• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘රාජ්‍ය රහස්’ එදා අවදානමක් අරන් ‌මෛත්‍රීට කරපු අනතුරු ඇගවීම

February 1, 2020
in Exclusive, Rajya Rahas
Reading Time: 1 min read
A A
‘රාජ්‍ය රහස්’ එදා අවදානමක් අරන් ‌මෛත්‍රීට කරපු අනතුරු ඇගවීම
Share on WhatsAppShare on Facebook

‘කෙසේ වෙතත් ජනාධිපතිවරයා මුලින්ම කියා සිටියේ තමන් මෙම ප්‍රහාරය පිළිබඳව කිසිදු තොරතුරක් දැන සිටියේ නැතැයි කියාය. අවම වශයෙන් ආරක්‍ෂක ලේකම්වරයා හෝ පොලිස්පතිවරයා හෝ තමන්ට මේ බව දැනුම් නොදුන් බව කියා සිටි ජනාධිපතිවරයා මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙම ප්‍රහාරයේ වගකීම භාරගත යුතු බවද සඳහන් කර සිටියේය. ජනාධිපතිවරයාගේ මෙම ප්‍රකාශය රටේ ජනතාව කොතරම් දුරට පිළිගත්තේද යන්න සඳහන් කිරීමට අපට නොහැකි වුවත්, ලංකාවේ මාධ්‍යවලත්, පිළිගත් ඇතැම් වෙබ්අඩවිවලත් ජනාධිපතිවරයාට මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් කලින් තොරතුරු දැනුම් දුන් බවට වූ පුවත් නම් පළවූ ආකාරයක් පසුගිය සතියේදී දැකගන්නට ලැබිණි. මුලින්ම එම පුවත පළ වූයේ රටම දන්නා ලංකාදීප, ඬේලි මිරර්, සන්ඬේ ටයිම්ස් යන පුවත්පත් මුද්‍රණය කරන විජය පුවත්පත් සමාගමේම තවත් එක් පුවත්පතක් වූ ‘ඬේලි එෆ්.ටී’ පුවත්පතේය. පසුගිය සඳුදා දිනයේදී විශේෂ පුවතක් ලෙස පළ කරමින් ඔවුන් කියා සිටියේ මෙවන් ප්‍රහාරයක් එල්ල වන බවට විදෙස් බුද්ධි අංශ විසින් සිදුකරනු ලැබ තිබූ අනාවරණයන් පිළිබඳව අවම වශයෙන් අවස්ථා තුනකදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මෙරට රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා කටයුතු කර ඇතැයි කියාය. ඉකුත් අප්‍රේල් 11 වැනි දිනත්, අප්‍රේල් 16 වැනි දිනත් පෞද්ගලිකවම ජනාධිපතිවරයා මුණගැසී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම තොරතුරු ජනාධිපතිවරයාට දැනුම්දී තිබූ බවද ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පත අනාවරණය කර තිබිණි. එමෙන්ම අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව ජනාධිපතිවරයා සිදුකළ ඉන්දීය සහ සිංගප්පූරු සංචාරයන් අතර, එනම් අප්‍රේල් 20 වැනි දින නිලන්ත ජයවර්ධන මහතා දුරකතනයෙන් ජනාධිපතිවරයාට මෙම තොරතුරු දැනුම්දුන් බවද එම පුවත්පත අනාවරණය කර තිබිණි.
ඊට දිනකට පසු තවත් පිළිගත් වෙබ් අඩවියක් වන කලම්බෝ ටෙලිග්‍රාෆ් අඩවියේ මෙම පුවත මේ හා සමාන ආකාරයකින්ම පළකිරීමට කටයුතු කර තිබිණි. එමෙන්ම පසුගිය අඟහරුවාදා දින මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් නලින් බණ්ඩාරත්, තුෂාර ඉඳුනිල් අමරසේනත් මෙම කරුණුම අනාවරණය කර තිබූ අතර, ඔවුන්ද තවදුරටත් කියා සිටියේ මේ සම්බන්ධයෙන් පත්කළ කමිටුව මඟින් ලැබෙන වාර්තාව අනුව ඉදිරියේදී වැරැදිකරුවන්ට එරෙහිව පැහැදිලිවම මැදිහත් වී කටයුතු කිරීමට එජාපය සූදානමින් සිටිනවා යැයි කියාය.
කෙසේ වෙතත් ඬේලි එෆ්.ටී. පුවත්පතත්, කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවියත් අනාවරණය කළ මෙම කරුණුවල සත්‍ය අසත්‍යතාව කුමක්ද යන්න තවමත් නිශ්චිතව අනාවරණය වී නැතත් ජනාධිපතිවරයා මැයි පළමුවැනිදා පදනම් ආයතනයේදී පැවැති කම්කරු උත්සවයේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීමට පියවර ගෙන තිබිණි. එහිදී නැවැත වතාවක් තමන් ඒ පිළිබඳව නොදැන සිටි බව කී ජනාධිපතිවරයා කමිටු වාර්තාව ලැබුණු සැණින් වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට තමන් කටයුතු කරන බවත්, අයි.එස්. ත්‍රස්තවාදය නිශ්චිතව මෙරටින් තුරන් කිරීමට තමන් සූදානම් බවත් සඳහන් කර සිටියේ සියල්ලන්ගේම අත්පොළොසන් හඬ මධ්‍යයේය.’

මේ අප මීට මාස 9කට ඉහතදී අප එනම් 2019 මැයි 05 වැනි දින අප ‘රාජ්‍ය රහස්’ තීරය තුළින් සිදුකරනු ලැබූ අනාවරණයක්ය. ඒ අවස්ථාවේ විශාල අවදානමක් ගෙන අප මෙම අනාවරණය කළේ පාස්කු ප්‍රහාරයෙන් හරියටම දවස් 14කට පසුවය. නැතිනම් සති 2කට පසුය. එදා පාස්කු ප්‍රහාරයේ වගකිවයුත්තන් පිළිබඳ අනෙකුත් සිංහල පුවත්පත් අකුරක්වත් ලියන්නට බියවූ කාලයකි. එහිදී අපි පැහැදිලිවම ‘ඬේලි එෆ්.ටී.’ පුවත්පත සහ ‘කලම්බු ටෙලිග්‍රාෆ් වෙබ් අඩවිය උපුටා දක්වමින් මේ තොරතුරු රටට අනාවරණය කිරීමට කටයුතු කළෙමු. අපගේ එම අනාවරණය එකල ජනාධිපති ලේකම් කාර්යාලය හෝ පොලිස් මාධ්‍ය ඒකකය හෝ හිටපු බුද්ධි අංශ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා හෝ ප්‍රතික්‍ෂේප කිරීමට කිසිදු අවස්ථාවක ඉදිරිපත් වනු දැක ගන්නට ලැබුණේ නැත.
ඒ වෙනුවට හිටපු ජනාධිපති මෙම ප්‍රහාරයේ වගකීම ඒ වන විටත් වෙනත් පාර්ශ්වයන් වෙත හැරවීමට පියවර ගෙන තිබිණි. තමන්ට ඒ පිළිබඳ කිසිවකු තොරතුරු වාර්තා නොකළ බවත්, ඒ පිළිබඳ කිසිදු අවස්ථාවක වගකිවයුත්තන් තමන් දැනුවත් නොකළ බවත් කියමින් මෛත්‍රි, හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා පිට වැරැද්ද පැටවීමට පියවර ගත්තේය.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සොයා බැලුණු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී එතෙක් හෙළි නොවුණු කරුණු කිහිපයක්ම හෙළිවිය. ඉන් පළමුවැන්න වූයේ ආරක්‍ෂක අමාත්‍යවරයා ලෙස මෛත්‍රිපාල නිසි අයුරින් ආරක්‍ෂක මණ්ඩලය රැස්කර නොමැති බවත්, ඔක්තෝබර් 26 වැනි දින සිදුවූ කුමන්ත්‍රණකාරී ආණ්ඩුව පෙරළියෙන් පසු කිසිම අවස්ථාවක අගමැතිවරයා සහ පොලිස්පතිවරයා ආරක්‍ෂක මණ්ඩල රැස්වීම්වලට කැඳවා නැති බවත්ය.
එමෙන්ම ප්‍රහාරය සිදුවන අවස්ථාවේ පවා මෛත්‍රි සිටියේ සිංගප්පූරුවේය. අඩුම තරමින් ප්‍රහාරය සිදු නොවුණා නම් මෛත්‍රි සිංගප්පූරුවේ ගිය බවක් මේ රටේ කිසිම කෙනකු නොදැන සිටිනවා නොඅනුමානය. මන්ද යත් මෛත්‍රී ඒ වන විට රටටම කියා තිබුණේ තමන් ඉන්දීය සංචාරයක නිරත වනවා යැයි කියාය. නැතිනම් බැංගලෝරයේ වන්දනා චාරිකාවක නිරතව සිටිනවා යැයි කියාය. නමුත් එතැන් සිට කිසිවකුටත් නොකියා මෛත්‍රි සිංගප්පූරුවේ ගියේ ඇයිද යන්නත්, එසේ ගොස් දින තුන, හතරක් සිංගප්පූරුවේ කළේ මොනවාද යන්නත් අදටත් පිළිතුරක් නොමැති ප්‍රශ්නය. එපමණක් නොව ප්‍රහාරය සිදුවී ජීවිත විශාල ප්‍රමාණයක් බිලිගත්තත් ඊළඟ ගුවන් යානයේ නැඟී මෛත්‍රි ලංකාවට නොපැමිණියේ ඇයිද යන්න පිළිබඳවත් අද වන විට ඇත්තේ බරපතළ ප්‍රශ්නයකි. ඒ අවස්ථාවේදී පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව මෛත්‍රිගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා තිබුණේ ගුවන් යානාවක ආසනයක් වෙන්කර ගැනීමට තිබූ අපහසුතාව නිසා මෙසේ ලංකාවට පැමිණිමට නොහැකි වූවා යැයි කියාය. නමුත් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව පසුව කළ විමර්ශනයකදී එවකදී ලංකාවට පැමිණ තිබූ සිංගප්පූරු ගුවන් යානාවල හිස් ආසන අවශ්‍ය තරම් තිබී ඇති බවත්, මෛත්‍රි කියා ඇත්තේ අමු කෙප්පයක් බවත් අනාවරණය කරගැනීමට සමත්ව තිබිණි.
කෙසේ වෙතත් මෛත්‍රි කළ මේ කටයුත්ත ඔහු යටතේ කිසිසේත්ම හෙළිදරව් නොවනු ඇති බවත්, වෙනත් රාජ්‍ය නායකයකු යටතේ හෙළිදරව් වනු ඇති බවත් අපි එකල රාජ්‍ය රහස් තීරය ඔස්සේ අනාවරණය කර සිටියෙමු. අප කළ ඒ අනාවැකිය සත්‍ය වන ආකාරයක් මේ වන විට පෙනෙන්නට ඇත්තේ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කමිටුවත් පත්කිරීමත් සමඟය. ගෝඨාභය එසේ කළේ ජනාධිපතිවරණ සමයේ දුන් පොරොන්දුවක් ඉටුකිරීමක් ලෙසටය.
ඒ අනුව මේ වන විට රිමාන්ඞ් බන්ධනාගාරගතව සිටින හිටපු ආරක්‍ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුත්, පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාත් අදාළ කමිටුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට අවශ්‍ය බව දැනුම් දී තිබේ. පසුගිය සතියේ අදාළ කමිටුව වෙත ලිපි යොමු කරමින් දෙදෙනාම මේ බව දැනුම් දී ඇති බවක් දැනගන්නට ඇත. ඒ අනුව අපට දැනගන්නට ඇති තොරතුරුවලට අනුව මේ දෙදෙනාම ජනපති විමර්ශන කමිටුව හමුවේ මෙතෙක් කිසිවකු නොදැන සිටි රහස් රැසක් හෙළිදරව් කිරීමට සූදානමින් සිටින බව කියවේ. ඒ අනුව ඉදිරියේදී පාස්කු ප්‍රහාරයේදී වගකීම් විරහිතව කටයුතු කළ නියම පුද්ගලයන්ගේ තොරතුරු හෙළිදරව් වීමට නියමිත බව දැනගන්නට ඇත.
මීට අමතරව පසුගිය සතියේදී ආණ්ඩුවේත්, විපක්‍ෂයේත් ප්‍රධාන නියෝජිතයන් දෙදෙනකුම මාධ්‍ය සාකච්ඡා පවත්වා පාස්කු ප්‍රහාරයට ඍජුවම හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සම්බන්ධ බවට ප්‍රසිද්ධියේම කියා සිටීම විශේෂ සිදුවීමක් විය. මෙහිදී ආණ්ඩුව නියෝජනය කරමින් චෝදනාව එල්ල කළේ රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාය. රොෂාන් මෛත්‍රිගේ උපන්ගම වූ පොළොන්නරුවම නියෝජනය කරන ආණ්ඩුවේ අමාත්‍යවරයෙකි. ඒ අනුව රොෂාන් කියා සිටියේ මෙම ප්‍රහාරය වළක්වා ගතහැකිව තිබූ බවත්, බුද්ධි තොරතුරු නිසි ලෙස ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් වගකීම් විරහිතව කටයුතු හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පමණක් නොව අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද ප්‍රශ්න කළ යුතු බවත්ය. විපක්‍ෂය වෙනුවෙන් කතා කළේ රංගේ බණ්ඩාරය. රංගේ නම් ඍජුවම එම චෝදනාව එල්ල කළේ මෛත්‍රිටය. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හරිහැටි වගකීම් ඉටු නොකළ මෛත්‍රි වහාම අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවද එහිදී කියා සිටියේය.
ඒ අනුව බොහෝ දුරට ඉදිරි දින කිහිපය ඇතුළත මෛත්‍රිට මේ සම්බන්ධයෙන් යම් තැනක සාක්‍ෂි දීමට සිදුවුවහොත් එහි පුදුම වන්නට දෙයක් නැත.

SendShareShare
Previous Post

හ‌ේමසිරි-පූජිත කට අරින්න සූදානම්: ‌මෛත්‍රීපාල ‌කොටුවෙන්න ළගයි

Next Post

කොරෝනා ‌ලෝකයම ගිලගනියිද?

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.