කළුතරදී රාජිත සේනරත්න මහතාට එරෙහිව සමගි ජන බලවේගයෙන්ම දැඩි ප්‍රහාරයක් එල්ල විය.
ඒ, අගලවත්ත ජාතික සංවිධායක ජගත් විතානගෙනි.
ඒ මහතා කියා සිටියේ කළුතරින් ඇප තැන්පත් කොට රාජිත සේනාරත්න මහතා රනිල් සහ ආණ්ඩුව හොද බව කියමින් ප්‍රකාශ නිකුත් කොට ඇති බවත්, මේ අවස්ථාවේ රටට ඡන්ද අනවශ්‍ය බව ප්‍රකාශ කොට ඇති බවත්ය.
මෙවැනි පුද්ගලයන් දේශපාලන පිටියෙන් ඉවත් කිරීමේ සටන ආරම්භ කරන බවද විතාන මහතා කීය.










