මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත නව කොරෝනා අසාදිතයින් ඊයේ (08) දින වනවිට 19ක් වාර්තා වී ඇත.
ඒ අනුව මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල ආශ්‍රිත කොරෝනා පොකුරේ සමත ආසාදිතයින් ගණන 1053ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඊයේ දවසේ වැඩි අවධානය යොමු වුයේ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවකයින්ට වඩා ඔවුන්ගේ ආශ්‍රිතයින් කිහිපදෙනෙකු වෙත කොරෝනා අසාදනය වී තිබීම පිළිබඳවය.
ඒ අනුව දවසේ පළමු සිදු වීම තහවුරු කෙරුනේ කොළඹ ශාන්ත ජෝසප් විදුහලේ දරුවෙකුගේ භාරකරුවෙකු වෙත කොරෝනා ආසාදනය වීමේ සිදුවීමය.
ඉන් අනතුරුව කොළඹ කාසල් කාන්තා රෝහලේ සිටි ගැබිණි මවකට කොරෝනා අසාදනය වූ අතර ඒ මොහොතේ ඇය මෙම පොකුරට අයත්ද යන්න නිශ්චිතව සඳහන් වුයේ නැත. නමුත් ආශ්‍රිතයින් පිළිබඳ සොයා බැලීමකින් අනතුරුව තහවුරු වුයේ ඇයද මිනුවන්ගොඩ පොකුර හා සම්බන්ධ බවයි.
ඉන් අනතුරුව අද දහවල් වන විට මිනුවන්ගොඩ පොලීසියේ ආපන ශාලාවේ හිමිකරුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග මිනුවන්ගොඩ පොලීසිය තාවකාලිකව වසා දැමුනේ එහි සිටි නිලධාරීන් 85 දෙනෙකු නිරෝධායනය වෙත යවමිනි.
එමෙන්ම ඒ ආශ්‍රිත කාලසීමාවෙදී කොළඹ පිහිටි මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික විශ්ව විද්‍යාලයක් වන ICBT විශ්ව විද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ තම විශ්වවිද්‍යාලයේ සිසුවෙකුටද කොරෝනා ආසාදනය වී ඇති අතර ඔහු ඉකුත් ඔක්.04 වනදා විශ්ව විද්‍යාල භූමියට පැමිණ ඇති බවයි.
මේ අනුව තවමත් ඇතැම් ආසාදිතයින් හඳුනාගත් ප්‍රදේශ බලධාරීන් විසින් මෙතෙක් හෙළිකර නැහැ.
දැනට අනාවරණය වන ආකාරයට මිනුවන්ගොඩ , මීරිගම , දිවුලපිටිය,කුරුනෑගල හා කටාන , සීදුව,මහර,යාපනය ,මොනරාගල හා ජා- ඇළ යන ප්‍රදේශවලින් ආසාදිතයන් හඳුනාගෙන තිබේ.
එමෙන්ම ඊයේ සන්ධ්‍යාව වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සේවය කර දැනට බාහිර සමාජයේ සිටින පුද්ගලයින් 125ක් සෞඛ්‍ය බලධාරීන් වෙත භාර වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේය.
කෙසේ වෙතත් ඊයේ දවසේ මෙම ආසාදිතයන් 10 දෙනා වාර්තා වීමත් සමග රෝහල්වල ප්‍රතිකාර ලබන කොරෝනා අසාදිත ගණන 4,478 ක් වන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කරයි.