තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙසට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ වරෙන්තු බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු මුදල් අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක රවී කරුණානායක මහතා ඇතුළු හතර දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ.
එම පෙත්සම් හෙට (11) සළකා බැලීමට අභියාචනාධිකරණය අද (10) තීන්දු කළේය.
එසේම පෙත්සම් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දැක්වීම සඳහා පෙත්සම් හි වගඋත්තරකරුවන් වන නීතිපති, වැඩබලන පොලිස්පති ඇතුළු හය දෙනෙකුට නොතීසි දන්වා යවන්නැයි ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට දැනුම් දුන්නේය.










