කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ සිටි දරුවන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.
මේ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කළේ රෝහලේ පළමු වාට්ටුවේ හා 21 වන වාට්ටුවේ සිටි දරුවන් දෙදෙනෙකුට මෙලෙස කොරෝනා අසාදනය වී ඇති බවයි.
මේ වනවිට ඔවුන් IDH රෝහල වෙත යවා ඇති බවද දැනගන්නට ඇත.