කිරීමට තීරණය කළේය. එහෙත් අදටත් ඔහුගෙන් කොමිසමේ විමර්ශන අංශයට ප්‍රශ්න කරන්නට ඉඩදී නැත. මෙරට එල්ලවුණු පාස්කු ප්‍රහාරයේ චූදිතයන් ලෙස ඇමරිකාවේදී නඩු පැවරීමකට ලක්කරන තිදෙනාගෙන් දෙදෙනෙකුගෙන්ම පාස්කු කොමිසමේ විමර්ශන අංශයට ප්‍රශ්න කිරීමට අවස්ථාව උදා වී ඇතත් රිස්ඛාන්ගෙන් ප්‍රශ්න කිරීමට ඉඩ නොලැබුණේ ඇයිදැයි කියන්නට විමර්ශන අංශයද දන්නේ නැත.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

ඉම්රාන් ඛාන් ලංකාවට

Next Post

දළදා මාලිගාවේ 4කට කොරෝනා හැදුණේ යුක්රේන සංචාරකයන්ගෙන්ද?

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.