• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රෙදිවලින් ඔතාගෙන CID එක ඩුබායිවල සිට කුදලගෙන ආ කව්ද‌ මේ පියුම් හස්තික? කුඩු සලිඳුගේ වැඩිමල් සහෝදරයා එක්ක ගිය අවුරුද්දේ මිලියන 83ක ගනුදෙනු කරලා! මිනීමැරුම් කීපයකටත් හවුල්! රට පැනලා තියෙන්නේ එක දවසින් පාස්පෝට් එක හදාගෙන! I Sri Lanka Latest News

February 16, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
රෙදිවලින් ඔතාගෙන CID එක ඩුබායිවල සිට කුදලගෙන ආ කව්ද‌ මේ පියුම් හස්තික? කුඩු සලිඳුගේ වැඩිමල් සහෝදරයා එක්ක ගිය අවුරුද්දේ මිලියන 83ක ගනුදෙනු කරලා! මිනීමැරුම් කීපයකටත් හවුල්! රට පැනලා තියෙන්නේ එක දවසින් පාස්පෝට් එක හදාගෙන! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාත්‍යන්තර පොලිසිය මඟින් නිකුත් කර තිබුණු රතු නිවේදනයකට අනුව ඩුබායි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි කුඩු සළිඳුගේ සමීපතමයකු වන හපුආරච්චිගේ දොන් පියුම් හස්තික නමැති අයව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ඩුබායි සිට ඊයේ (15) මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව ගුවන්තොටුපොළේදී ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.Sri Lanka Latest News

ශ්‍රීලංකන් ගුවන් සමාගමට අයත් යූ.එල්. 226 අංකය දරන ගුවන්යානයෙන් ඩුබායි සිට ඔහුව මෙරටට රැගෙන එන ලද්දේ මුහුණ රෙදි කඩකින් ආවරණය කරගෙනය.

කුඩු සළිඳු ඩුබායිහි රැඳී සිටියදී ඔහුගේ කොන්ත්‍රාත්තුවකට අනුව පාණදුරේදී 2021 වසරේ ජනවාරි 25 වැනිදා මාවතගේ ලක්ෂාන් සඳරුවන් නමැති ධීවර කාර්මිකයකුට වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ගමන් කළ යතුරුපැදිය පැදවූ බවට පොලිසිය හඳුනාගෙන සිටියේ මෙම සැකකරුවය. ඒ සම්බන්ධයෙන් පාණදුර පොලිසිය එකල මෙම සැකකරුව අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කරමින් සිටියදී ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් ඩුබායි බලා පලා යන්නේ එම වසරේ පෙබරවාරි 09 වැනිදාය. එන්. 8885214 අංකය දරන විදෙස් ගමන් බලපත්‍රය ඊට පෙර දිනක එක්දින සේවාව යටතේ සකස්කරගෙන තිබිණ.

මෙම පුද්ගලයා මෙන්ම වෙඩික්කරුව ද පාණදුර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට සූදානමින් සිටියදී සැකකරුවන් පාණදුරෙන් පිටත පොලිස් කොට්ඨාසයක ප්‍රධානියකු හමුවට භාරවීමට නියමිතව සිටින බවට තොරතුරු එකල කියැවිණි. ඒ අනුව ධීවර කාර්මිකයාට වෙඩි තැබූ බව කියන ටී-56 අවියක් පාණදුරේ පිහිටි සුසාන භූමියකින් වෙනත් පොලිස් කණ්ඩායමක් සොයා ගත් අතර වෙඩික්කරු ගමන් කළේ යැයි කියන යතුරුපැදියක් ද බොල්ගොඩ ගඟේ ගිල්වා තිබියදී ගොඩ ගන්නා ලදි. එම ගිනිඅවියත් යතුරුපැදියත් සැබෑ අපරාධයට යොදා ගත් ඒවා නොවන බව පසුව අනාවරණය වී තිබිණි. මෙසේ විමර්ශන නොමඟ යැවීමකට ලක්කර වෙඩික්කරුත් යතුරුපැදිකරුත් රටින් පැන්නීමට කුඩු සළිඳු ඩුබායි සිට කටයුතු කර තිබිණි.

පියුම් හස්තික නමැති යතුරුපැදිකරු ගුවන්තොටුපොළින් රටින් පලා යන විට වෙඩික්කරු පලාගොස් තිබුණේ බෝට්ටුවක නැඟී ඉන්දියාවටය. ඒ අතර මෙම සැකකරුවන් කොටුකර ගැනීමට ලොකු වෙහෙසක් ගනිමින් සිටි පාණදුර කොට්ඨාසය භාරව එකල සේවයේ නිරතව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජය ඉරසිංහ මහතාට ස්ථාන මාරුවීමක් ද ලැබී තිබිණි. එම ස්ථාන මාරුවීමත් සමඟ එම වෙඩි තැබීම සම්බන්ධයෙන් වූ විමර්ශන ඇන හිට තිබිණි. පාණදුර උතුර පොලිස් ස්ථානය මඟින් එම වෙඩි තැබීමට අදාළ විමර්ශන කටයුතු 2023 වසරේ ජුනි 05 වැනිදා පොලිස්පති නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරෙන්නේ එය ඒ වන විට නොවිසඳුණු අපරාධයක් ලෙස පැවති බැවිනි. ඒ අනුව මෙම විමර්ශනය භාර වන්නේ මහජන පැමිණිලි අංශයටය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය ද සිය විමර්ශන ඔස්සේ හෙළිකර ගනු ලබන්නේ එදා වෙඩි තැබීම සඳහා වෙඩික්කරු පැමිණි යතුරුපැදිය පැදවූයේ කමරදූව, අරුක්ගොඩ, පාණදුර ලිපිනයේ පදිංචිකරුවකු වන හපුආරච්චිගේ දොන් පියුම් හස්තික බවය. පාණදුර අධිකරණයේ පාණදුර ම/උ බී 80950/21 විභාග වන එම වෙඩි තැබීමට අදාළ නඩුවේ 08 වැනි සැකකරු වශයෙන් 2023 වසරේ අගෝස්තු 23 වැනිදා නම් කරනු ලබන්නේ මෙම පුද්ගලයාවය. ඒ වන විට මෙම පුද්ගලයා රටින් පලාගොස් සිටි බැවින් ඔහුට එරෙහිව අධිකරණයෙන් රතු වරෙන්තුවක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගනු ලබන්නේ 2023 වසරේ නොවැම්බර් 02 වැනිදාය. ජාත්‍යන්තර පොලිසියේ සහාය මඟින් මෙරටට උදර්පනය කිරීමට එම නියෝගය නිකුත් කරනු ලබන්නේ 1030/11-2023 අංකය යටතේය.

මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශයට 2023 වසරේ ඔක්තෝබර් 31 වැනිදා තවත් අපරාධයක් සම්බන්ධයෙන් ද විමර්ශන පොලිස්පතිවරයා විසින් පවරා ඇත. ඒ 2022 වසරේ ජුනි 29 වැනිදා මොරටුව කටුබැද්ද මංසන්දිය අසලදී නිලන්ත කුමාර සහ මොහොමඩ් සාවුඩ් මොහොමඩ් සම්සාඩ් යන දෙදෙනාට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙනි. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර විමර්ශන පවත්වමින් තිබුණු එම ද්විත්ව ඝාතන විමර්ශනයේදී හෙළිවී තිබුණේ එම ද්විත්ව ඝාතනය ද එකල ඩුබායිහි රැඳී සිටි කුඩු සළිඳුගේ දැනුම්දීම මත පියුම් හස්තික ඩුබායි සිට මෙහෙයවා ඇති බවය.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 2022 වසරේ ඔක්තෝබර් 20 වැනිදා පියුම් හස්තික එම නඩුවේ 05 වැනි සැකකරු ලෙස නම් කර තිබී ඇත. එම නඩුව සම්බන්ධයෙන් ද 2023 වසරේ නොවැම්බර් 02 වැනිදා ඔහුට එරෙහිව ජාත්‍යන්තර පොලිසියේ සහාය ඇතිව ක්‍රියාත්මක වීමට රතු නිවේදනයක් නිකුත් කර තිබී ඇත. මීට අමතරව පියුම් හස්තික නමැති මෙම පුද්ගලයාට එරෙහිව හෙරොයින් මිලිග්‍රෑම් 01ට වඩා අඩු ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීමේ වරදකට පාණදුර දකුණ පොලිස් ස්ථානය මඟින් පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ගොනු කර තිබී ඇත. ඊට අදාළ නඩු කටයුත්තට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් 2021 වසරේ මාර්තු 18 වෙනිදා විවෘත වරෙන්තුවක් ද ඔහුට එරෙහිව නිකුත්කර තිබී ඇත. මෙම නඩුව නැවත අධිකරණයේ කැඳවීමට නියමිතව ඇත්තේ මෙම වසරේ මැයි 06 වැනිදාය.

2019 වසරේ දෙසැම්බර් 12 වැනිදා ගංජා සුරුට්ටුවක් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් ද මෙම සැකකරු පාණදුර දකුණ පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 2019 වසරේ දෙසැම්බර් 13 වෙනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් 1000ක දඩයක් නියම කර තිබේ. හෙරොයින් මිලිග්‍රෑම් 20ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ද පාණදුර මහේස්ත්‍රාත් අධිකරණයේ ඔහුට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබී ඇත. 2018 වසරේ අගෝස්තු 31 වැනිදා සිට මාස 03ක කාලයක් ඔහුව පුනරුත්ථාපනය කිරීමක් ද සිදු කර තිබේ.

මැඩගස්කරයේ සිට හරක් කටා සමඟ කුඩු සළිඳුව මෙරටට රැගෙන ආ පසු රඳවා ගැනීමේ නියෝග මත රඳවාගෙන කරන විමර්ශනවලදී ද මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගෙන ඇත. ඒ කුඩු සළිඳුගේ ජංගම දුරකතනය විශ්ලේෂණය කිරීමේදීය. එහිදී හෙළිවී ඇති තොරතුරුවලට අනුව 2022 වසරේ ජූලි 06 වැනිදා සිට 2023 වසරේ පෙබරවාරි 28 වැනිදා දක්වා අවස්ථා 53කදී රුපියල් මිලියන 83ක් පියුම් හස්තික ඩුබායි සිට කුඩු සලිඳුගේ වැඩිමල් සහෝදරයා වන සදීෂ් ගුණරත්න සමඟ ගනුදෙනු කර ඇත. පියුම් හස්තික මෙරට රැඳී සිටි කාලයේදී රිවෝල්වරයක ඡායාරූපයක් ඩුබායි ඒ වන විට සිටි කුඩු සළිඳුට වට්ස්ඇප් ඔස්සේ යොමුකර ඇති තිබෙන බවද හෙළිවී තිබේ. ධීවර කාර්මිකයාගේ ඝාතනයට යොදාගත්තේ එම රිවෝල්වරය දැයි සැකයක් ද මේ වන විට මතුවී ඇත. -දිනමිණ

SendShareShare
Previous Post

හිනාවුණා! මඩ ගැහුවා! කකුලෙන් ඇද්දා! බාධක දැම්මා! ඒ මොනවා කළත් නැවතුණේ නෑ! විපක්ෂයේ ඉඳගෙන මේ රටේ දුවාදරුවන්ගේ අනාගතය වෙනුවෙන් 100 වැනි සුහුරු පන්ති කාමරය අද විපක්ෂ නායක සජිත් කැස්බෑවේ පාසලකට ලබා දෙනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන යෝජනාව එන්නේ ජනාධිපතිවරණය නොතියා ඉන්න වෙන්න පුලුවන්! මහින්ද රාජපක්ෂ මුල්වරට කියයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.